අභ්‍යවකාශ චාරිකාව

75 19 0
                                    

"සහන්…සහන්……"කාලයාත්‍රිකයා අසිහියෙන් කියෙව්වා.එයා එකපාරටම මාවත් පෙරලගෙන දුවන්න හැදුවා.එතකොටම පියුමි ඉස්සරහට ඇවිත් ඒ මනුස්සයගෙ ඔලුව අත තියලා මොකක් හරි දෙයක් කරා.ඒත් එක්කම පියුමිගෙ අත ඇතුලෙන් නිල් පාට එලියක් කාලයාත්‍රිකයගෙ ඔලුව ඇතුලට ගියා.ඊට පස්සෙ කාලයාත්‍රිකයට සිහිය නැති උනා.

"මේ මනුස්සයට හොදටම අමාරුයි වගේ ඒක නිසා අපි මෙයාව ඔයාගෙ පෘථිවියට ගෙනියන්න ඕන."මගේ දිහාවට හැරිලා මායා පාසලේ විදුහල්පති කිව්වා.

"හොදයි එහෙනම් මමයි නිසලුයි මේ මනුස්සයත් අරගෙන පෘථිවියට යන්නම්.ඔයාල අවුරෝරා සංවිධානයේ මව් යානයට යන්න."පියුමි කිව්වා.

"ඒත් අපි කොහොමද පෘථිවියට යන්නෙ"

"පොඩ්ඩක් ඉන්න්කො………"

පියුමි යානයේ ඉස්සරහ තියෙන පෙට්ටියක් වගේ දෙයකින් මොකක් හරි පොඩි දෙයක් එලියට ගත්තා.ඊට පස්සෙ එයා මගේ ලගට ආවා.

"මේ තියෙන්නෙ අපි පෘථිවියට යන යානය."කියලා එයාගෙ අත පෙන්නුවා.

එයාගෙ අතේ තිබුනෙ පොඩි යානයක්.පියුමි එකපාරටම ඇස් දෙක පියාගත්තා.මම බලාගෙන හිටියෙ පියුමි දිහා විනාඩියකින් විතර පියුමි ඇස් දෙක ඇරලා මගේ දිහා බැලුවා.

"මොකද මගේ දිහා බලාගෙන ඉන්නෙ."පියුමි මගෙන් අහපු ප්‍රශ්නයට දෙන්න උත්තරයක් මම කල්පනා කරා.

"මම……මේ…නෑ   ……මේ… මම…………"

😂😂🤓 මම පියුමි අහපු ප්‍රශ්නයට ඉතාම සාර්ථක ලෙස උත්තර ලබා දුන්නා. 😂😂🤓

"හරි……හරි එහෙනම් අපි යමු නේද යානයට කියලා පියුමි ඇහුවා.

"යානය තාම ඔයාගෙ අතේනෙ කොහොමද අපි………"

මම පියුමිගෙ අත දිහා බැලුවා.එයාගෙ අතේ තිබුන යානය දැන් එයාගෙ අතේ නෑ.එතකොට තමයි මට හිතුනෙ පියුමි ඇස් දෙක පියාගෙන හිටිය වෙලාවෙ යානය මායා බලයෙන් විශාල කරන්න ඇති කියලා.මම දුවලා ගිහින් වීදුරුවකින් එලිය බැලුවා යානය එලියෙ තියෙනවා.

"කොහොමද අපි ඒ යානය ඇතුලට යන්නෙ."මම පියුමිගෙන් ඇහුවා.

"මගේ අත අල්ලගන්නකො."මම පියුමිගෙ අත අල්ලගත්තා.පියුමි කාලයාත්‍රිකයගෙ ඇගෙනුත් අල්ලගත්තා.ඊට පස්සෙ පියුමි ඇස් දෙක වහගත්තා.ඒත් එක්කම නිල් පාට එලියක් විහිදුනා ඊලඟට අපි හිටියෙ අනිත් යානයේ.

"මේ යානා වල දොරවල් නැද්ද ඇයි අපි මායා බලයෙන් මෙතනට ආවෙ."

"ඔවු මේ යානා වල දොරවල් නෑ.මේ යානාවන් නිශ්පාදනය කරන්නෙ මායාකරුවන්ට නිසා යානාවට දොරවල් දාලා නෑ.පියුමි කිව්වා

"මේ උපකරණයෙන් පුලුවන් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න.එහෙනම් සුබ ගමන්."මයා පාසලේ විදුහල්පතිගෙ කටහඬ කලු පාට පොඩි පෙට්ටියකින් ඇහුනා.

පියුමි ඒ පෙට්ටිය ලගට ගිහින් අතට අරගෙන කොටස් දෙකකට වෙන් කරා.ඊට පස්සෙ එක කොටසක් එයාගෙ අතේ මැනික්කටුව ලගින් තිබ්බා.ඒ පෙට්ටියෙන් එලියට ආව පටියක් පියුමිගෙ අත වටේන්ම ගිහින් පෙට්ටියක අතට සම්බන්ධ උනා.

"ඔයත් මේක බැදගන්න.පියුමි අනිත් කොටස මට දුන්නා.මම පියුමි කරපු විදියට අතෙ බැදගත්තා.

"හරි එහෙනම් දෙන්නටම සුබ ගමන් කියලා අශානුත් කිව්වා.මම වීදුරුවකින් එලිය බැලුවා අශාන්ලා හිටපු  යානය වේගෙන් ගිහින් නොපෙනී ගියා.

"හොදයි එහෙනම් අපි යමු නේද?"කියලා පියුමි යානයේ ඉස්සරහ තියෙන පාලන පූරුව ලගට ගිහින් බොත්තම් වගයක් එබුවා.

"පස්වන පෘථිවියට ගමනාන්තය සලකුණු කරනවා."යානයෙන් තමයි ඒ සද්දෙ ඇහුනෙ.

"අපි දැන් පෘථිවියෙ කොහෙටද යන්නෙ"

"එහෙම විශේෂ තැනක් නෑ.අපි මෙයාව ඉස්පිරිතාලෙකට එක්කගෙන යන්න ඕන."

"ඒ කියන්නෙ මායාකරුවන්ට හරි කාලයාත්‍රිකයන්ට හරි වෙන් වෙච්ච ඉස්පිරිතාලෙයක් නැද්ද්?"

"අපේ මායා පාසලෙයි කාලයාත්‍රිකයන්ගෙ මව් යානයෙයි දෙකේම රෝහල්  තිබුනා.ඒත් ඒ තැන් දෙකම විනාශ වෙලා ගිහින්.ඒක නිසා අපිට මෙයාව ඉස්පිරිතාලෙකට  තමයි එක්කගෙන යන්න වෙන්නෙ."

"යානයේ පාලනය කිරීමේ දෝශයක් කරුනාකර යානය ලගින්ම පිහිටි ග්‍රහලෝකයට ගොඩබාන්න අවසර ලබා දෙන්න. පියුමි යානයේ පාලන පූරුව ලගට ගිහින් බොත්තම් වගයක් එබුවා එතකොටම යානය ගියපු පැත්තට වෙනස් වෙලා.ආපහු අපි ආව පැත්තටම හැරුනා.

"හදිසි ගොඩබෑමක් සිදු කරනවා.යානය තව විනාඩි 50කින් අගහරු මාත ගොඩබෑම සිදු කරනවා."

                                                        

මායා පාසල Where stories live. Discover now