"අනේ ග්‍රැනී!" සැඩීට ඉකි ගැසුණා.
මේ වෙනකොට හුස්ම අල්ලන් ඉන්න ගත් උත්සාහයෙන් සැඩී හෙම්බත් වෙලයි හිටියේ. තමන්ගෙ ආත්ම පාලනය කොයි වේලේ ගිලිහෙයිද කියන බය ඇයව පිස්සු වැට්ටුවා. ආච්චි දකිද්දි සැඩීට ඇති වෙච්ච සැනසීම කියාගන්න බැරි තරම් වුණා.
"එයාව ගේ ඇතුළට ගේන්න." පිරිමි ළමයගෙ ලේ වෑහෙන හිස දැක්ක ආච්චි ඉක්මණින් කිව්වා.
සැඩී අළු පැහැ දෑස් ඇති කොල්ලාගෙ උදව්වෙන් පිරිමි ළමයව ඇතුළට ගෙනිහින් හාන්සි පුටුවක හාන්සි කෙරෙව්වා.
ආච්චි ඉක්මණින් ප්‍රථමාධාර කට්ටලය ඔවුන් ළඟට ගෙනත් දුන්නා. අළු දෑස් ඇති කොල්ලා පළපුරුදු ලෙසින් වැඩට බැස්සා. මුලින්ම සේලයින් යොදා ගනිමින් තුවාලය පිරිසිදු කළ ඔහු, ඊළඟට බෙතඩින් ස්වල්පයකින් තුවාලය නැවත පිස දැමුවා. ඊළඟට තුවාලයේ ලේ ගැලීම නැවතෙන තුරු ඔහු පොඩි ගෝස් කැබැල්ලක් තුවාලයට තද කරගෙන සිටියා. ඊටපස්සෙ ඔහු බෙතඩින්වලින් පෙඟවූ ගෝස් කැබැල්ලක් තුවාලයට තද කරලා තියලා, බැන්ඩේජ්වලින් තුවාලය වෙළන්න පටන් ගත්තා. දක්ෂ ලෙස හිස වටේ බැන්ඩේජ් වෙලූ ඔහු අන්තිමේදි ඒ බැන්ඩේජ් පටියෙන්ම සියුම් ගැටයක් යොදා වැඩේ අවසන් කළා.
මේ සියල්ල සිදු වෙද්දි සැඩී හිමින් සීරුවේ නාන කාමරයට ගියා. ගිහින් එහි බිත්තියේ එල්ලා ඇති කැඩපතෙන් මුහුණ බලද්දි ඇයට දැනුණෙ තමන් අවුරුදු ගාණකින් වයසට ගොස් ඇති බවක්. දැඩි කම්පනය ඇගේ පියකරු මුහුණ අඳුරු පැහැයකට හරවා තිබුණා. සැඩී වෙවුලන දෑතින් සින්කය ඇර දිය දෝතක් ගෙන මුහුණ සෝදා ගත්තා. ඉන්පසු කුඩා මුහුණ පිසින තුවායෙන් මුහුණ පිසදාගත් ඇය විසිත්ත කාමරයට ගියා.
"ඔන්න දැන් හරි!" අළු දෑසේ හිමිකාරයා ඇය දෙස බලමින් දත් නියවමින් කිව්වා. "දැන් මෙයාට බොන්න මොනවහරි දීලා චුට්ටක් නිදාගන්න දුන්න නං හරි."
"අපි ගාව ලෙමනේඩ් තියෙනවා." සැඩී හිනාවක් පාන්න උත්සාහ කරමින් කිව්වා. "ඒවයින් ටිකක් ගේන්නද?"
"මං හිතන්නෙ වතුර ටිකක් දුන්නොත් හොඳයි." පිරිමි ළමයා කල්පනාකාරී ලෙස කිව්වා.
"ඉන්න මං ගේන්නම්." සැඩී මුළුතැන්ගෙය දෙසට වේගයෙන් යමින් කිව්වා.
YOU ARE READING
Healing Powers
FanfictionIt's a sinhala fiction here 😌😌😌 Read and find out what happens! (because I'm bad at describing) "මොකක්? ඒ කියන්නේ අපි ඇත්තටම මේ විකාර ගෙදර ඉන්නද යන්නේ?" "කට පාලනය කරගන්න ඉගෙනගන්න!" එහෙම කියපු ආච්චි බොහොම සතුටෙන් එයාගෙ බඩු මල්ලත් අරන් ගෙදර ඇතුළට ග...