අටවෙනි කොටස
"ටිකක් එහාට යනෝකො"
හෝබි දගලවා.ජන්ග්කුක් ටත් ඇදේ ඉඩ මදි එකේ හවස යුන්ගි හොල්මනක් ගැන කියපු එකට බයේ ඇවිස්සිලා තිබ්බ කාමරෙත් එහෙම්ම තියලා හෝබි ජන්ග්කුක් ගෙ කාමරේට ආවා.ඇත්තම හොල්මන ඉන්නෙ දැන් එයාට එහා පැත්තෙ සෝෆා එකේ කියල දන්නවනම් ඉතින් හොබ්බා ඔහොම පෙරලි පෙරලි ඇදේ නිදා ගන්නෙ නෑ.
"අනී හයොන්ග් මටත් ඉඩ මදි..වෙන කාමරේකට යන්න තිබ්බනෙ"
ජන්ග්කුක් ත් නෝක්කාඩු කිව්වෙ අද එයාට මනෝකායට ඇතුල් වෙන්න ලැබුනෙ නැති එකේ අවුලටත් එක්කමයි.
ඒත් එක පාරටම හෝබි පෙරවන් උන්න බ්ලැන්කට් එක එහාට ඇදුනා.
"යා ජන්ග්කුක්කා නිදා ගන්න දෙනෝකෝ"
"හයොන්ග්නෙ මටත් නිදාගන්න නොදි හොල්මනක් වගේ මොකද්ද මූනෙත් අලවගෙන ඉන්නෙ"
"යා මගෙ ෆේස් මාස්ක් එක ඒක..යා කුකියා ඇත්තටම හොල්මනක් ද ඕයි මගෙ කාමරේට එහෙම කරේ"
හෝබි ඇදේ ඉදගෙනම ඇහුවා.
"ඒක නම් දන්නෑ හයොන්ග්.ඒත් ඔයා හිතනවද හොල්මනක් ඉදී නම් ඔයගෙ කාමරේට වෙලා විතරක් ඉදී කියලා..ඔයාගෙ කාමරේට අල්ලපු මගේ කාමරේට නොඑයි කියල"
ඒපාර නම් හෝබි උඩ ගියා.
"යා චින්චා … "
හොබ්බගෙ කටත් ඇරිලා.අත් දෙකෙම්ම බ්ලැන්කට් එක තුරුල් කරන්..
"ඒත් හයොන්ග් ඩෝම් එකේ කෙරවලේම තියෙන ජින් හයොන්ග් ගෙ කාමරේට නම් හොල්මන් වලට එන්න බෑ..ඒක දුරනෙ තියෙන්නෙ."
හෝබි ටිකක් කල්පනා කරා..ඔලුවත් කස කස ආයෙත් කල්පනා කරලා
"යා ජන්ග්කුක්කා හිතුවද මං පොඩි එකෙක් කියල රවට්ටන්නෙ..හොල්මන ආවොත් ඔයාව පහු කරන් තමා මං ලගට එන්න ඕන."
හෝබි ජන්ග්කුක් ගෙන් එහා පැත්තට පැනලා ඇදේ අයිනටම ගිහින් කොට්ටෙත් කකුල් අස්සෙ ගහන් නිදා ගත්තා.රෑ පුරා හෝබිගෙ එක එක සද්ද ඇහෙද්දි ජන්ග්කුක් ට නින්ද අහලකටවත් ආවෙ නෑ..ඇදේ පෙරලි පෙරලි ඉදලා අන්තිමට පානදර ජන්ග්කුක් ට නින්ද ගියා.
ESTÁS LEYENDO
මනෝකාය (Completed)
Fantasíaයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.