Episode19

350 96 58
                                    

~සීතල යුද්ධය~

ටික වෙලාවක් ගත වූ පසු අමුත්තෙක් ආ නිසා Yi Sun එලියට ආවා.

"Dak Ho සිටින්නේ මෙහි නේද?"

"ඔව්... නමුත් නුඹ කව්රුන්ද?"

"මා ඔහුගේ මිතුරියක්..."

මේ කතා බහ ඇසී Yeong Ho කුමරුත් එලියට ආවා.

"ඔබ....? ඔබ Min Hwa ගේ සේවිකාව නේද?"

"ආහ්.. කුමරුනි? ඔබතුමාත් මෙහි ද?"

Yi Sun, Nam Hee ව Gi Yon නිදා සිටි කාමරයට එක්කන් ගියා. Nam Hee, Gi Yon ගේ සුවදුක් Yi Sun ගෙන් විමසුවා. Nam Hee ගේ හැසිරීම Yi Sun ට ඇල්ලුවේ නෑ. ඇය Nam Hee ව ඉක්මනින් නිවසින් පිට කිරීමට තැත් කලත් ඇය Gi Yon අවදි වන තුරු එහි සිටින බව පැවසුවා. ඒ අතරදී Min Hwa හා Seo Wook කුමරුන් විවාහ වීමට යන බව ඇය පැවසුවා.

"අනිවාර්යෙන්ම අග බිසවට යටි අරමුණක් තිබය යුතුයි. නැත්නම් ඇය මෙසේ කරන්නේ නෑ. "

"එය විය හැකියි කුමරුනී.. "

...

"Dak Ho ඔබ අවදි වුවාද ?" Yi Sun ඇසුවේ, Gi Yon ගේ කෙඳිරිලි හඬ ඇසී එදෙස බැලූ විටයි. Yi Sun ඇය ලඟට යාමත් පෙරම Nam Hee, Gi Yon ලඟට ගොස් හමාරය.

"Dak Ho, ඔබ හොඳින් නේද? ගැටළුවක් නැහැ නෙ? "

"ආ.. ඔව්... දැන් සුවයක් දැනෙනවා." Gi Yon පැවසුවේ තුවාලය ඇති තැන හෙමින් අතගාමින්.

"ඕ..හ්... බොහෝ ගැඹුරට කැපිලා ද?"😞
Nam Hee ඇසුවේ වෙලුම් පටිය උඩින් ඇගේ අත යවමින්.
Gi Yon, Yi Sun ට කතා කලා. ඇය ඖෂධ හදමින් සිටි නිසා Gi Yon කතා කරනවා ඇයට ඇසුනේ නැහැ.

"Dak Ho, ඔබට අවශ්‍ය යමක් තිබෙනවා නම් මට පවසන්න....🤗"

"ආ... ඔබට හැකි ද....මාව නිදි කරවන්න? තුවාලයේ වේදනාව නිසා... මට මදක් අපහසුයි..." 😓 Gi Yon එසේ පැවසූ විට ම Nam Hee ඇඳේ කෙළවරින් වාඩි වී Gi Yon ග හිස තම පපුවට හේත්තු කර ගත්තා. Gi Yon ට නින්ද යන තුරුම ඇය Gi Yon ගේ හිස පිරිමැද්දාය.
"Nam Hee නම් අපූරු මිතුරියක්. Yi Sun අක්කණ්ඩි නම් කෙදිනකවත් මට සොයුරියක් ලෙස මෙතරම් හොඳින් හිස පිරිමැද නැහැනෙ.😒" Gi Yon තනිව සිතුවා.
ටික වෙලාවකින් නොදැනීම Gi Yon ට නින්ද ගියා. ඖෂධ බඳුනත් රැගෙන කාමරයට ආ Yi Sun දුටුවේ Gi Yon ගේ මුහුණට එබීගෙන සිටි Nam Hee ව.

Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]Where stories live. Discover now