ඒ යානය අපේ ලගට හෙමින් ලන් වෙලා අපේ ලගින්ම නැවැත්තුවා.ඊලඟට ඒ යානයෙන් එන සද්දෙත් අඩු වෙලා ගිහින් නැති වුනා.ටික වෙලාවක් අපි බලාගෙන හිටියා යානය තුලින් කවුරුහරි එලියට එනකල්.ඒත් මම නම් බයෙන් තමයි හිටියෙ.ඒ විදියටම බය වෙලා තමයි පියුමිත් හිටියෙ කියලා මට හොදටම තේරුනා.මම ඒ දේ දැනගත්තෙ පියුමි මගේ මුන දිහා බලපු විදියෙන්.තප්පර තිහක් විතර ගෙවිලා ගියා.යානයේ දොර හෙමින් ඇරුනා.යානය ඇතුලෙ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා යාන්තමට වගේ පෙනුනා.ඒත් මම හිතාගෙන හිටිය විදියට යානයේ හිටියෙ ආයුධ සන්නද්ධ මිනිස්සු නෙවෙයි.ඒ යානය ඇතුලෙ හිටියෙ.ඒ යානයේ හිටියෙ අශානුයි මායා පාසලේ විදුහල්පතිවරයා කියන කෙනයි.එයල දෙන්නා හිටපු තැනට අපි ගියා.අපි එතනට යනකොට එහා පැත්තෙ තිබුන පාර පැත්තෙන් පොලිස් වාහනයක් අපේ පැත්තට ආව.අපි ඉක්මනට යානය ලගට ගිහින් යානය ඇතුලට නැග්ගා.යානය හෙමීන් ඉහළට එසවිලා අහස පැත්තට ගියා.
"ඔයාල කොහෙද ගියේ."අශාන්ගෙන් මම ඇහුවා.කලු ඇදුම ඇදගෙන හිටිය කෙනා අපිට ටිකක් දුරින් තමයි හිටියෙ.එයාට මම කිව්ව දේ ඇහුනෙ නෑ.
"අපි ගියා හරිම අමුතු තැනකට.එතන හරිම විශාල ගබඩා කාමරයක් වගේ තමයි එලියට පෙනුනෙ.ඒත් ඇතුලට ගියාම ගබඩා කාමරේ තිබුන රහස් දොරකින් අපි අමුතු විද්‍යගාරයක් වගේ තැනක ගියා.ඒ තැන හිටිය වයසක මනුස්සයෙක් තමයි අපිට මේ යානය දුන්නෙ.පුදුම හිතෙන දේ තමයි ඒ මනුස්සයා අපිට දුන්නෙ අතට ගන්න පුලුවන් තරමේ යානයක් ඒත් ඒ යානය එලියට ගෙනල්ලා මායා බලයෙන් තමයි මේ තරමට විශාල කරේ.
"ඔවු මේ වගේ යාන නිෂ්පාදනය කරන්නෙ බොහොම කුඩාවට මේ යානා සාමාන්‍යය තරමට විශාල කරන්නෙත් මායා බලයෙන් තමයි."පියුමි කිව්වා
"ලමයි මට පොඩි උදවුවක් ඕන කරනවා."මායා පාසලේ විදුහල්පති කිව්වා.ඒහෙම කියනකොට තමයි මම පිටි පස්සෙ තියෙන වීදුරුවකින් එලිය බැලුවෙ.
මට මගේ ඇස් අදහගන්න බැරි උනා අපි හිටියෙ අභ්‍යවකාශයේ මම දැක්කා පෘථිවිය නිල් පාටින් දිලිසෙනවා.තැනින් තැන කොල පාට ගුරු පාට ගොඩබිම් තිබුනා.අපි යන වේගෙට පෘථිවිය එන්න එන්න පොඩි වෙලා අවසානයේදී තරුවක් වගේ එලිය විතරක් පෙනුනා.මම ඒ දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්.
"නිසල් ඉක්මනට මෙතනට එන්න ."කියලා පියුමි කෑගැහුවා.
මම ඒ පැත්තට දුවලා ගියා එතකොට ඉස්සරහ වීදුරුවෙන් අගහරු පෙනුනා.අශානුයි පියුමියි යානය පාලනය කරන ගමන් හිටියෙ එයාල දෙන්නම හරිම අමාරුවෙන් තමයි යානය නිවැරදිව පැදෙව්වෙ.මම වටපිට බැලුවා.මායා පාසලේ විදුහල්පති යානය ඇතුලෙ හිටියෙ නෑ.මම වටපිට බැලුවා යානයේන් පිට අභ්‍යවකාශයේ එයා ඉන්නවා මම දැක්කා එයා තනියෙන් නෙවෙයි හිටියෙ තවත් කෙනෙක් එක්ක.එයාට නම් සිහිය නෑ වගේ අභ්‍යවකාශයේ හැම තැනම සුන්බුන් පිරිලා තිබුනා.
"මෙතනදි තමයි කාලයාත්‍රිකයන්ගේ මවු යානයට ප්‍රහාරයක් එල්ල උනේ.ඒ යානයේ සුන්බුන් තමයි මේ අභ්‍යවකාශයේ හැමතැනම විසිරිලා තියෙන්නෙ."පියුමි කිව්වා.
"අර කාලයාත්‍රිකයාගෙන් ඇගේ නම් ආරක්ෂක ඇදුමක් තියෙනවා.ඒත් විදුහල්පතිගෙ ඇගේ කිසිම ආරක්ශාවක් නෑනෙ එයා කොහොමද අභ්‍යවකාශයේ නොමැරී ඉන්නෙ."
"එයාගෙ ඇගේ ආරක්ශාවක් තියෙනවා ඒක තමයි එයාගෙ මායා බලය."පියුමි කිව්වා.කාලයාත්‍රිකයා ලගට ගියපු විදුහල්පති එයාව අල්ලගෙන එකපාරටම අතුරුදහන් උනා.මම හිතුවා එයා යානය ඇතුලෙන් මතු වෙයි කියලා ඒ විදියටම එයාල දෙන්නා යානය ඇතුලෙන් මතු උනා.
"මෙයාට සිහිය නෑ වගෙ"පියුමි කිව්වා.මමත් ඒ මනුස්සයා ලගින්ම ගිහින් වාඩි උනා.ඒ මනුස්සයා ඇස් දෙක පියාගෙන හිටියෙ.මම ඒ මනුස්සයගෙ බෙල්ල අල්ලලා බලන්න හැදුවෙ එයා ජීවත් වෙනවද කියලා.ඒත් මම බෙල්ල අල්ලන්න කලින් මගේ අතින් එයාගෙ ඇදුමෙ තිබුන බොත්තමක් එබුනා.එතකොට එයාගෙ මුහුනු ආවරණය විවෘත උනා.
"පුතේ……පුතේ……" කාලයාත්‍රිකයා කෑගහන්න ගත්තා