අවුරෝරා සංවිධානය

119 29 0
                                    

මට සිහිය එනකොට මම හිටියෙ අමුතු තැනක එතන හරිම අදුරුයි.ඒ වගේම අමුතු සද්ද වගයකුත් ඇහුනා.මම වටපිට බැලුවා ඒත් කිසිම දෙයක් පේන්නේ නෑ.මම බොහොම අමාරුවෙන් නැගිටලා මම ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න කරුවලේම ඇවිද්දා.මම ඉස්සරහට යන්න හදනකොටම මාව මොකකින් හරි ගැට ගහලා තියෙනවා වගේ දැනුනා.

"ආව්…මගේ කකුල"කියලා කෑගහන සද්දයක් ඇහුනා.එයා කෑගැහුවාම ආපු සද්දෙ කාමරය පුරාවටම දෝන්කාර දෙන්න පටන්ගත්තා.මම හොදටම බය උනා.එතකොටම කාමරේ ලයිට් ගොඩක් වැටුනා.

අපි හිටියෙ විශාල කාමරයක මැදට වෙන්න.ඒ කාමරේ කිසිම විශේෂ දෙයක් තිබුනෙ නෑ.අපිව කූඩුවක හිර කරලා තමයි තිබුනෙ.ඒ කූඩුව මොකක් හරි ලෝහයකින් නිර්මාණය කරලා තිබුනෙ.ආ …කියන්න අමතක උනානෙ මාත් එක්ක හිටපු අනිත් කෙනා ගැන එයා ගෑනු ලමයෙක්.මායා පාසලේ හිටපු අය ඇදගෙන හිටපු කලුපාට ඇදුම තමයි.එයත් ඇදගෙන හිටියෙ.

"කෝ අනිත් අය.ඔයා දැක්කද වෙන කවුරුහරි මෙතන ඉන්නවා,මොකද උනේ,අපි මේ කොහෙද ඉන්නෙ වගේ  ප්‍රශ්න ගොඩක් මම එයාගෙන ඇහුවා."

"නවත්තන්න……නවත්තන්න"එයා හයියෙයෙන් කිව්වා.ඔයා වගේම තමයි මමත් මේ දේවල් ගැන මුකුත් දන්නෙ නෑ.කියලා කියලා එයා ඇස් දෙකෙන් කූඩුවෙ උඩ පැත්ත පෙන්නුවා.කූඩුවෙ හරි මැද හරියට වෙන්න පොඩි මයික් එකක් හයි කරලා තිබුනා.

"ආ ඒක නිසාද…………"කියනවත් එක්කම එයා මගේ කට වහගත්තා කතා කරන්න බැරි වෙන්න.

"මෝඩයා ඒකවත් තේරුම් ගන්න බැරිද අපේ කතාව එයාල අහගෙන ඉන්නෙ."

"ඉතින් ඔයාත් දැන් කතා කරේ.දැන් ඒ ගොල්ලො දන්නව ඇතිනෙ අපි මේ මයික් ගැන දන්නව කියලා."

"අපි මේ කතා කරනවා නෙවෙයි.අපි කතා කරන්නෙ මනසින්"මම එයා දිහා බැලුවෙ එතකොට එයා මගේ දිහා බලාගෙන ඉන්නවා විතරයි.කතා කරන්නෙ නැ කියලා මට තේරුනා.

"ඒ කියන්නෙ මමත් කතා කරන්නෙ කරන්නෙ මනසින්ද"

"ඔවු ඔයත් කතා කරන්නෙ මනසින් තමයි.මේ ක්‍රමයට   තමයි ටෙලිපති ක්‍රමය කියන්නෙ."

"ඔයාගෙ නම මොකක්ද.අපි මේ කොහෙද ඉන්නෙ.අපි කොහොමද මෙතනට ආවෙ."කියලා මම මනසින් ඇහුවා"

"මගේ නම පියුමි අපි මේ ඉන්නෙ අවුරෝරා සංවිධානයේ මව් යානයේ.(අවුරෝරා සංවිධානය ආරම්භය ගැන කාලයාත්‍රිකයා කතාවේ සදහන් වේ).මේ යානයට ගේන්නෙ විශේෂම සිරකරුවො විතරයි අනිත් අය.අවුරෝරා සංවිධානයේ වෙන සිරකරුවන් රදවන යානයක ඇති."

"ඒත් අපි දෙන්නව ඇයි මෙතනට ගෙනාවේ.අපි විශේෂ  සිරකරුවොද?"

"ඔවු අපි විශේෂ සිරකරුවො තමයි.ඒක නිසා තමයි අපිව මේ යානයට ගෙනල්ලා තියෙනවා.මගේ අම්මා මායාකාරියක් ඒ වගේම ඔයාගෙ අම්මත් මායාකාරියක් ඒක නිසා අනිත් මායාකරුවන්ට නැති  බලයක් අපි දෙන්නට තියෙනවා.ඒ බලය ලබා ගන්න එක තමයි අවුරෝරා සංවිධානයේ අරමුණ."

"අපි දැන් මොකද කරන්නෙ"

"මට අදහසක් තියෙනවා."පියුමි එහෙම කියනවත් එක්කම.කාමරේ එක කොනකින් අමුතු එලියක් එක්ක කහ පාට ඇදුමක් ඇදගත්ත සෙබළුන් තුන් දෙනෙක් මතු උනා එයාල ඉසරහින් තව සුදු පාට ඇදුමක් ඇදගත්ත කෙනෙක් ආව මම හිතන්නෙ එයාගෙ ආරක්ෂාවට තමයි අර සෙබළු ආවෙ."

                                                        

මායා පාසල Where stories live. Discover now