මනෝකාය

1.1K 304 20
                                    

                    දෙවන කොටස

බෙඩ්ශීට් එක අතට ගන්න ගියපු ජන්ග්කුක් දැකපු දෙයින් පුදුම උනා..නිදියන් උන්නු විදියටම ඒ ඉරියව්වෙන් ජන්ග්කුක් එහෙම්ම නිදි..

"ඒත් මං.."

එයාගෙ අත් දෙක දිහා බලද්දි දැක්කෙ ඇගෙන් විහිදෙන ආලෝකය..

"ඒක හරි ගිහින්."

ජන්ග්කුක් කන්නාඩිය පැත්තට හැරුනා.ඒත් කන්නාඩියෙන් එයාට එයාව පෙනුනෙ නෑ.

"මං මනෝකාය..යුන්ගි හයොන්ග් .".

ජන්ග්කුක් යුන්ගිව මතක් කරපු සැනින් ජන්ග්කුක් ව දුමාරයක් වගේ ඉගිලිලා ගියෙ යුන්ගි නවත්තලා උන්නු හොස්පිටල් එකට..ජන්ග්කුක් හොස්පිටල් එක ඇතුලට යද්දි ඇහුනේ විලාප හඩවල් හොඩක්.

හොස්පිටල් එක පුරාම ඇහැට නොපෙනෙන ශක්ති ගොඩක් ඔහේ පාවෙනවා..මුලදි ජන්ග්කුක් ට බය හිතුනත් ඒ හැම මනෝකායක්ම ජන්ග්කුක් ව දැකල බයෙන් පස්සෙට යනකොට තමයි ජන්ග්කුක් ට තේරුනේ ඒ කිසිම රූපයක ආලෝකයක් විහිදුනේ නෑ කියල.

යුන්ගිගෙ කාමරේට ආපු ජන්ග්කුක් දැක්කෙ නිදාගෙන උන්නු යුන්ගිත් ඊට මෙහයින් සීතලට ගුලි වෙලා උන්නු ජිනුත්..

"ඔහ්.."

ජන්ග්කුක් එක පාරටම බය උනා..පිටි පස්සෙ දොරත් ඇරුනා..ජන්ග්කුක් අයිනට යද්දි දොරෙන් ඇතුලට ආවෙ නර්ස්..යුන්ගිව බලපු නර්ස් සේලයින් එක මාරු කරල ආයෙත් යන්න ගිහින් ජන්ග්කුක් හිටපු පැත්තත් බැලුවා.කිසිම වෙනසක් නැතුව නර්ස් යන්න ගියා.

"ඔහ්..මං බය උනා..මාව පේන්නේ නෑනෙ".

යුන්ගි ගාවට ගියපු ජන්ග්කුක් යුන්ගිගෙ ඔලුවට අත තියලා පොතේ තිබුනු විදියට ප්‍රාර්ථනා කරා.කකුලත් අල්ලලා ප්‍රාර්ථනා කරා..ජන්ග්කුක් ගෙ අත හරහා ආලෝක කදම්භයක් යුන්ගිගෙ කකුල හරහා ගිහින් යුන්ගිගේ හිස් මුදුනෙන් පිට වෙලා නොපෙනී ගියා.

එකපාරට ගැස්සිලා ඇහැරුනු යුන්ගි,

"ජන්ග්කුක් කා… "

කෑගහද්දි කලබල උනු ජන්ග්කුක් එහාට උනා..එ සද්දෙට නිදාගෙන උන්නු ජින් ගැස්සිලා ඇහැරිලා යුන්ගි ගාවට ආව..

මනෝකාය (Completed)Donde viven las historias. Descúbrelo ahora