මනෝකාය

773 246 30
                                    

              දහතුන් වෙනි කොටස

"ජන්ග්කුක්"

කල්පනා ලෝකෙ උන්නු ජන්ග්කුක් එක පාරටම ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුනු යුන්ගිගෙ කට හඩට.

"හයොන්ග් "

"කුකියා දුකින්ද"

යුන්ගි කතා කරේ ඊට එහායින් ගුම්ජේගෙ අතේ එල්ලිලා ජන්හ්‍යුන් එක්ක කතා කර කර උන්නු යුන්සු දිහා බලාගෙන.

"නෑ හයොන්ග් .. එයාට දැන් හොදයිනෙ..ඒකම ඇති."

ජන්ග්කුක් කතාවෙන් එහෙම කිව්වට යුන්සුට ජන්ග්කුක් ව මතක නැති එක ගැන ලොකු දුකක් කොල්ලගෙ ඇස් වල තිබුනා..

"අපි දැන් යමු..සේජින් හයොන්ග් ඇවිත්"

නම්ජුන් එතනට ආවා..යුන්සුටයි පවුලෙ අයටයි කතා කරපු කොල්ලො ටික එතනින් ආවා.ගුම් ජේ යුන්සු එක්ක නතර උනේ යුන්සුගෙ බලේට..ජන්හ්‍යුන් ගෙදර ගියෙ රෑට කොරියා යන්න ෆ්ලයිට් එක තිබුනු නිසා.

හොටෙල් එකට එන ගමනිත් කට්ටිය කතා කරේ යුන්සු ගැන.ඒත් ජන්ග්කුක් කිසිම සද්දයක් නෑ.හැමෝටම ජන්ග්කුක් ගෙ වෙනස තේරුනත් කවුරුත් කොල්ලට මුකුත් කියන්න වත් අහන්න වත් ගියෙ නෑ.

"ජින් හයොන්ග් රෑට පීට්සා ඕඩර් කරන්න.."

නම්ජුන් එයාගෙ කාමරේට ගියෙ ජින්ට එහෙම  කියාගෙන..වීමින්කුක් එක කාමරේකත් යුන්ජින් එක කාමරේකත් නම්සොක් එක කාමරේකත් උන්නෙ සෙකුයිරිටි එකේ අයගෙ ආරක්ශාව මැද්දෙ..යුන්සුලගෙ ගෙදර ඉදන් එද්දි ටිකක් හවස් උනු නිසා හෙට ඉදන් ශූට් එක තිබුනු නිසාත් කට්ටිය රෙස්ට් කරන්න ගියා.

"ජිමිනා ඕක මට දෙනෝකෝ"

"අනේ මේ ඉන්නවා ඔහොම මං හදන්නම් මේක"

වී ගෙ ඉයරින්ග් එකක ස්ටෝන් එක ගැලවිලා.ජිමින් පන දාගෙන ඒක හදනවා.ඒ අස්සෙ වීත් පන්ඩිතයා වගේ ජිමින් ගෙන් ඒක උදුරනවා..ජිමිනත් හයොන්ග් පෝස්ට් එක නලලටම අරන් වීට පුප්පනවා..

"යා ජන්ග්කුක්කා ඉක්මනට එනව..තමුසෙ දිය වෙයි."

වී කෑගැහුවෙ ආපු වෙලේ ඉදන් නාන ජන්ග්කුක් ට.

මනෝකාය (Completed)Where stories live. Discover now