Episode 08

397 110 11
                                    

~කුමරු ලඟින්ම ~
💜

ප්‍රධාන අමාත්‍ය Choi ට පවසා කෙසේ හෝ Gi Yonට මාලිගයේ සේවය ලබා දෙන්නම් කියා Nam Hee පොරොන්දු වූවා.ඇය එසේ කලේ Gi Yon මාලිගයට පැමිණියොත් නිතර 'Dak Ho'ව දැකීමට හැකි නිසයි.

.......................

රාජ සභාව අවසන් වූ පසු Yeong Ho කුමරුට රජතුමාගේ කුටියට එන ලෙස දන්වා සිටියා. කුමරු එහි ගියේ බැනුම් ඇසීමට සූදානම්වයි.

"හෙට දින මාලිගයට අළුතින් සෙබලුන් බඳවා ගන්නවා. එහි කටයුතු මම ප්‍රධාන අමාත්‍ය Choiට බාර දුන්නා. ඔබටත් පෞද්ගලික ආරක්ෂකයෙකු අවශ්‍ය නම්.... මා එයට අවසර ලබා දෙනවා. "

කුමරු තුෂ්ණිම්භූතව බලා සිටියේ පිය රජතුමාගෙන් බලාපොරොත්තු වුනේ මෙවැන්නක් නොවූ නිසායි.

''මට පැවසීමට කුමක් හෝ තිබෙනවාද?"
රජතුමා ඇසුවා.
කුමරු කටත් ඇරගෙනම හිස දෙපසට සෙලවීය.

"එසේනම් ඔබට පිටව යා හැකියි" රජතුමා පැවසුවේ ගානක්වත් නැතිවයි.

කුමරු තම කුටියට යන අතරතුර රජතුමාගේ මේ හැසිරීම ගැන කල්පනා කරමින් ගියා. Dong-man පාලකතුමාත් ඔහු පසුපසින්ම ගමන් කලා.

'පිය රජතුමාට කුමක් සිදුවෙලාද?'කුමරු ඇවිද්දේ තනිව සිතමින්. 'මට බැන වැදුනංත් නැහැ... මා මාලිගයේන් පිටතට ගියත්...?'
"අහ් ..."කුමරුඑකවරම නැවතුන පාරට Dong-man පාලකතුමා ඇවිත් කුමරුගේ ඇඟේ හැප්පුනා.
"කඩ වීදියෙදි හමු වූ තරුණයා...😃💡 ඔහුත් හෙට පරීක්ෂණයට සහභාගි වෙවී... නේද?" කුමරු Dong-man පාලකතුමා දෙස බැලුවා. කුමරු පවසන්නේ කුමක්දැයි නොදත් ඔහු කුමරු දෙස බලා සිටියා.
"ආහ්... ඔබ කෙසේ දැනගන්න ද?..😒"
කුමරුත් Gi Yonගේ මුහුණ නුදුටුවත් බොහොම හුරුපුරුදු බවක් දැනුන ඇගේ ඇස් ඔහු මතක තබා ගත්තා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]Where stories live. Discover now