කර්තෘ සටහන

523 48 16
                                    

ඔයාලා මේ කතාව කියවන්න පටන් ගන්න ඉස්සෙල්ලා, මට ඔයාලට යම් කරුණු ටිකක් පැහැදිලි කරල දෙන්න ඕනෙ. මොකද මේ කතාවෙ සමහර තැන් හිතාගන්නවත් බැරි තරමට අවුල් සහගත වෙන අවස්ථාවල් එනව. (මමනෙ මේක ලියන්නේ, ඉතිං මං ඉන්න ඕනෙම තැනක අවුල කියන දේත් තියෙනවාමයි, අවුලයි මමයි නිවුන්නු!)

●මේ මගේ පළවෙනි සිංහල fiction එක, ඒ නිසා මහා ලොකු විප්ලවයක් නම් බලාපොරොත්තු වෙන්නෙපා!

●මේක අනික් fan fictions වලට වඩා ටිකක් වෙනස්, ඇයි ඒ?
අංක එක - මේකෙ ප්‍රධාන චරිතය සාමාන්‍ය ගෑනු ළමයෙක්. මේක එයාගෙ කතාව මිසක් කොරියානු ගායකයෙක්ගෙ කතාවක් නෙවෙයි.
අංක දෙක - මේකෙ ඉන්න ප්‍රසිද්ධ කොරියානු චරිත ප්‍රමාණය ඉතාම සීමිතයි.
අංක තුන - මට ස්වීට් රොමෑන්ස් ටිකක් ඇලජික්, ඒ නිසා මේකෙ ඒ වගේ අවස්ථා බොහොම අඩුයි.
අංක හතර - මේ කතාවට තවම storyline එහෙමත් නැත්නම් plot එකක් නෑ. (සරල අදහස - මම වැල යන අතට මැස්ස ගහන කෙනෙක්)
අංක පහ - ඇත්ත වශයෙන්ම, එච්චරයි.

●මේ කතාව සම්පූර්ණයෙන්ම මගේ පරිකල්පනය මත ගොඩනැගුණු දෙයක්. ඒ නිසා කරුණාකරල කර්තෘ අයිතියට ගරු කරන්න. මොනම විදිහකවත් උපුටා ගැනීම්, පරිවර්තනය කිරීම් කරන්න එපා!

●මට මේ කතාව හදන්න ඕනේ මූලික inspiration එක ලැබුණේ Twilight (the vampire series) සහ Blood (the korean tv series) බැලුවට පස්සෙයි.

●ඔයාලට මේ කතාව ගලාගෙන යන විදිහ පිළිබඳව මොනවාමහරි ගැටලු තියෙනව නම්, ඔයාලට විසඳුම් දෙකක් තියෙනවා!
1 - comments වලින් මාව ඒ ගැන දැනුවත් කරන්න.
2 - exit button එක ඔබල පාඩුවෙ යන අතක් බලාගෙන යන්න.

●වැඩ්ඩා වගේ පටන් ගත්තට, කල් යද්දි මට ලියන එකට කම්මැලි හිතෙනව. ඒ නිසා slow updates ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.

ඔයාලට කතාව තේරුම් ගන්න පහසු වෙන්නත් එක්කල, මං පොඩි හඳුන්වාදීමක් කරන්නම්!
දැන් එහෙනම්, ඔයාල කතාවට ආස වෙයි කියල නිහඬ ප්‍රාර්තනයක් කරන ගමන් මාගේ කතාව මෙතැනින් අවසන් කරනවා! අසා සිටි (එර්ර්... කියවූ?) ඔබ සැමට no thanks!

😌💖

Healing PowersWhere stories live. Discover now