Episode 13

372 105 47
                                    

~Man-Shik සමඟ මෙහෙයුමක්~

Yeong Ho කුමරු හා Gi Yon රජතුමා හමුවීමට යමින් සිටියා. ඒ අතර කුමරු දුටුවා Min Hwa ව. කුඩා කල කතාබහ කර තිබුනත් ඔහුට ඇයව හඳුනාගත නොහැකි වුනා. නමුත් Min Hwa කුමරුට කතා කලා.

"Jeoha..."☺ කුමරු ඇය දෙස බැලූ විට ඇයගේ කම්මුල් රෝස පාට වී ගියා. Nam Hee කුමරුට Min Hwa කව්රුන්දැයි හඳුනා දුන්නා.

"Jeoha... මැය, ප්‍රධාන අමාත්‍ය Choi ගේ දියණියයි. Min Hwa..."

"ආ... එසේද?" එලෙස පැවසූ කුමරු ආචාර කර එතැනින් යාමට සැරසුනා. තමා සිතූ තරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුන නිසා Min Hwa ගේ මූණ මැලවිනි.

"Jeoha..." Min Hwa නැවතත් කුමරුට කතා කලා.
"කතා කල හැකියි ද ඔබතුමා සමඟ?"

"එසේයි.... පවසන්න..."

"තනිව?" Min Hwa එය පැවසුවේ Gi Yon දෙස බලමින්. Gi Yon දෙස බැලූ කුමරු, ඇයට එතැනම රැඳී සිටින්න යි පවසා Min Hwa සමඟ ගියා. Min Hwa කුමරු සමග යන විට Nam Hee ට ඇහැක් ගැහුවා. එවිටයි Nam Hee ට වැටහුණේ Min Hwa ඇයට Gi Yon සමඟ කතා කිරීමට අවස්ථාවක් ලබා දුන්බව.

"පියාණන් පැවසුවා මෙය Chun පාලකතුමාට ලබා දෙන ලෙස" Nam Hee, Gi Yon ට හසුනක් ලබා දුන්නා.

"මා එය ලබා දෙන්නම්... ස්තූතියි.." Gi Yon කුමරු සිටි දෙසට යාමට හැරුණා.

"Chogiyo.. ". (excuse me)
Nam Hee Gi Yon ට කතා කලත් ඇයට පැවසීමට දෙයක් තිබුනේ නෑ.
"අද හරිම ලස්සන දවසක් නේද? "

"හ්ම්ම්.... ඔව්" Gi Yon අහස දෙස බලා, වෙනසක් නැති බව හැඟෙව්වා.

"ආ..... ඔබට අද... විශේෂ කාර්යයක් තියෙනවද?"

"එසේයි... කුමරු සමඟ සිදුකිරීමට කාර්යයක් තිබෙනවා. "

"අහා... ගැටළුවක් නැහැ.. නිකමටයි මා විමසුවේ..."

"මට කුමක් හෝ පැවසීමට තිබෙනවා ද?"

"එසේ නැහැ......😁 මා පිටවන්නම් ...😊"

...

Min Hwa කුමරුව එක්කරගෙන ගියේ Nabi උද්‍යානයටයි. ටික වෙලාවක් කතා කරමින් සිටි Min Hwa මදකට නතර වුනා. ඇය කුමරු දෙස බලා සිටියේ ආදරය පිරි දෑස් වලින්. ඒ බැල්ම කුමරුන්ව අපහසුතාවයට පත් කලා.
"කුමක් හෝ...... ගැටළුවක් ද?" කුමරු එසේ ඇසුවේ Min Hwa කතාව නවතා බොහෝ වෙලාවක් කුමරු දෙස බලා සිටි නිසයි. එයට පිළිතුරු නොදුන් Min Hwa එකවරම කුමරුගේ කම්මුලට හාදුවක් දුන්නා.

Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]Where stories live. Discover now