~ Yudu උත්සවය ~
🎋කිසිවක්ම සිදු නොවූ ලෙසින් මාලිගාව සාමාන්‍ය ලෙස පැවතුනත් Kim අමාත්‍යතුමා සිටියේ බොහොම කනස්සල්ලෙන්. ඔහුගේ බිරිඳත් දියණියත් දෙදෙනාම මිය ගොසින් නිසා. එනිසාම ඔහු තම ජීවිතය පුදා හෝ Yeong Ho කුමරු රැකගැනීමට සිතා ගත්තා.
මේ අතර Inwon බිසව ප්‍රසූතියට සූදානම් වෙමින් සිටියා. මුලු මාලිගයටම Kimආර්යාවත්, Gi Yonහා Yi Sunවත් අමතක කිරීමට එය හේතුවක් උනා. (හේතුවක් කලා කිව්වොත් හරි)
"පවසන්න... මට පුත් කුමාරයෙක් නේද ලැබෙන්නේ?"
Inwon බිසව යකැදුරුතුමාව කැඳවුයේ තම පුත්‍රයා සිංහාසනයේ හිඳවීමට කිසිදු බාධාවක් නොතිබිය යුතු නිසයි."එසේයි බිසවුනි. නමුත්.."
"නමුත්?🤨"
"කමා කරන්න බිසවුනි. නමුත්... ඔබතුමියගේ පුත්‍රයාට.... ආයුෂ අඩුයි. "
"කුමක්ද එහි අර්ථය?"
"ඔබතුමිය ගේ පුත්‍රයා ට සිහසුනේ හිඳ ගැනීමට හැකි වේවිදැයි සැකයි"
" අනුවණයා...😠 කුමක්ද ඔබ පවසන්නේ? එසේ සිදු වන්නේ නැහැ. මගේ කුමරුයි මතු මේ රාජ්‍යයේ රජ වන්නේ! " Inwon බිසව කේන්තියෙන් කෑගැහුවා.
යකැදුරුතුමා පැවසූ ලෙසම Inwon බිසවගේ දරුවා ඉපදෙන විටම මියගියා. ඇය සිදුකල අපරාද වලධ එයයි සුදුසු දඬුවම.
නමුත් ඇයට මෙය දරාගත නොහැකි උනා. එනිසාම ඇය උමතුවෙන් හැසිරෙන්න ගත්තා. මෙවැනි බිසවක් මාලිගයේ සිටීම නුසුදුසු නිසා රජතුමා ඇයව පිටත මාලිගයට යැව්වා. එය තිබෙන්නෙ ප්‍රධාන මාලිගයින් තරමක් දුරින්........................
Yeong Ho කුමරු සිටියේ දුනු පුහුණු වෙමින්. Seo wook කුමාරු තවමත් කුඩා වුවත් ඔහුත් Yeong Ho කුමරු සමග පුහුණු වෙනවා. Seo Wook කුමාරයා කැමති Yeong Ho කුමරුගෙන් පුහුණුවීමට පමණයි. එනිසා Yeong Ho කුමරු සැමදිනම උදෑසන ඔහුට පුහුණු කරනවා.
Kim ප්‍රධාන අමාත්‍යතුමා එතැනින් යන විට Yeong Ho කුමරු සිටියේ Seo Wook ට දුන්න අල්ලන හැටි කියා දෙමින්. ප්‍රධාන අමාත්‍ය දුටු විගස කුමරු ඔහු වෙත දිව ගියා.
YOU ARE READING
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]
Romance............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු ව...