21..විසි එක්වෙනි දිගහැරුම...🍃

805 122 87
                                    

🕊️🕊️ තටු 🕊️🕊️.............

🕊️🕊️ තටු 🕊️🕊️

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

.
.
.
.

ඊලඟට මීට විනාඩි කිහිපයකට පෙර සිදුවූ බීම සිදුවීමත් කලනට සිහිවුනේය..........

" දහම් මල්ලි......."

සෑහෙන වෙලාවක් දහම් දෙස බලාගෙන සිටි කලන ආයුගේ ගායනයෙන් පසුව ඔහුට කතාකලේය..........

**
" අයියා......"

තමන් මෙතරම් වෙලාවක් ආයු දෙස ඇසිපිය නොහෙලා බලාගෙනම සිටි බව සිහිවී සියුම් අපහසුතාවයක් සමඟින්ම දහම් කලන දෙසට හැරුනේය..

" කොහොමද ඉතින් මැරේජ් ලයිෆ් එක...."

දහම්ගේ මුහුණ වෙතට ඔහුට නොදැනෙන්නට පරීක්ෂාකාරී බැල්මක් හෙළමින් කලන අසද්දී ඇත්තෙන්ම දහම්ගේ මුහුණ මැලවී ගියේය ...ඔහු බර හුස්මක් ද හෙලුවේ ය....

" ලොකු වෙනසක් නෑ අයියා... "

ඒ කසාද ජීවිතය පිළිබඳව ඉතින් ඒ වචන කිහිපයෙන්ම කලන බොහෝ දේවල් තේරුම් ගත්තේය . කොහොමත් ඉතින් බලහත්කාරයෙන් සිදුකල ඒ කසාදය පිලිබඳව පවුලේ බොහෝ දෙනා නොදන්නවා නොවේ...

" ඔන්න අපි නම් දරු සුරතල් බලන්න හදන්නේ.....ඔයාලගේ ප්ලෑන් එක මොකක්ද ......"

දැන දැනම,  ආරවුලක් තිබෙන බව දැන දැනම කලන දැන් මේ දේවල් පිළිබඳව විමසන්නේ ඔහුගේ හිතට දැනී තිබෙන කුතුහලය නිසාවෙන් විය යුතුය...ඇත්තෙන්ම ඉතින් ඔහුගේ ප්‍රශ්නයත් සමග සුදු මැළිවී තිබෙන දහම්ගේ මුහුණ තවත් ටිකක් සුදු මැළි වී ගියේය...ඊට අමතරව ඔහු කෙලින්ම කලන ගේ මුහුණ දෙස බලන්නේ නැතිව බිම බලා ගත්තේය...

" දෙන්න දෙපැත්තේ ඉන්නකොට මොන ළමයිද නේද මල්ලි....."

දහම්ගේ අපහසුතාවය දැනගත් පසුව හිතට පසුතැවිලි දායක බවක් ඇතිවුණු නිසානම් කලන එලෙසින් කියද්දී ඔහු යළිත් හිස ඔසවා කලන දෙස බලා ඔව් යැයි කියන්නට හිස සැලුවේය ...ඉතින් මේ කතා බහ අතර සහස් ගේ ගීතයත් අවසන් වී තිබුණි .... ඒත් සමගම කලණ ගේ දුරකථනයට ඇමතුමක් ආවේය....ඉතින් ඔහු දහම්ට එතැනම වාඩිවී ඉන්න යැයි අතින් සන්කර සද්ද බද්ද  අඩුු තැනකට ඇවිද යද්දී දහම් යළිත් වේදිකාව වෙතට ඔහුගේ අවධානය යොමු කළේය ... ඉතින් මෙතැන සිදුවුණු සියල්ල කෙසේ වෙතත් දහම් අසරණ වී වේදනාවෙන් බිම බලාගෙන සිටින ආකාරය දෙස අවධානයෙන් බලාගෙන සිටි ආයු දහම් ඔහු දෙස බලනවාත් සමගම ඇස්වලින් ඇයිදැයි අසද්දී කිසිවක් නැහැයි කියන්නට දහම් හිස සැලුවේය ....

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............Onde histórias criam vida. Descubra agora