සැඩී පිළිකුලෙන් වගේම පුදුමයෙන් එයා තෝරගත්ත කාමරේ දිහා බැලුවා. ඒක තිබුණේ ගෙදර දෙවෙනි මහලේ. බොහොම පරණ තාලෙ ලී දොරක් කාමරේට තිබුණා. සැඩී ඒක අරිද්දි ඒකෙන් 'කිරි කිරි' හඬක් නැගුණා. ඒක එයා හිතුවට වැඩිය විශාල කාමරයක්. කාමරේ දූවිල්ලෙන් වැහිල ගිහින්.
"අනේ දෙයියනේ." සැඩීට කෙඳිරි ගෑවුණා. "මේ ඔක්කොම අස් කරල ගන්න නම් කල්පයක්වත් යයි."
සැඩී බොහොම පරිස්සමෙන් කාමරේ ජනේලෙ ලඟට ගිහින් ඒක ඇරියා. ජනෙල්වලින් හමා ආවෙ පරණ පුස් ගඳක්. ජනෙල්වලට හයි කරල තිබුණ සමහර සරණේරු බුරුල් වෙලා. පරණ පෙනුමැති යකඩ ජනෙල් රාමුව මලකඩ කාලා. ජනෙල් පියන්පත් කිරි කිරි හඬ නගමින් එලියට විහිදෙද්දි, සැඩීගෙ දකුණු අතේ මාපටැඟිල්ල එහි තියුණු කොනක ගැටී කැපිල ගියා.
"ඌයි." සැඩී අත ඉක්මනින්ම ඇදල අරගෙන ඒ දිහා බැලුවා.
අතෙන් යාන්තමට ලේ බිංදුවක් බිමට වැටුනා. සැඩීගෙ ඇස් දෙක සන්ත්‍රාසයෙන් ලොකු වුණා."ලේ!" සැඩීට ඇගේ හිස කරකැවෙනවා වගේ දැනෙන්න ගත උණේ තප්පරයයි. මේක ඇයට හොඳින් පුරුදු හැඟීමක්. ඊළඟට වෙන්න යන්නෙ මොනවද කියල බොහොම හොඳින් එයා දැනගෙනයි හිටියෙ.
"ග්‍රැනී!" කලන්තෙ දාල වැටෙන්න ඉස්සරවෙලා සැඩීට කෑගහල කියාගන්න පුළුවන් උණේ එච්චරයි.
හිසේ බර ගතියක් දැනෙද්දි සැඩී ඇදේ කෙළින් වී වාඩි වුණා. එයාගේ ඇඳේ පැත්තකින් පුටුවක් තියාගෙන වාඩි වෙලා හිටියෙ ආච්චි. ආච්චිගෙ මූණෙ තිබුණෙ බයක්ද, කණගාටුවක්ද නැත්නම් දුකක්ද කියන්න සැඩීට තේරුණේ නෑ. සැඩීගෙ හිතට ආපු පළවෙනිම සිතුවිල්ල වුණේ අතේ තුවාලෙයි. එයා ඉක්මණින්ම එයාගෙ දකුණු අත දිහාවට බැල්මක් හෙළුවා. ඇඟිල්ලෙ කිසිම ලේ පැල්ලමක් තිබුණේ නෑ. පුරුදු විදිහටම එයාගෙ තුවාලෙ සනීප වෙලා. සැඩී සැනසුම් සුසුමක් හෙළුවා.
"ඔයා මේකට දැන් පුරුදු වෙලා ඇති කියලයි මං හිතුවේ?" ආච්චි කල්පනාකාරී විදිහට ඇහුවා.
සැඩී බොරු හිනාවක් දැම්මා. "අහ්හහ්හහා...ඒක තමයි මාත් මේ බැලුවෙ."
"මේක විහිළුවක් නෙවෙයි!" ආච්චි කඩාපනිද්දි සැඩී උඩ ගියා. "ඔයා ලේවල සුවඳ ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ, මම ඔයාට මීට කලිනුත් මේක කියල තියෙනව!"
"අයියෝ ග්‍රැනී, සන්සුන් වෙන්න." සැඩී ආච්චිගෙ අත අල්ලන්න හැදුවත් ආච්චි එයාගෙ අත දමල ගැහුවෙ සැරෙන්.
"ඔයා මේක පාලනය කරගත්තෙ නැත්තං වෙන්නෙ මොනවද කියල ඔයා දන්නෙ නැද්ද?" ආච්චි තරහෙන් ඇහුවා.
සැඩී ඉවසීමෙන් හුස්මක් පිට කළා. "මේ බලන්න ග්‍රැනී, මේ වෙනකල් මං හොඳට කරගෙන ආව, එහෙම නේද? මං කාගෙවත් ලේ බීල නෑ, මට ඒකට කොච්චර උවමනාවක් දැණුනත් මං දන්නව මාව පාලනය කරගන්න හැටි. ඔයා හැසිරෙන්නෙ හරියට මං වැම්පයර් කෙනෙක් වගේනෙ."
ආච්චිගෙ තරහ හදිස්සියෙම නිවිල ගියා. එයා සැඩීගෙ හිස හිමින් අතගෑවා. "ඔයා රාක්ෂයෙක් නෙවෙයි, ඔයාට නිකන්ම ලේ දැක්කම ඒ සුවඳට ආස හිතෙනව විතරයි, තේරුණාද?"
සැඩී හෙමින් හිස වැනුවා. "ඔව්." සැඩී මිමිණුවා. "මගේ තාත්තගෙ පවුලෙන් පැවත එන රෝගයක්, ඔයා කියන විදිහට."
"එයාල අපේ පස්සෙන් එනව." ආච්චි සැඩීට මතක් කළා. "ඔයාගෙ තාත්තගෙයි අම්මගෙයි මිනීමරුවො දැන් එන්නෙ අපේ පස්සෙන්. ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ."
"එයාල අපේ පස්සෙන් එන්නෙ ඇයි?" සැඩී එයාගෙ ජීවිතේ දසදහස්වෙනි වතාවටත් ආච්චිගෙන් ඇහුවා.
කවදාවත් උත්තරයක් නොලැබෙන එකම ප්‍රශ්නය.
YOU ARE READING
Healing Powers
FanfictionIt's a sinhala fiction here 😌😌😌 Read and find out what happens! (because I'm bad at describing) "මොකක්? ඒ කියන්නේ අපි ඇත්තටම මේ විකාර ගෙදර ඉන්නද යන්නේ?" "කට පාලනය කරගන්න ඉගෙනගන්න!" එහෙම කියපු ආච්චි බොහොම සතුටෙන් එයාගෙ බඩු මල්ලත් අරන් ගෙදර ඇතුළට ග...