මනෝකාය

1.3K 320 135
                                    

           දහ හතර වෙනි කොටස
                (අවසන් කොටස)

"සාතන්..යක්ශයා"

හෙවොනා කිව්වෙ තරහෙන් පුපුර පුපුර.ඒත් එක්කම එතනට ආවෙ ජන්ග්කුක් ජන්හ්‍යුන් දෙන්නා.එයාලට වෙන්නෙ මොනාද කියල හිතා ගන්න බැරුව වට පිට බැලුවා.

"ජන්ග්කුක් අපි සටන් කරන්න යන්නෙ..ඔයාලා තමන්ගෙ සම්පූර්න සියොන් බලය පාලනයට ගන්න."

හෙවොනා කියල ඉවර කරද්දිම ජෝශින් ඉහල අහසේ බබරයක් වගේ කැරකෙමින් අමුතු ආලෝකාධාරා විදිහන්න පටන් ගත්තා..ඒත් එක්කම හතර වටෙන් පුංචි පුංචි ආලෝක බුබුලු දහස් ගානක් ජෝශින් වටේට එකතු උනා..ඒ විවිද මනෝකායන් ගොඩක්.

"හරි පටන් ගන්න."

ජෝශින් ගෙ අත් ඉස්සෙද්දි ඒ හැම මනෝකායක්ම තම තමන්ගෙ ශක්ති හැකි පමනින් යක්ශ සේනාවට පහර දුන්නා..ඒ අතර ඉදපු සියොන් වරුත් දැඩි විදියට පහර දුන්නා..ජන්ග්කුක් ජන්හ්‍යුන් දෙන්නත් මේකට එකතු උනා..

යක්ශයින් ගින්දර වලින් පහර දෙද්දි සියොන් වරු ජලයෙන් පහර දුන්නා..යක්ශයින් කලු මන්ත්‍ර එල්ල කරද්දි සියොන් වරු සුදු මන්ත්‍ර එලුවා..ජන්ග්කුක් අනික් හැම කෙනෙක්ටම වඩා ශක්තිමත්ව සටන් කරා.ජන්ග්කුක් දෙවෙනි උනේ ජෝශින්ට විතරයි.

"ඔන්න බලාගෙන"

එක පාරම ජන්ග්කුක් ගෙ පැත්තට ආපු හීයක් ජෝශින් එයාගෙ බලෙන් අයිස් කරා..ජන්ග්කුක් යක්ශයින් එක්ක කරන සටන ජෝශින් බලන් උන්නෙ ඇත්තටම ජන්ග්කුක් දක්ශ සටන් කාරයෙක් නිසා.සියොන් බලයත් හොදට පාලනය කරපු නිසා.

"සාතන් උබේ විනාශය."

අවසානෙ ජෝශින් සාතන් ගෙ දිහාට බලය හරවද්දි යක්කු පිරිවරාගෙන උන්නු පාතාල ලෝකෙ රජුන් කැලඹුනා..සටනින් සියොන් වරු ප්‍රමුඛ මනෝලායන් දිනාගෙන එද්දි සාතන් යක්ශ හමුදාව එක්ක පැනලා ගියෙ ක්ශනයකින්.

"යක්ශයෝ පැනල යනවා…"

ජන්හ්‍යුන් කිව්වෙ යක්ශයින් ගෙ පස්සෙන් යමු වගේ බැල්මක් එක්ක.

"සටන ඉවරයි...උන් ගෙන් ආයෙ මිනිස් ලෝකෙට කරදර නෑ."

හෙවොනා කියද්දි ජෝශින් තාමත් බලන් උන්නෙ ජන්ග්කුක් දිහා.ජන්ග්කුක් හරියට තමගෙම ප්‍රතිරූපයක් වගේ..ජෝශින් හිතින් හිතුවා.

මනෝකාය (Completed)Où les histoires vivent. Découvrez maintenant