අමුත්තා

278 45 3
                                    

      බෝඩිම ඇතුලෙ දොර ගාවට වෙලා ඉන්නවා අර කලුපාට ඇදුම ඇදගෙන හිටපු කෙනා.මම පුලුවන් තරම් වේගෙන් ආපහු පාර පැත්තට දිව්වා.මම ගේට්ටුවෙ ලගට දුවලා ගිහින් ආපහු හැරිලා බැලුවා .මම දැක්කෙ ගේට්ටුව…මම ඉස්සරහ හැරිලා බලනකොට මම හිටියෙ බෝඩිමේ දොර ලග කොහොමද එහෙම උනේ මට හොදටම මතකයි මම ගේට්ටුව පැත්තට  දුවලා ගියා ඒත් කොහොමද ආපහු මම දොර ලගට ආවෙ.මම ආපහු දුවන්නත් හිතල ආපහු කලු ඇදගත්ත කෙනා ගාවට ගියා.

"මම හිතාගෙන හිටියට වඩා ගොඩක් බුද්ධිමත් ලමයෙක්නෙ ඔයා"කියලා කිව්වා.එයාගෙ කටහඬ හරිම ගොරෝසුයි,ඒ වගේම භයානකයි.

"ඔයා කවුද?ඔයා මොකටද මගේ පස්සෙන් එන්නෙ."කියලා මම ඇහුවා.

එයා එකපාරටම අමුතු විදියට හිනා වෙලා මගේ දිහා බලල "මම ආවෙ අගහරු ලෝකෙන්.අපි ඔයාව අපේ පරික්ෂණ වලට අරගෙන යන්න තමයි ආවෙ"

මම එකපාරටම බය උනා.මොකද මෙයා එකපාරටම බෝඩිම ඇතුලෙන් මතු උනා.ඒ වගේම මම හිතුවා මම ගේට්ටුව පැත්තට දුවපු වෙලාවෙත් එයා මොකක් හරි දෙයක් කරා කියලා.මම ඒ දේවල් හිත හිත ඉන්නකොට එයා හයියෙන් හිනා වුනා.ඒත් ඉස්සෙල්ලා හිනා වෙච්ච අමුතු විදියට නෙමෙයි සාමාන්‍යය විදියට.

"ඔයා ඇත්තටම හිතුවද මම අගහරු ලෝකෙන් ආව කියලා."කියලා කියන ගමන් එයා නොනවත්වා හිනා වුනා.එයාගෙ හැසිරීමත් එක්ක මට හිතුනා මෙයා එච්චර දරුනු කෙනෙක් වෙන්න බෑ කියලා.  

"ඔයා මොකටද ආවෙ?"මම එයාගෙන් ඇහුවා.

ඒ දේවල් ඔයාට පස්සෙ දැනගන්න පුලුවන් ඊට කලින් ඔයා මට කියන්න ඔයාට අද උදේ මොකක් හරි අමුතු උනාද?"

මම ටික වෙලාවක් කල්පනා කරා මෙයාව  මට විශ්වාස කරන්න පුලුවන්ද කියලා.ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා මම එයාට උදේ වෙච්ච හැම දෙයක්ම විස්තර කරා.

"හොදයි…ඔයාව හම්බවෙන්න මම අද රෑට එන්නම් ගිහින් එන්නම් එහෙනම් මට සුබ ගමන් "
එහෙම කියපු ගමන් එයා එකපාරටම අතුරුදහන් උනා.මම ගොඩක් බය උනා මට මුකුත් හිතාගන්න බැරි උනා.

මම ගොඩක් වෙලා කල්පනා කරකර හිටියා මම දවල්ට කෑවෙත් නෑ.හවස් වෙනකම් කල්පනා කරකර තමයි හිටියෙ උදේ වෙච්ච දේවල් ගැන.හවස් උනාම අශාන් ගෙදර ආව මම වෙච්ච හැම දෙයක්ම අශාන්ට කිව්වා.එත් එයා විශ්වාස කරෙ නෑ කියලා මූනට කිව්වෙ නැති උනත් මට හිතුනා එයා විශ්වාස කරන්න නැතුව ඇති කියලා.

"හරි උබ කියන විදියට ඒ මනුස්සයා අද රෑ එනවා කිව්වනෙ අපි බලාගෙන ඉමු ඒ මනුස්සයා එනකල් ඊට පස්සෙ අල්ලගෙන පොලිසියට බාරදෙමු."මම අශාන්ගෙ අදහසට එකග වුනා.එයා කියපු විදියට අපි වේලසනින් රෑට කාල සුදානම් වෙලා හිටියා ඒ මනුස්සයා එනකල්.

"මේ නිසල් දැන් රෑ දොලහටත් ලගයි.ඒ මනුස්සයා එන්නෙ නැති වෙයි අපි නිදාගමු.කියලා අශාන් ඇදට ගියා මමත් ඇදට යන්න හදනකොටම අමුතු එලියක් එක්ක ඒ මනුස්සයා මතු උනා.

"අශාන් ඔයා ලෑස්තිද එහෙනම් අපි යමු නේද?"කිව්වා

එහෙම කියනකොටම අශාන් පිටිපස්සෙන් පොල්ලකුත් අරගෙන එනවා මම දැක්කා.මම ඒ මනුස්සයව මගේ පැත්තටම හරවලා තියාගන්න හිතාගෙන.

"ඔයාගෙ නම මොකක්ද කියලා" ඇහුවා

"ඔයාට ඇත්තටම මගේ නම දැනගන්න ඕනද? නැත්නම් අශාන් මට ගහනකන් මාව නොමග යවන්නද හදන්නෙ."

මම අශාන් හිටියා තැන බැලුවා… අශාන් එතන නෑ.

"අශාන් කොහෙද"කියලා මම ඇහුවා එයා ඇගිල්ල උඩට දික් කරා

එතකොට තමයි මම උඩ බැලුවෙ දෙය්යනේ…අශාන් උඩ පාවෙනවා.එයාට සිහියත් නෑ වගේ.එයාගෙ දිහා බලාගෙන ඉන්න්කොට මමත් නිකන් උඩට යනවා වගේ දැනුනා ඊට පස්සෙ මටත් සිහිය නැති වුනා වගේ මත්කයි. 

                                                      

මායා පාසල Tahanan ng mga kuwento. Tumuklas ngayon