Chapter 💛 05

1K 236 23
                                    

Jungkook's p.o.v...

"මේ ඔයාට විශේෂයෙන් කියන්නෙ jimin"

කියාගෙන මම පිටිපස්ස හැරුනා. අපි හැමෝටම පිටිපස්සෙනුයි jimin හිටියේ.
බලද්දි මෙයා එතන නෑ. දැනටමත් ගිහින් Tae ට කියලාද දන්නේ නෑ.මම වටපිට බැලුවෙ ඇත්තටම කේන්තියෙන්.
මෙන්න මෙයා බිත්තියේ මුල්ලකට හේත්තු වෙලා ඉන්නවා

"යා...ඔතන මොකද කරන්නේ...
දැන් අපි කතාකරගත්ත හැමදේම ඔයාට මුල ඉදන් මම කියන්න ඕනෙද? ඔයානම් මහ වදයක්.."

මම කෑගැහුවත් jimin ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.

"හහ්.... මාව ගනන් ගන්නෙ නැතුව ඉන්න හැටි."

කේන්තියෙන් jimin ලගට ගිහින් එයාගෙ උරහිසෙන් ඇදලා මගේ පැත්තට හරවාගතේ හොදවයින් දෙකක් කියන්න. ඒත් එයාගෙ මූන දැක්කම මගේ කේන්තිය අතුරුදහන් වෙලා ගියා. අනේ...මෙයා කට තද කරගෙන හොදටම අඩනවා. අඩලා අඩලා නාහෙත් රතූ වෙලා.මගේ දිහා බැලුන ගමන් එයාට තවත් ඉකිගැහුනා. ඒත් ...එක පාරටම

"අනේ jk.."

කියාගෙන jimin මගේ පපුවට තුරුළු උනා.
"ඒයි.. jimina මේ මොකද? "

"අනේ jk එයා පවු. Tae අත්තම්මාට ගොඩක් ආදරෙයි..එයා කොහොමද මේක දරාගන්නේ. එයාට කොහොමද මේක කියන්නෙ. මමත් අත්තම්මාට ආදරෙයි ඔයා කිව්වාම අත්තම්මා නැතිවෙලා කියලා මාව හොදටම shock උනා. මට මේ දුක දරාගන්න බැහැ.මම කොහොමද ඒ අසරනයගේ මූණ බලන්නෙ."

පොඩි එකෙක් වගේ එයා මගේ පපුවේ ගුලිවෙලා අඩ අඩා කියද්දි පලවෙනි වතාවට මට jimin ගැන ලොකු අනුකම්පාවක් ඇතිඋනා. මෙච්චර කාලයක් jimin ඉස්සරහ ගලක් උන මගේ හදවත jimin ගේ කදුළු වලට උණු උනා. මටත් නොදැනීම මම jimin ව තුරුළු කරගෙන පිට අතගෑවෙ එයාව සන්සුන් කරන්න.

"Jimin-ah අඩන්න එපා " මට ඒක ඉබේටම කියවුණා.එයා ඉකිබිඳිමින් අඩනව ඇහුනම මගේ හිත කඩාගෙන වැටුනා වගෙයි මට දැනුනේ. නිකන් මම එයාගෙ කදුළු දකින්න කැමති නෑ වගේ. මොකද්ද මට මේවෙන්නෙ.

"මේ අහන්න jimina මේ මටත් ඔයාට වගේම දුකයි.ඒත් මම දුක හංගගෙන ඉන්නේ අපේ අහිංසක Tae වෙනුවෙන්.මේ වෙලාවෙ අපි එයා වෙනුවෙන් මේක කරන්න ඕනේ නේද?
එයා මේ වෙලාවෙ මේක දැනගත්තොත් මොනව වෙයිද. Tae අපි වගේ නෙවෙයි හරිම සංවේදී කෙනෙක්. ඔයාට ඒක තේරෙනවනෙ."

My Angel. 《Completed》Dove le storie prendono vita. Scoprilo ora