විද්‍යා පාඩම

71 16 1
                                    

"අපි කොහොමද උත්තර ධ්‍රැවයට යන්නෙ"

"අපිට යානයෙන්ම තමයි යන්න වෙන්නෙ.ඉන්දන නිපදවන්නක අවශ්‍ය කරන දේවල් තියෙන්නෙ යානයේම තමයි."

අපි යානය ඇතුලට ගියා ඊට පස්සෙ පියුමි යානය පනගැන්වුවා.ටිකෙන් ටික යානය ඉහළට එසවුනා.අපි ගියේ අගහරුගෙ මතුපිට ඉදලා ගොඩක් උඩින්.යානයේ තිරයක අපි ඉන්න උස කිලෝමීටර 23ක් විදියට සටහන් වෙලා තිබුනා.මම පියුමිගෙ මෙච්චර උඩින් යන්නෙ ඇයි කියලා ඇහුවා.

"ඔයා දන්නවද අගහරුගෙ මතුපිට තමයි අපේ සෞරග්‍රහ මන්ඩලයේ ග්‍රහලෝකයක් මත තියෙන උසම කන්ද පිහිටලා තියෙන්නෙ."

"මම අහල නම් තියෙනවා.එවුනාට මම එච්චර විස්තර ඒ ගැන දන්නෙ නෑ."

"ඒ කන්දෙ උස කොච්චරක් කියලද හිතන්නෙ."

"මට නම් හිතාගන්න අමාරුයි"

"ඒ කන්දේ නම olympus mons.මේ කන්දෙ උස කිලෝමීටර් 21.09 විතර වෙනවා."

"ආ දැන් මට තේරුනා ඇයි අපි මෙච්චර උඩින් යන්නෙ කියලා.ඒ කියන්නෙ අපි දැන් යන්න හදන්නෙ සෞරග්‍රහ මන්ඩලයේ උසම කන්ද උඩින් නේද."

"නෑ මේක නෙවෙයි සෞරග්‍රහ මන්ඩලයේ උසම කන්ද මීට වඩා මීටර් සීයක් විතර උස කන්දක් සෞරග්‍රහ මන්ඩලයේ තියෙනවා.ඒ කන්ද තියෙන්නෙ කොහේ කියලාද ඔයා හිතන්නෙ."පියුමි මගෙන් ඇහුවා.මම ටික වෙලාවක් කල්පනා කරකර හිටියා.මම උත්තර දන්නෙ නැති නිසා පියුමිම උත්තරයත් දුන්නා.

"ඒ කන්ද තියෙන්නෙ ග්‍රහලෝකයක නෙවෙයි ග්‍රාහකයක.ඒ ග්‍රාහකයෙ නම තමයි Vesta කියන්නෙ.ඒ ග්‍රාහකයකය  පිහිටලා තියෙන්නෙ Kuiper belt කියන ග්‍රාහකයක වලල්ලෙ. Rheasilvia තමයි ඒ කන්දෙ නම මේ කන්ද ආසන්න වශයෙන් කිලෝමීටර් 22ක් විතර උසයි."එයා මට විස්තර කියන අතරතුර  යානය පොඩ්ඩ පොඩ්ඩ වේගෙ අඩු වෙලා නැවතුනා.යානයේ එලියෙ කිසිම දෙයක් පේන්නේ නෑ හරිම අදුරුයි.

"අපි මේ කොහෙද ඉන්නෙ එලියෙ කිසිම දෙයක් පේන්නේ නෑනෙ."

"මේ ඉන්නෙ උත්තර ධ්‍රැවයේ අපේ පෘථිවිය වගේම තමයි.අගහරුගෙත් අක්ෂය අංශක විසි හතරක විතර ඇලයකින් තියෙන්නෙ.ඒක නිසා අගහරුගෙත් ධ්‍රැවයන් වලට දීර්ඝ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් තියෙනවා."

"අපි කොහොමද මේ කරුවලේ යානය අවශ්‍ය ඉන්දන පුරවගන්නෙ."

"දැනටමත් ඒක ආරම්භ වෙලා තියෙන්නෙ හැබැයි අපි මේ පුරවගන්නෙ.ඉන්දන හදන්න ඕන කරන එක දෙයක් විතරයි.තව දෙයක් තියෙනවා ඒ දේ ගන්න අපිට අගහරුගෙ අනිත් ධ්‍රැවයට යන්න වෙනවා.ඒ කියාන්නෙ දක්ෂිණ ධ්‍රැවයට."

"මොනවා අපි ආපහු අගහරුගෙ අනිත් පැත්තට යන්න ඕනෙද?."

"ඒක එච්චර දෙයක් නෙවෙයි අගහරු කියන්නෙ ඔයාලගෙ පෘථිවිය තරම් විෂාල ග්‍රහලෝකයක් නෙවෙයි.අගහරුගෙ විෂාලත්වය පෘථිවිය වගේ හයෙන් එකක් විතරයි.

ඔන්න එහෙනම් අවශ්‍ය තරම් ජලය ගත්තා.අපි දැන් යමු නේද දක්ෂිණ ධ්‍රැවයට."

එහෙම කියලා යානය ආපහු ගමන් ආරම්භ කරා.අපි පැයකින් විතර දක්ෂිණ ධ්‍රැවයට ලගාවුනා.

"කෝ මෙතන තියෙන්නෙත් අයිස්මනෙ මොකද අපි මෙතනට ආවෙ."

"මේ තියෙන්නෙත් අයිස්ම තමයි.ඒත් මේ වියලි අයිස් ඔයා දන්නවද වියලි අයිස් කියන්නෙ මොනවද කියලා."

"වියලි අයිස්  කියන්නෙ……………

                                                             

මායා පාසල Where stories live. Discover now