ඒ යානයෙන් පිට වෙච්ච අමුතු එලියක් මගේ ඇගේ වැදුනා ඒත් ඒ එලියට අපේ ඇගේ වැදෙන්න කලින්.කලු පාට ඇදුම ඇදගෙන හිටපු මනුස්සයා අපේ ඉස්සරහට ගිහින් ඒ එලියට අපේ ලගට එන්න බැරි වෙන්න ආවරණයක් වගේ දෙයක් නිර්මාණය කරා.ඊට පස්සෙ අපේ ලගට ඇවිත් හැමෝටම අත් අල්ලගන්න කියලා කිව්වා.මම පියුමි දිහා බලාගෙන හිටියෙ.මම දැක්කා පියුමිව කෑලි වලට වෙන් වෙලා අහසට ඇදිල යනවා.එතකොටම මගේ ඇගටත් හරිම අමුතු දෙයක් දැනුනා.එතකොටම ආපහු මට සිහිය නැති වෙන්න වගේ ආවා.
මට ඇහැරුනේ වාහන වල සද්දෙකින්.ඒ වාහන සද්දේ නිසා මම හොදටම බය උනා."නිසල්…නිසල් ඔයා හොදින් නේද."ඒ කටහඬ පියුමිගෙ කියලා මම අදුරගත්තා.
මම වටපිට බැලූවා.අපි හිටියෙ පාරක් ලග මම පියුමිගෙන් අශානුයි කලු ඇදගත්ත මනුස්සයයි ගැන ඇහුවා.
"මට සිහිය එනකොට එයාල මෙතන හිටියෙ නෑ.එයාල මේ ලගම ඇති"
"අපි මේ කොහෙද ඉන්නෙ"කියලා මම පියුමිගෙන් ඇහුවා
"අපි ඉන්නෙ පස්වන පෘථිවියෙ ඒ කියන්නෙ ඔයාල ජීවත් වෙච්ච පෘථිවියෙ."
"ඒ කියන්නෙ අපි මීට කලින් හිටියෙ වෙන පෘථිවියකද"
"ඔව් පෘථිවියට සමාන්තර තවත් ග්‍රහලෝක තියෙනවා .ඒ ග්‍රහලෝක පනහක් තියෙනවා එයින් විසි පහක විතරයි ජීවය තියෙන්නෙ."
"ඒ කියන්නෙ පිටසකවල ජීවිනුත් ඉන්නවද"
"ඔව් ඉන්නවා.ඒත් සමාන්තර ලෝක වල ජීවත් වෙන්නෙ මිනිස්සුම තමයි.ඒත් සමහර සමාන්තර ලෝක වල ජීවත් වෙන මිනිස්සු පොඩි පොඩි වෙනස්කම් තියෙනවා."
"අපි කලු ඇදුම ඇදගෙන හිටිය කෙනයි අශානුයි හොයන්න යමුද"
"කලු ඇදුම ඇදගෙන හිටපු කෙනා අපේ පාසලේ විදුහල්පතිවරයා."
" එයා ඇයි මාව හොයාගෙන ආවෙ අශානුයි මමයි දෙන්නම මායාකරුවොද"
"ඔව් ඔයා මායාකාරයෙක් කියලා අපි ගොඩක් කල් ඉදලා දන්නවා."
"එතකොට අශාන්"
"අශාන් මායාකරුවෙක් කියලා අපි දැනගත්තෙ ඔයාව එක්කගෙන එන්න ගියපු වෙලාවෙ"
"ඒ කියන්නෙ ඔයාල කොහොමද මායාකරුවෙක් අදුරගන්නෙ."
"කවුරුහරි මායාව භාවිතා කරොත් අපිට දැනගන්න පුලුවන්."
"ඒ කියන්නෙ මම මායාව භාවිතා කරාද මාව හොයාගන්න."
"ඔවු ඔයා මායාව භාවිතා කරපු නිසා තමයි ඔයාව අපිට හොයාගන්න පුලුවන් උනේ."
එහෙම කියලා පියුමි මගේ අත දිහා බැලුව.එතකොට තමයි මමත් මගේ අතේ තිබුන තුවාලෙ දිහා බැලුවෙ.
"පොඩ්ඩක් ඉන්න මම තුවාලෙ හොද කරන්නම්."කියලා පියුමි මගේ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් පියා ගත්තා.එයා එහෙම ටික වෙලාවක් හිටියා.ඒත් තුවාලෙ හොද උනේ නෑ.
"මට සමාවෙන්න මේ පෘථිවියෙදි මායාව බලගතු නෑ.ඒක නිසා මට තුවලෙ හොද කරන්න බෑ."
"ඔයා කොහොමද තුවාලෙ හොද කරන්න මොකක් හරි මන්තරයක් තියෙනවද?"
"නෑ මායාකරුවන්ට පොඩි පොඩි දේවල් වලට මන්තර ඕන නෑ සාමාන්‍යය විදියට හිතුවාම ඇති."
"මමත් එහෙනම් උත්සාහ කරන්නම්"
මම මගේ අත අනිත් අතෙන් අල්ලගෙන.මේ තුවාලෙ හොදවෙන්න කියලා හිතුවා.එතකොටම මගේ අත සිසිල් වෙලා වගේ ගියා.මම තුවාලෙ දිහා බලනකොට මගේ අතේ තිබුන තුවාලෙ හොද වෙලා."
පියුමි පුදුමයෙන් වගේ බලලා මගේ ලගට ආව.
"ඔයාගෙ විශේෂත්වය ඒක තමයි එහෙනම් ඔයාට පුලුවන් ඕනම ලෝකයකදී මායාව එක විදියට භාවිතා කරන්න.ඒක කරන්න පුලුවන් මායා පාසලේ ඉන්න එකම කෙනා තමයි මායා පාසලේ විදුහල්පතිවරයා."
එයා එහෙම කියනකොට ආපහු අර යානයක සද්දයක් ඇහුනා අපි වටපිට බලනකොටම ඈත ඉදලා යානයක් ඇවිත් අපේ ඉහලින් නැවතුනා......