ඒ වගේම අපි අන්තිම වතාවට හම්බෙලා දැනට අවුරුදු පහක් විතර වෙනවා.. මට ඔයා නැතුව පාලුයි අයියෙ.. මට මගේ කියලා කියන්න හිටියෙ ඔයා විතරනෙ.. ඔයා කොහෙහරි හොඳින් ඇති කියලා මං හිතනවා.. ටික කාලෙකට හරි මං එක්ක ඉඳලා මට ආදරේ කලාට, මගෙ ආදරේ පිලිගත්තට ඔයාට ස්තූතියි.. මට පාලුයි.. මං ඔයාට ආදරෙයි අයියෙ.. අන්තිමේදි මොනා වුණත් මං දන්නවා ඔයත් මට ආදරේ කලා කියලා..
සෙවිංසගෙ මතකෙ ඇදිලා ගියෙ දැනට අවුරුදු දොලහකට කලින් සෙයාන් එයාට ආදරෙයි කියලා කියපු දවසට..
" සෙවිංස.. "
" ම්ම්.. "
එයාලා හිටියෙ ළමා නිවාසෙ පිටිපස්සෙ මිදුලෙ ඇට්ටේරියා ගහ යට..
" මොන දේ වුණත් ඔයා මාව දාලා යන්නෑ නේද.. "
" නෑ.. ඇයි එහෙම අහන්නෙ?? "
" මොනම හේතුවක් නිසාවත්?? "
" ම්හ්.. ඔයා මොකක්හරි ප්රශ්නෙකද අයියෙ.. "
" එහෙම නෙවේ.. ඇත්තටම කිව්වොත් මට ඔයාට කියන්න දෙයක් තීනවා සෙවිංස.. "
" කියන්න ඉතින්.. "
" ප්ලීස් මාව වැරදියට තේරුම් ගන්නෙපා සෙවිංස.. "
" හ්ම්.. "
" මං- මං කෙනෙක්ට ආදරේ කරනවා.. "
" ඉතින්?? ඒකෙ වැරදියට තේරුම් ගන්න දෙයක් නෑනෙ.. "
" එයා කොල්ලෙක්.. "
" ....... "
" මාව වැරදියට තේරුම් ගන්න එපා සෙවිංස.. ප්ලීස් මාව දාලා යන්නෙපා.. මට ඉන්නෙ ඔයා විතරනෙ.. "
" මං කිව්වනෙ නෑ කියලා.. ඉතින් එයා මං දන්න කෙනෙක්ද.. "
" හ්ම්ම්.. "
සෙවිංසට දැනුනෙ එයාගෙ උගුර හිරවෙනවා වගේ..
" ම්ම්.. එයා දන්නවද.. "
" මං නම් තාම කිව්වෙ නෑ.. ඒත් එයා දන්නවා ඇති.. සමහරවිට.. "
" ම්ම්.. "
" ඔයාට ඒ කව්ද කියලා දැනගන්න ඕනි නැද්ද සෙවිංස.. "
" නෑ.. මට ඒ කෙනාගෙ නම අහන්න තරම් හයියක් නෑ අයියෙ.. "
" සෙවිංස!! "
" මට සමාවෙන්න අයියෙ.. මං හිතලා කලේ නෑ.. මං කොහොමහරි ඒක අමතක කරන්නම්.. ප්ලීස් මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. මට ඉන්නෙත් ඔයා විතරයිනෙ.. "
YOU ARE READING
ලැබුනෝතින් වරම්...
Kısa Hikaye" ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලෙ නවතින්න තිබුණා... මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා... "