පලමු කොටස
පොත් ගුලෙන් පොත අරන් ඇවිත් සතියක් උනත් ජන්ග්කුක් ට පොත කියවන්න වෙලාවක් හොයා ගන්න නම් බැරි උනා.
කොන්සට් තිබුනත් නැතත් එයාලගෙ ප්රැක්ටිස් හැමදාම කාල සටහන පිලිවෙලට වැටිලා තිබුනා.
"යන්…….."
කෝපි එකකුත් තොල ගාන ගමන් අයියූ ගෙ අලුත් කතාව බල බල උන්නු ජන්ග්කුක් ට නම්ජුන් කතා කරෙ පන්සලට ගිහින් තව පොතක් අරන් එන්න.
"කොහෙද"
"පන්සලට"
"ඒ මොකටද"
ජන්ග්කුක් පුදුම වෙලා.
"ඇයි කුකියො පොත මාරුකරල අලුත් පොතක් ඉල්ලන් එන්න..ඔයා ඉල්ලන් ආපු පොතත් ආපහු දෙන්න එපැයි."
"අනී හයොන්ග් .මං තාම ඒක කියෙව්වෙ නෑනෙ."
ජන්ග්කුක් නහයෙන් අඩන්න පටන් ගත්තා.
"මෙච්චර දවසක් මොකෝ පොල් ගෑවද"
"ඉතින් ප්රැක්ටිස් නේ"
"මං කියෙව්වෙ..ඊටත් වඩා ලොකු පොතක්."
නම්ජුන් එක්ක කතා කරල දිනන්න බැරි වග තේරුන් ගත්ත ජන්ග්කුක් නැගිලට ගිහින් පොත අරන් ඇවිත් නම්ජුනට දුන්නා.
එතකොටම එතනට ආවෙ සෙජින්,
"ජුනී..බෑන්ග් පීඩී නිම්ට ඔයාව හම්බෙන්න ඕන කිව්වා..දැම්ම යුන්ගි එක්ක එන්න කිව්වා."
නම්ජුන් පුදුම උනේ ඒ වෙනකොට ඔරලෝසුවෙ වෙලාව හයයි දහයක් වආ තිබ්බ නිසා.හදිසියක් කියල තේරුන් ගත්තු නම්ජුන් මියුසික් කම්පෝස් කර කර උන්නු යුන්ගිවත් එක්කරගෙන බිග්හිට් එකට ගියා.
මේ අතරෙ ජන්ග්කුක් බල බල උන්නු කතාවත් ඉවර කරල ජිමිනුයි හෝබි හදපු සැන්විචස් ටික ටත් වැඩේ දීලා සාලෙට ආවෙ නම්ජුන් යුන්ගිත් ඇවිත් හිටපු නිසා.
"ගයිස්..අපිට ඊලග සතියෙ ශෙඩූල් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා."
කට්ටිය මූනට මූන බලා ගත්තෙ ඒ වෙනකොටත් එයාලට ඊලග සති තුන හතරකට වැඩ පිරිලා තිබුනු නිසා.
KAMU SEDANG MEMBACA
මනෝකාය (Completed)
Fantasiයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.