හත්වෙනි කොටස
"ජන්හ්‍යුන් ෆ්‍යුනරල් එක ඉවරද?"
"ආහ් ජන්ග්කුක්..ඔව් අනේ..ඒත් මං මෙහෙ ටිකක් ඉන්න බැලුවෙ..අද රෑට හම්බෙමුද?අර ලමයගෙ වැඩේ බලන්න."
ජන්ග්කුක් ගෙ කෝල් එකට පලවෙනි පාරම උත්තර දුන්නු ජන්හ්‍යුන් වෙනදා පුරුදු සාම්කාමී විදියට කතා කරා.
"මං හොයාගත්තා ජන්හ්‍යුන් එයා ගැන..ඒත් පොඩි ප්‍රශ්නයක් "
ජන්ග්කුක් තමන්ගෙ හිතේ තියෙන දේ ජන්හ්‍යුන් ට කියන්න හිතුවත් ඒ වෙලේ යුන්සු කාමරේ උන්නු නිසා ජන්ග්කුක් බැල්කනියට ආවා.
"ඔව් ජන්ග්කුක් කියන්න මට.මොකද්ද ප්‍රශ්නෙ."
"ජන්හ්‍යුන් මට හිතෙනවා මේ යුන්සුගෙ පිටිපස්සෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල."
ජන්ග්කුක් හිතේ තිබ්බ දේ කිව්වා.
"ප්‍රශ්නයක් කිව්වෙ.ඒයාට මතක් උනාද සේරම"
"නෑ නෑ..මෙහෙමයි"
ජන්ග්කුක් සිද්දි ටික එක පෙලට කියද්දි ජන්හ්‍යුන් ටිකක් නිහඩ උනා..
"හරි ජන්ග්කුක්..මං යුන්සු ඉන්න හොස්පිටල් එකයි ගෙදර අය ගැනයි බලල අද රෑට කියන්නම්.වෙනදා හම්බෙන තැනදිම හම්බෙමු..රෑ 12 ට."
ජන්හ්‍යුන් එහෙම කියල ෆෝන් එක තිබ්බා..ජන්ග්කුක් ගෙ හිතෙත් නානාප්‍රකාර දේවල් ගොඩක් කැරකෙද්දි කාමරේට ඇවිත් ඇදට පැන්නා..යුන්සුත් ලී කැටයම තුරුල් කරගෙනම සෝෆා එකේ.
මේ අතර කැනඩාවෙ ටොරින්ටෝ නගරයේ නිස්කලංක සුඛෝපභෝගී දෙමහල් නිවසක තවත් යමක් සිදුවෙමින් තිබුනා.
"අපි යුන්සුගෙ ට්‍රීට්මන්ට් ඉක්මනට පටන් ගත්තොත් හොදයි නේද…"
මිසිස් ලී තේ කෝප්ප දෙකකුත් අතේ තියන් මිස්ටර් ලී දිහාට හැරුනා.මිස්ටර් ලී තේ කෝප්පයක් අතට අරගෙන හිමීට බොන්න පටන් ගත්තෙ තව තවත් පුටුවට හේත්තු වෙන ගමන්.
"දරුවව මෙහෙන තියන්න මට බෑ..මං හෙටම ඩොක්ටර් ස් ලට කතා කරනවා."
ŞİMDİ OKUDUĞUN
මනෝකාය (Completed)
Fantastikයම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.