දහ වෙනි කොටස
පහුවදා ඩොක්ටර් ඇවිත් ජන්ග්කුක් ව චෙක් කරද්දි ජිමින් උන්නෙ කටත් ඇරගෙන බයට.
"බයවෙන්න දෙයක් නෑ එක්ස් රේ එකේ පොඩි බිදුමක් තිබ්බ නිසයි මං චෙක් කරේ..ඒත් මං හිතන්නෙ ඒක ලොකු දෙයක් නෙවේ..හවසට ජන්ග්කුක් ට ගෙදර යන්න පුලුවන්."
ඩොක්ටර් අන්තිමට කියපු වචන ටික ඇහෙද්දියි ජිමින්ගෙ කට වැහිලා ඇස් පිල්ලම් ගැහුනෙ..ජන්ග්කුක් ගෙ රිපෝට් එකේ ලියපු ඩොක්ටර් කාමරෙන් යද්දිම ජිමින් පැනලා ජන්ග්කුක් ව බදා ගත්තා.
"හයොන්ග් ලට කතා කරමු."
"එපා...හයොන්ග් ලා කොහොමත් දවල් වෙද්දි එයි…"
ජිමින් අනික් අයට කතා කරන එක ජන්ග්කුක් නැවැත්තුවෙ ඇත්තටම කොල්ලො ටිකට එයාලගෙ වැඩ පාඩු වෙන නිසයි..
"කුකියා….යුන්සු ලස්සනයිද"
ජිමින් ඒකඇහුවෙ ලග තිබ්බ පුටුවක වාඩි වෙන ගමන්.
"හුරුබුහුටියි..පොඩි එකෙක් වගේ අඩා ගත්තු ගමන් මයි..කියුට්"
ජන්ග්කුක් කියද්දි එයාගෙ ඇස් දිලිසුනා. ජිමින් හරි උවමනාවෙන් ජන්ග්කුක් දිහා බලන් උන්නත් ජන්ග්කුක් කල්පාවක වගේ ඉදන් කියපු වචන ටික ජිමින් ට අමුතු විදියටයි දැනුනෙ.
"එයා ඔයාට නූනා වෙන්නෙ"
ජිමින් කියද්දි ජන්ග්කුක් ට ලැජ්ජා හිතුන්.
"අනියා….එහෙම දෙයක් නෑ."
"කොහොම දෙයක්ද කුකියා"
ජන්ග්කුක් ව රතු වෙලා..ඉදුනු තක්කලි ගෙඩියක් වගේ.
"හයොන්ග්…"
ජන්ග්කුක් නෝක්කාඩු විදියට කියද්දි ජිමින්ට හිනා…
"හරි හරි….අපි දන්නවා කුකියා හොයන්නෙ අයියු වගේ කෙල්ලෙක්නෙ."
ඒ පාර නම් ජන්ග්කුක් ට මනමාල හිනාවක් ගියා..ජන්ග්කුක් ගාවට ආපු ජිමින් ජන්ග්කුක් ගෙ කම්මුල් මිරිකලා,
"අයිගෝ අපෙ කුකියාට ලැජ්ජ හිතිලා…"
ජන්ග්කුක් ටයි ජිමින්ටයි ඊට වඩා කතා කරන්න උනේ නම් නෑ..එතන්ට ආවෙ ජින් ටේහ්යොන්ග් දෙන්නා..
VOUS LISEZ
මනෝකාය (Completed)
Fantasyයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.