~Jeoha~
💔උදෑසනම රාජ සභාවට එන ලෙස දන්වා තිබූ නිසා Seo Wook කුමරු එහි ගියා. Jeong Sun අගබිසව කුමක් හෝ සිදු කිරීමට යන බව වැටහුණත් ඔහුට එයට විරුද්ධ වීමට තරම් ධෛර්යයක් තිබුණේ නැහැ. තම මෑණියන්ගේම රූකඩයක් ලෙස සිටින ඔහු සැමදා කලේ Jeong Sun අගබිසව පැවසූ දේ පමණයි.
රාජ සභාව ඉදිරිපිට අමාත්‍යවරුන් රජතුමාට Yeong Ho කුමරු කිරුල හිමි තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම් කරනවා.
"රජතුමනි.... අපේ ඉල්ලීමට සවන් දෙනු මැනවී..... රජතුමනි..... අපේ ඉල්ලීමට සවන් දෙනු මැනවී..."Seo Wook කුමරුට අවේ ඉහිලිය නොහැකි තරම් කේන්තියක්. ආරක්ෂක Woo bin කුමරුන්ව සන්සුන් කරවා ගත්තා. කිසිත් නොපවසාම රාජ සභාවට ඇතුළු උන Seo Wook කුමරු දුටුවේ Jeong Sun අගබිසවත්, Inwon බිසවත් රජතුමාට දෙපැත්තේ අසුන ගෙන සිටිනවා. මදකට නතර උන Seo Wook කුමරු අත මිට මොලවාගෙනම තම ස්ථානයට ගොස් සිටගත්තා.
මේ අතර මේ පිළිබඳව දැනගත් වහාම, Puleun dal ගැන සොයමින් සිටි Gi Yon හා Man-shik දිව ආවේ කුමරු ගැන බැලීමටයි. නමුත් ඔවුන් එන විටත් Yeong Ho කුමරු සිටියේ රාජ සභාව ඉදිරිපිටයි. තමාව තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම් කරන අමාත්‍ය මණ්ඩල දෙස කනස්සල්ලෙන් බලා සිටි කුමරුන්ව දුටු Gi Yon ගෙ කටින් කුමරුගේ නම කියවුනේ ඇයටත් නොදැනීමයි. ඒ කුඩා කල ඇය කුමරුව ඇමතූ විදියටයි.
'Yeong Ho කුමරුනී...' 🥺
Yeong Ho කුමරු රාජ සභාවට ඇතුළු වුනා. ප්‍රධාන අමාත්‍ය Choi, අමාත්‍ය Kang, හා අමාත්‍ය Yoo කුමරුට ආචාර කලා. අනෙක් අමාත්‍යවරු සියල්ල කුමරුට විරුද්ධව එලියේ උද්ඝෝෂණ කරනවා. Yeong Ho කුමරු තම ස්ථානයට ගිය පසු අනෙක් අමාත්‍යවරු සියල්ල රාජ සභාව තුලට පැමිණියා. බොහෝ වේලා යන තුරුම සභාව පැවතුනේ දැඩි නිහඬතාවයක ගිලිලයි. ඒ නිහඬ බව සිනදේ Do Joon අමාත්යතුමයි."රජතුමනි, කිරුල හිමි කුමරුන් නිතරම තමන්ගේ රාජකාරි පැහැර හරින බව පෙනෙනවා රජතුමනි, එනිසා අමාත්‍යවරු සියලු දෙනාගේම අදහස වන්නේ... Yeong Ho කුමරු එම තනතුරට නුසුදුසු බවයි. "
"එසේයි රජතුමනි, කුමරු දැන්ම මෙලෙස සිදු කරනවා නම් කෙසේද අප එතුමාට රාජ්‍යයක් භාර කරන්නේ?"
YOU ARE READING
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]
Romance............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු ව...