මට යන්තම්ට වගේ සිහිය එනකොට මම දැක්කෙ අශාන්ව.එයා මගේ නම කිය කිය මට කතා කරා.
මම බොහොම අමාරුවෙන් නැගිට්ටා.තාම මට කිසිදෙයක් හිතාගන්න බෑ.අශාන් මගේ දිහා බලාගෙන ඉන්නවා.මම ටික වෙලාවක් එහෙමම හිටියා.මට හරියටම සිහිය ආවට පස්සෙ මම අපි ඉන්න තැන ගැන බැලුවා.අපි ඉන්නෙ ටිකක් ලොකු පිට්ටනියක වගේ තැනක.ඒ පිට්ටනියේ කිසිම දෙයක් තිබුනෙ නෑ.හිටියෙ අපි දෙන්නා විතරයි.ඒ වගේම මම දැක්කා අශාන්ගෙ අතේ වොලිබෝලයක් වගේ බෝලයක් තියෙනවා.මම ටික ව්ලාවක් වටපිට බලලා.
"අශාන් අපි මේ කොහෙද ඉන්නේ"කියලා අශාන්ගෙන් ඇහුවා.
"උඹ හිතන්නෙ කොහේ කියලද?"
"අර මනුස්සයා ඔයාව සිහි නැති කරනවා විතරයි මට මතක.අපි කොහොමද මෙතනට ආවෙ කියල නම් මට කිසිම මතකයක් නෑ."
"ඒක නෙවෙයි මේක දිහා බලන්නකෝ"කියලා අශාන් මට කිව්වා.
"ඔය වොලිබෝලයක්නෙ"මම බෝලෙ දිහා බලලා ආපහු වටපිට බලන්න ගත්තා.
"මේක වොලිබෝලයක් තමයි ඒත බලන්නකො මට කරන්න පුලුවන් දේ"කියනකොට මම ආපහු නිශාන් පැත්ත හැරුනා.
"කෝ උඹේ අතේ තිබුන බෝලෙ කියලා"මම අශාන්ගෙන් ඇහුවා.අශාන් වචනයක්වත් කතා නොකර ඇගිල්ලෙන් මට උඩ බලන්න කියලා පෙන්නුවා.දෙයියනේ…මේක වෙන්නෙ කොහොමද අශාන්ගෙ අතේ තිබුනා වොලිබෝලෙ අහසෙ පාවෙනවා.මම ඉතින් වොලිබෝල විතරක් නෙමෙයි.අශානුත් පාවෙනවා දැකලා තියෙනක හින්දා ඒකට මම එච්චර පුදුම උනේ නෑ.ඒත් පුදුමහිතෙන දේ තමයි අශාන් තමයි ඒ බෝලෙ පාලනය කරන්නෙ.මම ඒක දැනගත්තෙ අශාන් අත හසුරුවන විදියට තමයි බෝලෙ පාවෙන්නෙ කියලා මම දැක්ක නිසා.
"ඔයා කොහොමද මෙහෙම කරන්නෙ"කියලා මම අශාන්ගෙන් ඇහුවා.
"මම නැගිටිනකොට මෙතන ලමයි ගොඩක් හිටියා එයාල එක එක අමුතු දේවල් කරකර තමයි හිටියෙ.සමහර අය අහසෙ පා වෙනවා.තව කට්ටියක් cricket ගහනවා.ඒ කට්ටිය cricket පිටිය මැද තමයි මම සිහිය නැති වෙලා වැටිලා තියෙන්නෙ.මම නැගිටිනවත් එකක්ම ලමයෙක් වේගෙන් දුවගෙන ඇවිත් බෝලයක් දැම්මා.ඒ බෝලෙ ආවෙ මම ඉන්න පැත්තටමයි.මම බෝලෙ එන දිහා බලාගෙන හිටියා.මගේ ගාවට බෝලෙ ඇවිල්ලා මගේ ඉස්සරහ නතර උනා.මට හිතාගන්න බැරි උනා මෙච්චර වේගෙන් ආව බෝලෙ එකපාරටම නැවතුනේ කොහොමද කියලා.ඒක නෙවෙයි අමුතුම දේ බෝලෙයක් සාමාන්‍යයෙන් බිමට වැටෙනවානෙ ඒත් මේ බෝලෙ එහෙම උනේ නෑ.මේ බෝලෙ අහසෙ පා වෙවී තිබුනා.ඊලඟට බෝලෙ ආපහු බෝලෙ දාපු කෙනා ලගට ගිහින්.
"No ball…කියලා කිව්වා.ඒ වගේම බෝලෙ කණ්ඩායම් දෙක දැනට රැස් කරලා තියෙන ලකුණු සංඛ්‍යාව වගේ විස්තර ගොඩක් කිව්වා.මට හිතාගන්න බැරි උනා වෙච්ච දේ.එක පාරටම අර බෝලෙ දාපු ලමයා මගේ දිහා බලලා ඔතනින් අයින් වෙන්න කියලා අතෙන් මොනව හරි කරා.එතකොට මම අහසෙ පා වෙලා වගෙ ගිහින් වැටුනා.එතකොට මට ආපහු සිහිය නැති වුනා.ආපහු නැගිටිනකොට ඒ කිසිම ලමයෙක් හිටියෙ නෑ."
"එතකොට කොහොමද ඔයාට මේ බෝලෙ ලැබුනෙ.මම අශාන්ගෙන් ඇහුවා.
"මම නැගිටිනකොට ඔයා ඈත වැටිලා හිටියා.මට ඔයාගෙ ලග තිබිලා තමයි මේ බෝලෙ හම්බවුනේ.
"ඒත් කොහොමද ඔයා මේ බෝලෙ අහසෙ පා කරන්නෙ"
"මම හිතන්නෙ මේතැන මොකක් අමුතු බලයක් තියෙනවා.මගේ ඇගට ඒක දැනෙනවා."මටත් ඒ වෙලාවෙ අමුතු දෙයක් දැනුනා ඒත් මම හිතුවෙ ඒ මට සිහිය නැති වුන නිසා වෙන්න ඇති කියලා.
"පොඩ්ඩක් දීපන් ඔයා බෝලෙ මටත් බලන්න"මම අශන්ට කිව්වා.අශාන් මට බෝලෙ දුන්නා මම බෝලෙ අරගෙන අශාන් කරපු විදියටම පා කරන්න හැදුවා.
"බුදු අම්මෝ උඹ කොහොමද බන් බෝලෙ එච්චර උඩ යැවුවෙ.දැන් වොලිබෝලෙ පේන්නේ tennis බෝලයක් වගේනෙ."
"මම දන්නෙ නෑ…මම උබ කරපු විදියටම තමයි මමත් මේ කරන්නෙ"මම අශාන්ට කිව්වා.
"හරි දැන් සෙල්ලම් කරා ඇති.අපි යමු කියාගෙන අර කලු ඇදුම ඇදගෙන හිටිය කෙනා අපි දෙන්න මැද්දෙන් ගියා.එයා කොහෙන්ද ආවෙ කියලා අපිට හිතාගන්න බැරි වුනා.අපි දෙන්නට ඒ මනුස්සයා ගැන තිබුන බය දැන් නැති වෙලා ඒ වෙනුවට කුතුහලයක් තමයි තිබුනෙ.
අපි දෙන්නා ඒ මනුස්සයා පස්සෙන් ගියා කිසි දෙයක් අහන්නෙ නැතුවම.ඒ මනුස්සයා ගියේ පිට්ටනිය එහා පැත්තෙ තිබුන කැලේට.අපිත් ඒ මනුස්සයට මීටර් පනහක් විතර දුරින් තමයි.ගියේ ඒ මනුස්සයා එක පාරටම කැලේ ගාවින් අතුරුදහන් උනා.අපි ඉක්මනට ඒ පැත්තට ගියේ ඒ මනුස්සයා මගහැරේවි කියලා බයට.අපි කැලේ ඇතුලට දුවගෙන ගියා.…
ඒත් අපි පිට්ටනියෙදි දැක්ක කැලේ නෙවෙයි අපි හිටියෙ.අපි හිටියෙ ටිකක් අමුතු තැනක වටේම ගොඩනැගිලි තිබුනා.ලමයිනුත් හැමතැනම හිටියා මට නම් හිතුනා මේක ඉස්කෝලයක් කියලා.
"මේ තියෙන්නෙ මායා පාසල මගේ පස්සෙන් එන්න" කියලා ආපහු අර මනුස්සයා වේගෙන් ඇවිදගෙන ගියා."
"මායා පාසල"අශාන් පුදුම වෙලා මගේ දිහා බැලුවා.
"ඔහොම ඉන්න අපිත් එනකල්"අර මනුස්සයා මගහැරෙවි කියලා හිතාගෙන අපි දෙන්නා ඒ මනුස්සයා පස්සෙන් දුවලා ගියා.