Test Paper 06

331 28 99
                                    

වෙලාව යද්දි අපේ පන්තියේ ඉතිරි ලමයි ටිකත් ආවා...බයෝ පන්තියක් වුණාට ඇත්තටම අපි කරන වැඩ මොන්ටිසෝරි ලමයි පරාදයි.....

"මිස්...අපි බයෝ නේ.....ඒක නිසා අපිට ප්‍රැක්ටිකල්වලට මාලු ටැංකියක් හදන්න ද?"

කලණ ඇහුවේ අපේ අංශභාර වත්සලා මිස්ගෙන්...මිස් උගන්නන්නේ chemistry.මිස්ට බයෝ ගැන දැනුමක් නම් නෑ.....

"හා...හා....කරන්නකෝ...."

මිස් නහයෙ කෙලවරට වැටිලා තිබ්බ කන්නාඩිය දබර ඇගිල්ලේන් උඩට තල්ලු කරන ගමන් කිව්වා.. .

ඔහොම තමයි අපේ පන්තිය ඉස්සරහම මාලු ටැංකියක් ආවේ.....

තව කිව්වොත් අපේ පිනා...අපේ ප්‍රින්සිපල් ආර්ට් කරපු කෙනෙක්...එයාට නිකන් සයන්ස් මැජික් වගේ.....
මට මතකයි එක පාරක් අපේ එක්ශිබිශන් එකක් තිබ්බා...ඕකේ මට තිබ්බේ අණ්වීක්ශවලට ස්ලයිඩ් දාලා පෙන්නන්න...අන්වීක්ශ දහයක් ගත්ත මං එකකට ලූණු සිවියක් දැම්මා...අනිත් එකට බුලත් කොලයක් හූරලා දැම්මා...රෝහියෝ යටි අපිචර්මෙකුත් දාලා ඊලග එකට මගේ කම්මුලේ ඇතුල් පැත්ත හූරලා කොපුල් සයිල ටිකක් හූරලා අරන් දැම්මේ විහස්නා "ඊයා බං" කියද්දී.කොහොම හරි එදා ඒවා බලපු පිනා....ශා වාව්...මාරයි හරිම ලස්සනයි කියලා මට හොද කියලා ගියේ හරියට මං ඒවා හොයාගත්තා වගේ......

සයන්ස් එකට ස්පෙශල් වරප්‍රසාද ගොඩක් තිබ්බා ඒක නිසා....
ආර්ට් කොමස් ලමයින්ට අවේලාවෙ ඇවිදින්න තහනම් වුණාට අපිට එහෙම නෑ....අර ලැබ් එකට යනවා...ලයිබ්‍රි එකට යනවා කියලා අපි එලියෙමයි.....

"අඩෝ මොකටද මෙච්චර පාන් පිටි?"

"රොටි හදන්න" මං අහපු ප්‍රශ්නෙට පාන් පිටි බෑග් එකක් අතේ තියන් පන්තිය ඇතුලට ආපු අශිනි උත්තර දුන්නා...

"අඩ්ඩේ.....මං කෑමත් ගෙනාවා.....බිත්තරේකුත් තිබ්බා නම් මරු හැබැයි....."

මං එහෙම කියද්දී සමහරු හිනා වෙද්දි යෂ් කිව්වේ "ඕ උබට මතකනේ බිත්තර තම්බලා වෙච්ච දේ..."

ඒක මෙහෙම සීන් එකක්.....එදා කරේ ආහාර හදුනා ගැනීමේ පරීක්ශා...බිත්තර දෙක තුනක්ම තිබ්බා...ඉතින් බයියුරේට් එකට ඕනේ බිත්තරෙන් 2ml වගේ නේ.....බිත්තර ගොඩක් ඉතිරි වෙලා තිබ්බා....

A/ලෙවල් (Ongoing)Where stories live. Discover now