Joungkook's p.o.v..
"මොකද Tae ඔයා මෙතන මෙයත් එක්ක කතා කරන්නෙ ඔච්චරටම ඇයි jimin මොකද මූන කලු උනේ. මොකද්ද දෙන්න එක්ක කරන හොර වැඩේ."
"නෑ අපි මේ ඊලග පාර නිවාඩුවට busan යන්න කියලා කතා උනේ kookie .. Hyung ලාටත් කියන්න ඕන නේද Tae."
Tae මොනවා හරි කියන්න යද්දි jimin පැනලා කිව්වාම මෙයාල මගෙන් මොනවම හරි හංගනව කියල මට තේරුණා.
"ආ.. ඔව් kookie ඔයත් එනවද ඇවිදින්න යන්න හොද fun එකක් ගන්න පුළුවන් වෙයි."
"මට බොරු කියනවා නෙවෙයි නේ." Tae කියපු එකට මම එයා දිහා ඇහිබැම අකුලවගෙන ඇහුවම tae අහක බලාගත්තම tae මොකක් හරි හංගනව කියල මට හොදටම තේරුනා මොකද එයාට කාගවත් ඇස් දිහා බලාගෙන බොරු කියන්න බෑ.
"අනේ නෑ tae ට මොකක්ද ඔයාට හංගන්න තියෙන්නේ."
"Jimin ඇයි ඔයා Tae ට කතා කරන්න දෙන්නෙ නැත්තේ අනික මම ඔයාගෙන් නෙවෙයි ඇහුවේ පනින්නෙ නැතුව ඉන්නවද පොඩ්ඩක්.""Sorry jungkook.. " jimin සමාව ගත්ත විදියට පව් කියලත් හිතුන ඒත් මම වෙන මොනවා කියන්නද එයානෙ මාව තරහ ගස්සන්නෙ.
"එන්නවකො Tae අද කන්නෙ නැද්ද.. මටනම් තාමත් සැකයි උබ මෙයත් සැරින් සැරේ එක්ක කතා කාටත් හොරා කරන්නෙ මොනවද කියලා." Tae jimin එක්ක නැගිටල මොනවද කියන්න හදනකොටම hobi hyung කෑගහගෙන ආව නිසා tae කට වහගත්තා.
"ලමයි යමු කන්න... oh මගේ chimin ඔයාට බඩගින්නි නැද්ද පැටියෝ.... " hobi hyung ඇවිත් jimin ගේ කරේ එල්ලිල jimin ව විහිළුවට kiss කරන්න හදන ගමන් ඇහුවාම jimin උත් කවුද වගේ හිනා වෙන්නෙ හරි ලොකු දෙයක් වගේ."මල සමයං.." මම Tae ත් ඇදන් කන්න ගියා.
Jimin's p.o.v...
.
.
.
මොනවද කතා කරන්නේ කියලා jk ඇවිත් අහද්දි Tae දෙන්න යන උත්තරය දන්න නිසා Tae කට අරිද්දිම මම එයාගෙ අත අල්ලගෙන තද කරේ එපා කියලා අගවන්න. ඒක Tae තේරුම් ගත්තත් එයාට කියාගන්න දෙයක් නැති උන නිසයි මම පැනල උත්තර දුන්නේ..
ඒත් මම jungkook එක්ක කතා කරනවටවත් Jungkook කැමති නෑ ඒකනේ මට බැන්නේ. මම හොදටම බයවෙලා හිටියෙ tae මොනව කියයිද කියල tae ට බොරු කියන එක ගොඩාක් අමාරු දෙයක් ඒ එක්කම hobi hyung ආවේ දෙයියෝ බැලුවා වගේ...J hope's p.o.v...
.
.
.
"අපි කාලා එන ගමන් කට්ටියට මගේ අදහස දාන්න හිතුවා. " කට්ටිය දන්නවද අද හවස class එක නෑලු අපි ඒ නිසා යමුද seoul ටවුන් එකේ රවුමක් ගහන්න හෙට හවස හැමෝම vacation යනවනේ ඒනිසා පොඩ්ඩක් විනෝද වෙලා එමු. Jk ලස්සන කෙල්ලෝත් ඇති ටවුන් එකේ. "
YOU ARE READING
My Angel. 《Completed》
RomanceHe is a 20-year-old boy with an innate ability to dance; From the childhood, the only thing he received from his colleagues was unbearable harassments and insults. With the passage of time and those heartbreaks from the friends, he became more and m...