පස්වෙනි කොටස
පහුවදා ජින් ගෙ එලාම් එක නම් වැදුනෙ නෑ..ඒත් ඒ වෙනුවට වැදුනෙ ටේහ්යොන්ග් ගෙ එලාම් එක..
"කුකියා…..නැගිටිනවා...නැගිටලා මට ඔය ශීට් ටික දෙනවා…"
ටේහ්යොන්ග් ජන්ග්කුක් නිදියන් උන්නු ශීට් ටික ඇදිනවා.ජන්ග්කුක් නින්දෙන් එහෙ මෙහෙ ඇබරෙනවා..යුන්සුට නම් හිනා..
"මට අදින්න බැරි උනු එක මේ ඇටකෝට්ටා කොහොමද අදින්නෙ."
යුන්සු හයියෙන් හිනා වෙන්න ගත්තා.එ හිනාවෙ සද්දෙ එන එන වැඩි වෙද්දි ජන්ග්කුක් අත් දෙකෙන්ම්ම කන් දෙක වහගෙන නැගිටල කන්න වගේ ටේහ්යොන්ග් දිහා බලන් උන්නා..ඒත් එක්කම සෝෆා එක දිහා බලල රැව්වෙ යුන්සුට..බය උනු යුන්සු ආයෙත් සෝෆා එකට ගුලි උනා.
"හයොන්ග් මොකෝ මේ."
"අයි මෝඩයෝ අද ඩෝම් එක අස් කරන දවස මතක නැද්ද...ගිහින් කෑම කනවා වැඩ තියෙනවා."
එහෙම කියපු ටේහ්යොන්ග් ශීට් ඔක්කොම එකතු කරන් යුන්ගිගෙ කාමරේට ගියෙ එයාවත් ඇහැරවලා ශීට් ටික එකතු කරන් ලොන්ඩ්රියට යවන්න.
ජන්ග්කුක් වොශ් දාගෙන ඇදුමකුත් දාගෙනම අවෙ යුන්සු ඉන්න නිසා.ඒත් යුන්සු නම් සෝෆා එකේ උන්නෙ නෑ..
"සමහර විට වහල උඩ වෙන්න ඇති"
තමාටම කියා ගත්තු ජන්ග්කුක් කෑම කන පහලට යද්දි කට්ටියම කෑම මේසෙ ඉදගෙන..ජන්ග්කුක් ත් ගිහින් ජිමින් ගාවින් වාඩි වෙලා පාන් පෙත්තකට ජෑම් ගාන්න ගත්තා.
"ජින් හයොන්ග් කෝපි"
ජන්ග්කුක් එහෙම කියන ගමන් කිචන් එකේ උන්නු ජින් දිහා බලද්දි ජන්ග්කුක් උඩ ගියා..ජින් පාන් කපනකොට යුන්සු මේසෙ උඩ වාඩි වෙලා එහා පැත්තෙ තියල තියෙන ජින් ගෙ කෝපි එක බොනවා.
"යා ඔතනින් බහිනවා."
ජන්ග්කුක් කෑ ගහගෙන නැගිටිද්දි කට්ටිය උඩ ගියා.ජින් අතේ තිබ්බ පිහිය බිම..යුන්සුත් බය වෙලා හිමීට මේසෙන් බැස්සා.ජින් පුදුමෙන් ජන්ග්කුක් දිහා බැලුවෙ ජන්ග්කුක් කවදාවත් ජින්ට සද්දෙන් එහෙම කතා කරලනැති නිසා..ඒ අවසරෙන් යුන්සු ජින්ගෙ කෝපි කෝප්පෙ උගුරට දෙකට බීලා ආයෙත් එතන තිබ්බා.
![](https://img.wattpad.com/cover/218685971-288-k958997.jpg)
YOU ARE READING
මනෝකාය (Completed)
Fantasyයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.