"ලැජ්ජා නැතුව තව බලන්නත් ආවද! තෝ රෙදි ඇඳගෙනද ආවෙ?"
යන්තම් ඇස් දෙක පියාගත්තා විතරයි ඒ ටිකට මූ ආයෙ මරාගන්න හදනවා.මූ ජීවත් වෙලා ඉන්නකන් මට කවදාවත් නිදහසේ නිදාගන්න වෙන එකක් නෑ.ඒත් නිමේක්ෂ අයියා මොකටද මෙහෙ ආවෙ.
සයාශ් අයියා පුදුම ලෝභකමකින් මං නිදි අතරෙ කාමරෙන් එලියට ගියේ ගංගා නැන්දා කතා කරපු හින්දා.හැබැයි පහළට ගියහම තමයි පොර දැක්කෙ කවුද ඇවිත් ඉන්නෙ කියලා.ඒ නිමේක්ෂ අයියයි නිම්නයි.උන් දෙන්නා මෙහෙ ආව කියන්නෙ දැන් මෙතන ආයෙත් ලොකු ගින්නක් ඇවිලෙන එක තමයි.සයාශ් අයියගෙ නපුරු ඇස් නිමේක්ෂ අයියගෙ උකුසු ඇස් එක්ක ගැටෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ සගෝ.සයාශ් අයියගෙ ආගන්තුක සත්කාර කොච්චර හොඳද කීවොත් පොර නිමේක්ෂ අයියව පිළිගත්තෙත් උගෙ ටීෂර්ට් එකේ බෙල්ල හරියෙන් ගුලි කරලා අල්ලගන්න ගමන්.
"තෝ දන්නැති මගුල් ගැන කියවන්නැතුව හිටහන් සයාශ්! මං ආවෙ උඹව බලන්න නෙවෙයි!" නිමේක්ෂ අයියත් ගේම අතෑරියෙ නෑ.ඌත් ආපිට සයාශ් අයියට කියවගෙන ආවෙ ඌව අඩියක් දෙකක් පස්සට තල්ලු කරවගෙන.හොඳ වෙලාවට ගංගා නැන්දා ටිකකට කලින් ටවුන් එකට ගිහින් හිටියෙ.
"මොනාද බල්ලො තෝ කියවන්නෙ! උඹ මොනවද අර පොඩි එකාට කීවෙ? ඇයි උඹ එහෙම කළේ නිමේක්ෂ? උට මොනාහරි වුනානම්?" සයාශ් අයියගෙ ඇස්වල තිබ්බ තරහ නිමේක්ෂ අයියත් ඒ වෙලාවෙ පැහැදිලිව දකින්න ඇති.ඒත් ඌත් ගේමටමයි ආවෙ.එක්කො මුංගෙන් එකෙක් නිවෙන්න ඕනි මගුල! ඔක්කොම පත්තු වුනාම කවුද ඩෝ අන්තිමට ගිනිකෙලි බලන්නෙ? මුංට මොළේ තිබ්බට වැඩක් නෑ කිසිම ප්රායෝගික දැනුමක් නෑ හුම්.
"යකෝ! දැන්ද මංද මෙතන වැරදිකාරයා?? මතක් කරගනින් සයාශ්! තෝ එදා මරන්න ගියෙත් ඌවම තමයි!!"
නවත්තගනින් බම්ලෝ! නිමේක්ෂ අයියා සයාශ් අයියව තල්ලු කරපු විදියට සයාශ් අයියනම් මෙදා පාර මුට නොගහා ඉන්න එකක් නෑ.මේ වෙලාවෙ උගෙ නහර පවා ඉලිප්පිලා තිබ්බෙ හරියට... එදා ඌ මගෙ බෙල්ල මිරිකන්න ආව වෙලාවෙදි වගේමයි.
"මගෙ එකාව මරාගන්න තරම් මගෙ මොළේ කුරුවල් වෙලා නෑ මිනිහෝ!"
සයාශ් අයියා අත මිටමොලවන් දත් මිටි කාගෙනම නිමේක්ෂ අයියගෙ පැත්තට ආවෙ උගෙ දත් දෙකකට වඩා බඩට යන විදියෙ ෂොට් එකක් ගහන්න බලන්.හැබැයි උගෙ වාසනාවකට වගේ ඒ වෙලාවෙ ඒ ෂොට් එක වැදුනෙ වෙන කොහෙවත් හිටපු එකෙක්ට.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30