Episode 02

640 130 33
                                    

~ඇය තවමත් ජීවතුන් අතර ~

Do Joon අමාත්‍යතුමාත් , Chan අමාත්‍යතුමාත් පුස්තකාලයට වී සාකච්ඡාවක යෙදී සිටියි.

" ඔබ ඒ පිළිබඳව සොයා බැලුවද?"

Do Joon අමාත්‍යතුමා ට අවශ්‍ය වසර 8කට පෙර අගබිසව් මාලිගයේ සිදුවූ දේ දැන ගැනීමටයි. නමුත් ඔහු දැන සිටියේ නෑ Kim ප්‍රධාන අමාත්‍ය ගේ නිවුන් දරුවා අගබිසව ගේ දරුවා සමඟ මාරු කළ බව. Do Joon අමාත්‍යතුමා ත් Inwon බිසව ත් දන්නේ Yeong Ho කුමරු අගබිසව ගේ දරුවා නොවන බව පමණයි.

"එසේයි. ඒ පිළිබඳව පැවසීමටයි ඔබතුමාට මම හමුවන ලෙස දැන්වූයේ. මට බොහොම වැදගත් කාරණයක් දැනගන්න ලැබුනා."

"කුමක්ද?"

"Yeong Ho කුමරු..... සැබැවින්ම.. Kim ප්‍රධාන අමාත්‍ය ගේ දරුවෙක්.."

"කුමක්ද? කුමක් ද ඔබ දැන් පැවසුවේ අමාත්‍ය Chan? කව්රුන්ද ඔබට ඒ පිළිබඳ පැවසුවේ?" Do Joon අමාත්‍යතුමා ඇසුවේ මහත් කලබලෙන්.

"එදින රාත්‍රියේ Kim ආර්යාවට ලැබුණේ නිවුන් දියණියක් හා පුත්‍රයෙක්. අගබිසවට උපන්නේ දියණියක් බව දැනගත් පසු ප්‍රධාන අමාත්‍යතුමා වෙදදුරු Beak සහ තම පුත්‍රයා මාලිගයට එවා තිබෙනවා.මේ පිළිබඳව දන්නේ වෙදදුරු Beak , Myoung Hwan වෙදදුරු හා හෙදියන් සිව්දෙනෙකු පමණයි. එයින් දැනට ජීවතුන් අතර සිටින්නේ හෙදියන් දෙදෙනෙකු යි. ඔවුන් මාලිගයේ සේවය අතහැර ගොසින්. ඉතිරිව සිටින්නේ ප්‍රධාන වෙදදුරු Myoung Hwan හා වෙදදුරු Beak පමණයි.."

......................

"කුමක්ද?" Inwon බිසව මහ සද්දෙන් ඇසුවා.

"එසේයි.එදින රාත්‍රියේ සිදුව ඇත්තේ මෙයයි..." Do Joon අමාත්‍යතුමා සියල්ල බිසවට පැවසුවා.

"එහෙනම් අනාවැකියත් සත්‍යයක්. අගබිසව මිය ගියේ දූ කුමරිය නිසයි... හහ්..😏" Inwon බිසව කට කොනින් සිනාසුනා.
"ඔබ පවසන ලෙස එසේනම්.... අගබිසවගේ දියණිය Gi Yon හෝ Yi Sun විය යුතුයි...."

"එහෙමයි බිසවුනි, කුමක් හෝ ක්‍රියා මාර්ගයක් ගැනීමට පෙර අප ඉවසිය යුතුයි. ඔබතුමිය ගේ කුමරු ඉපදුන පසු.... අපට මේ ගැන යමක් සිදු කල හැකියි."

Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]Where stories live. Discover now