~මා දුටු රූමත්ම තරුණිය~
😍Gi Yon ගල් ගැහුනා වගේ සිටියේ කල යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වූ නිසයි. 'කෙසේද ඔබ???'😳
"ඔබ.... කෙසේද?..." Gi Yon, Man-shik දෙසට හැරුනා.
"Man-shik අයියණ්ඩි? ඔබ????" Gi Yonට ඔහුව හඳුනා ගැනීමට අපහසු වුනේ නම් නැහැ. ඇය ඔහුව වැළඳ ගත්තා."කෙසේද මා බව හඳුනා ගත්තේ?"
"මේ Man-shik අයියණ්ඩිට නොහැකි දෙයක් නැහැ නේ..."😌
"ආ... තවමත් පුරසාරම් දෙඩවීම නම් අඩුවක් වෙලා නෑ නේද?"😄
" 😂 "
___ flashback ___
Man-shik, Gi Yon ව ඔසවාගෙන අසල තිබු නිවසට රැගෙන ආවා.
ඇගේ කකුලේ ඇනී තිබූ ඊ තලය ඉවත් කල Man-shik රුධිරය සෝදා හැරියේ තුවාලයට බෙහෙත් කිරීමටයි. එවිට ඔහු දුටුවේ ඇගේ 'හදවත' හැඩයේ උපන් ලපයයි. වසර 11කට පෙර Namsam කන්ද නගින විට Gi Yon ගේ සාය ඉරී ඇයගේ උපන් ලපය පෙනුන විදිය Man shik ට මතක් විය.
___ flashback end___
මාලිගයට යන අතරතුර දෙදෙනා පසුගිය වසර 11 ගැන කතා කරමින් ගියා.
"සෙන්පතිතුමා හොඳින් ද?" Gi Yon ඇසුවේ කුඩා කල සිටම Man-shik තම පවුල අතහැර තනිව සිටි නිසයි. දැන්වත් Man-shik ඔහු සමඟ සම්බන්ධකම් පවත්වනවා ඇතැයි Gi Yon බලාපොරොත්තු වුනා.
"දන්නෑ.... "
"ආ... තව කෙතරම් කලක් ඔබ මෙසේ සිටිනවද අයියණ්ඩි?"
Man-shikට එයට පිලිතුරු දීමට උවමනාවක් තිබුනේ නැහැ.Man-shik ගේ මෑණියන් මිය ගිය පසු ඔහු සිටියේ මාලිගයේයි. සෙන්පතිතුමා නිතර අගනුවර නොසිටින නිසා Man-shikට තම පියාණන් හා මෑණියන් දෙදෙනාගෙම සෙනෙහස අහිමි වෙලයි තිබුනෙ. මාලිගාවේ පාලිකාවන් විසින් ඔහුව බලා ගත්තත් ඔහුට උවමනා උනේ පියාණන් සමඟ සිටීමටයි. දිගින් දිගටම පියාණන්ගේ සෙනෙහස තමාට අහිම වන බව දැනුනු Man-shik අවසානයේ ඔහුට වෛර කලා. එයින් ඔහු සෙන්පතිතුමාගි පුත්‍රයා ලෙස නොසිට සාමාන්‍ය අයෙකු ලෙස අගනුවරට වී ජීවත් වීමට තීරණය කලා.
YOU ARE READING
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]
Roman d'amour............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු ව...