"අපි අගහරු වලට යනවද?"මම පියුමිගෙන් ඇහුවා.
"ඔවු අපිට අගහරුගෙ ගොඩබාන්න වෙනවා.යානයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා."
ඊට පස්සෙ අපි ගොඩක් වෙලාවක් කිසිම කතාවක් නොකර හිටියා.ටිකෙන් ටික අගහරුගෙ ලගට ලන් උනා.ටික වෙලාවකින් කක්ෂයට ඇතුලු උනා.අපි වේගෙන් අගහරුගෙ පැත්තට ඇදිලා ගියා.මට මතක් උනා අගහරු ගැන මම ඉගනගත්ත දේවල්.
අගහරුගෙ චුම්බක ක්ෂේත්රය මීට වසර මිලියන ගානකට කලින් අක්‍රිය වෙලා තියෙනවා.ඒ නිසා අගහරුට තියෙන්නෙ ගොඩක් තුනී වායුගෝලයක්.ඒ විතරක් නෙවෙයි අගහරුගෙ සාමාන්‍යය උෂ්නත්වය බොහොම අඩු අගයක තමයි තියෙන්නෙ. ඒක නිසා අපේ යානයට අගහරුගෙ ගොඩබාන්න පුලුවන් වෙයිද කියලා මට සැකයක් ඇති උනා.මම පියුමි දිහාවට හැරුනෙ මගේ ප්රශ්නය එයාගෙන් අහන්න ඒත් ඊට කලින්……
"යානය තව විනාඩියකින් යානය අගහරු මත ගොඩබෑමට නියමිතයි."
එක පාරටම යානයෙන් අමුතු සද්දයක් ආවා.ඒත් එක්කම යානය ගැස්සිලා ගිහින් නැවතුනා.
"යානයේ ඉන්දන ගබඩාවට තමයි හානි වෙලා තියෙන්නෙ අපිට ඒක හදාගන්න වෙනවා."පියුමි කිව්වා
"හොදයි අපි කොහොමද ඒක කරන්නෙ මම මේ වගේ යානයක් දැක්කෙත් අදමයි."
"ඒකට කමක් නෑ මම දන්නවා යානය හදන් හැටි.මම යානා අලුත් වැඩියා කරන හැටි ඉගනගෙන තියෙනවා"
"හොදයි අපි එහෙනම් යමු.මම ඔයාට උදවු කරන්නම් කියලා.මම පියුමිට මගේ අත දික්කරා.එයා මගේ අත අල්ලගෙන ඇස් දෙක වහගත්තා එතකොටම අර නිල්පාට එලියත් එක්කම අපි හිටියෙ අගහරුගෙ මතුපිට.මම වටපිට බැලුවා හැමතැනම රතු පාටට හුරු පසක් තමයි තිබුනෙ.
නිසල්…නිසල් පොඩ්ඩක් මෙහාට එන්න
පියුමි යානයේ අනිත් පැත්තට ගිහින් මට කතා කරා.
මම ඒ පැත්තට ගියා.යානයේ ලොකු සිදුරක් හැදිලා තිබුනා.පියුමි එයාගෙ මායා බලයෙන් ඒ සිදුර වැහුවා.ඊලඟට එයා ඒ සිදුර වෙච්ච තැන පාස්සන්න ගත්තා.
"ඔයා මට පොඩි උදවුවක් කරනවද යානය ඇතුලෙ ඇති ඉන්දන පෙන්නන තිරයක් ඒ තිරයෙ සටහන් වෙලා තියෙන ප්‍රමාණය බලාගෙන එනවද?."
"හොදයි ඒත් මම කොහොමද යානය ඇතුලට යන්නෙ."
"ඔයාගෙ බලය පාවිච්චි කරන්න ඒක එච්චර අමාරු නෑ."මම පියුමි ඉස්සෙල්ලා කරපු විදියට ඇස් දෙක පියාගෙන යානය ඇතුලට යන්න ඕන කියලා හිතුවා.ආපහු මම ඇස් දෙක අරිනකොටම මම හිටියෙ යානය ඇතුලෙ.මම පාලනය පූරුවට ලගට ගිහින් එතන තිබුන තිරයක ඉන්දන ප්‍රතිශතය වැටිලා තිබුනා.ඒ තිරයේ 28% ඉන්දන ප්‍රමාණයක් තිබුනා.මම ආපහු යන්න හදනකොටම මේසෙ උඩ තිබු වතුර බෝතලයක් දැක්කා.මම ඒ බෝතලෙ අරගෙන එලියට ආව.ඊට පස්සෙ මම පියුමිගෙ ලගට ගිහින් යානයේ ඉන්දන ප්‍රතිශතය එයාට කිව්වා.
"ඒ ඉන්දන ප්‍රමාණය අපිට හොදටම මදි පෘථිවියට යන්න."එහෙම කියලා මහන්සියෙන් වගේ කිව්වා එතකොටම මට මතක් උනා මම අරගෙන ආපු වතුර බෝතලය පියුමිට දෙන්න හිතාගෙන ආ මෙන්න කියලා පියුමිට දෙන්න හැදුවා.මගේ අතේ තිබුන වතුර බෝතලේ අයිස් වෙලා.
"ඔයා වතුර බෝතලේ එලියට ගෙනාවද?"
"අයියෝ මට අමතක උනානෙ අපි ඉන්නෙ අගහරුගෙ කියලා."
"මෙහේ උෂ්නත්වය සෙල්සියස් අංශක සෘණ 60 විතර වෙනවා.ඒක නිසා මෙහේ ජලය තියෙන්නෙ අයිස් විදියට.හරි ඒකට කමක් නෑ.අපිට දැන් යන්න වෙනවා අගහරුගෙ උත්තර ධ්‍රැවයට.අපිට ඕන කරනවා ජලය යානයට ඉන්දන නිපදවා ගන්න.