තුන්වන කොටස"මං හිතුවෙ මට ආයෙ ස්ටේජ් එකකට නගින්න වත් බැරි වෙයි කියල"
රෙස්ට් රූම් එකට වෙලා බර්ගර් එකක් කන ගමන් යුන්ගි හෝබිට කිව්වා.
"ඒත් මට තාම හිතා ගන්න බෑ හෝබා..එදා රෑ මං ජන්ග්කුක් ව හොදටම දැක්කා."
"අනී හයොන්ග් . ජන්ග්කුක් ඩෝම් එකේ නිදාගෙන නෙ උන්නෙ.මං නිදා ගන්න ගියෙ එයා නාන්න යනකොට මයි."
එතකොටම එතනට ආවෙ නම්ජුන් කැමරමන් ලා දෙන්නෙක් එක්ක.
"ගයිස් අපිට ඉක්මනට ලයිව් යන්න වෙනවා..අපි දැම්ම ආමිලට යුන්ගි හයොන්ග් ව පෙන්නන්න ඕන."
"යා නම්ජුනා..මොකෝ හදිසියේම "
"අන්න ආමිලා හයොන්ග් ව හොයනව. හොස්පිටල් ඉදන් ආපු වෙලේ ඉදන් කම්පැනි එකට කෝල් , ඊමේල් , වී වර්ස් එකෙත්…"
"මෙන්න අලුත් ටුවීට් හැශ්ටැග් එක #welovesuga"
ජිමිනුත් ෆෝන් එකත් අරන් කතාවට එකතු උනා.
"කෝ අනික් අය"
"ජින් හයොන්ග් ටේයොන්ගි එක්ක කොස්ටියුම් වගයක් බලනවා..ජන්ගුකා නිදි ."
"නිදි.මේ වෙලේ"
කට්ටිය පුදුම උනේ ජන්ග්කුක් සාමාන්‍යයෙන් දවල්ට නිදියන කෙනෙක් නෙවේ නිසා.කොහොම හරි ජන්ග්කුක් වත් ඇහැරවගෙන වී ලයිව් එකත් කරල යුන්ගිව ආමිලට පෙන්නලා එයාට දැන් හොදටම හොදයි කියද්දි ලෝකෙ වටේන් ආමිලා දාස් ගානක් එයාලත් එක්ක පැයක් ගත කරා.
එදා රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරපු කොල්ලො හත් දෙනා ඩෝම් එකට එද්දි රෑ දොලහත් වෙලා.ජන්ග්කුක් නම් ආපු ගනම් කාමරේට ගිහින් දොර වහ ගත්තා.
"මෙයාට මොකෝ උනේ."
ටේහ්‍යොන්ග් කොෆි එකක් හදා ගත්තා.ජින් ජන්ග්කුක් ට කොෆි බොන්න කතා කරත් ජන්ග්කුක් කාමරේ ඇරපු නැති නිසා එයා නිදි කියල හිතපු අනික් අය කොෆි බීලා කාමර වලට ගියා.ඒත් එයාල කවුරුත් දැක්කෙ නැති එක්කෙනෙ එයාල දිහා බලන් හිනා වෙවී උන්නා.ඒ ජන්ග්කුක් …
![](https://img.wattpad.com/cover/218685971-288-k958997.jpg)
YOU ARE READING
මනෝකාය (Completed)
Fantasyයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.