7

198 37 5
                                    

"ඔයාට දැන් කොහොමද?" සැඩී අසමින් හිටියා.

තුවාල වුණු පිරිමි ළමයා අන්තිමේදි අවදි වී තිබුණා. මඳක් සුදුමැලි වී හිටියත් ඒ ඇරෙන්න ඔහුට වෙන අතුරු ආබාධයක් නෑ වගෙයි පෙනුණේ. කොහොම වුණත් ඔහු දැන්ම අවදි වීම ගැන සැඩී ඒ තරම් සතුටු උණේ නෑ. අඩු තරමේ පැය හතරක්වත් ඔහු එකදිගට නිදාගනීවි කියලයි සැඩී බලාපොරොත්තු වුණේ. ඉතින් එයා පැය දෙකක් විතරක් නිදාගෙන නැගිට්ටම, එයා ආයෙම කලන්තෙ දාලා වැටුණොත්වත් කියන බය සැඩීගෙ හිතේ තිබුණා.

"දැන් නම් ඇත්තටම ගොඩක් හොඳයි." කොල්ලා පිළිතුරු දුන්නා. "ඔයාට ගොඩාරියක් ස්තූතියි."
"ඒක සුළු දෙයක්නේ. අනිත් අතට, ඔයාට තුවාල වුණේ මං නිසානේ."
"අපෝ නෑ, මම සිහියෙන් නෙවෙයි සයිකලේ පැදගෙන ආවේ. ඒකයි අපි හැප්පුණේ."
"මමත් සිහියෙන් නෙවෙයි තමයි ආවෙ. මට ඉස්කෝලෙට පරක්කු වෙලයි තිබුණේ."
"ඔයා මේ පැත්තට අළුත්ද? මීට කලින් ඔයාව දැකලා නෑනේ."
"අපි මෙහෙට ඇවිත් වැඩි කාලයක් නෑ." සැඩී පිළිගත්තා. "මම අද තමයි මෙහෙ ඉස්කෝලෙට යන්න පටන් ගන්න හිටියේ. අපි හැප්පුණේ නැත්තං, දැන් මං ඉස්කෝලෙ."
"ඒ ගැන සමාවෙන්න." පිරිමි ළමයා කෙඳිරුවා.
සැඩී මහ හඬින් හිනා වුණා. "අයියෝ පිස්සුද? මං ඒක ඔයාට නෙවෙයි කිව්වෙ අනේ."

පිරිමි ළමයාගෙත් මූණට ලැජ්ජාශිලී හිනාවක් නැගුණා. "ඉතින් ඉතින්?" එයා දත් නියෙව්වා. "මට කලින් හීනෙන් වගේ ඇහුණ ලෙමනේඩ් කතාව ඇත්තටම හීනයක්ද, නැත්තං...."
සැඩී ආපස්සට දත් නියෙව්වා. "ඒක ඇත්තක් කොල්ලෝ. මේ ලෝකෙ හොඳම ලෙමනේඩ් තියෙන්නෙ අපි ගාව. ටිකක් බීලා බලමුද?"
"ඒක නං හොඳ යෝජනාවක්." පිරිමි ළමයා හිස වැනුවා.

ඉතින් කලින් නම්ජූන්ට සංග්‍රහ කළ විදිහටම සැඩී තුවාල වෙච්ච පිරිමි ළමයටත් ලෙමනේඩ්වලින් සංග්‍රහ කළා. මේ වෙනකොට ඉර බැස යමින් තිබුණා. සැඳෑ ගොම්මන නිවසේ ඇතුළතට ගෙන ආවෙ අනවශ්‍ය අඳුරක් කියලා සැඩීට හිතුණා. ඒ අතරේ ආච්චි සාලයට ආවා.

"ආ මේ ළමයා නැගිටලා තියෙන්නේ. දැන් කොහොමද දරුවෝ?" ආච්චි ඇහුවෙ විපරම්කාරී බැල්මක් හෙළමින්.
පිරිමි ළමයා ආච්චිව දැක්ක හැටියේ කලබලෙන් පුටුවෙන් නැගිට්ටේ, ලෙමනේඩ් කෝප්පයත් ඇඳුමේ විසුරුවා ගනිමින්.
"හෙලෝ මැඩම්-"
"ඔන්න ඔන්න ඉතින්!" ආච්චි දොස් කිව්වා. "කඩි කුලප්පුව හදාගන්න උවමනාවක් නෑ ළමයෝ, මම ඔයාව ගිලින්නෙ නෑ. අනික මට මැඩම් කියල කතා කරන්නත් එපා."
"සමාවෙන්න මැඩම්- අහ්, මං කිව්වෙ-"
"ආච්චි කියලා කියන්න." ආච්චි කාරුණික හිනාවක් පාමින් කිව්වා.

Healing PowersHikayelerin yaşadığı yer. Şimdi keşfedin