Chapter 4

840 190 3
                                    

#ShineDreamSmile

ඔය කොරගත්තෙ... අනේ ඇත්තමයි මේ ගස් වැඳිරි නම්ම්ම්ම් අහල පහල ගස් නෑ කියලා දැන දැනත් උඩින්මනෙ යන්න හදන්නෙ...

මං එහෙම හිත හිතම කඩන් වැටිච්ච ප්ලේන් එකක් වගේ පොලව බදන් ඉන්න සුශීව නැගිට්ටවන්න උදව් කරේ හිනා යන්න ආවත් කොල්ලො ගොඩක් ඉස්සරහ මගේ අතිජාත ප්‍රෙඩාව නෝන්ඩි කරන්න බැරි නිසාම හිනාවත් තද කරගෙන.

"නංගි මොකෝ පොඩි කාලෙ දන ගහන්න අමතක උනාද ඈ හූ හූඌඌඌ....."

එකෙක් කියද්දිම රියා උගෙ දිහා රවලා බැලුවා. මං පලවෙනි දවසම බකට් දාගන්න එක එච්චර හොඳ නෑ කියල හිතුන නිසා ඇහුන නෑහුන ගානට හිටියා.

ඒත් සුශීගෙ අත වැලමිට ලගින් තුවාල වෙලා ලේ එනවා. මේකිගෙ ඇස් වල කඳුලුත් පිරිලා. මට දුකේ බෑ.

" මොනාද බං පාර බලාගෙන යන්න එපැයි පරිස්සමෙන් ශික් බලපං නෝන්ඩිය අතෙන් එකයිනෙ."

"අරූ මට කකුල් මාට්ටුවක් දැම්මා ලියෝ...."

අන්න ඒක ඇහෙද්දිම මගේ ඇතුලෙ නිදන් ඉන්න යස්සයා ආවේස වෙලා වගේ නටාගෙන නටාගෙන එන්න ගත්තා

" මොකක්... කවුද? මොකාද කකුල් මාට්ටුව දැම්මෙ? ඔය ඇඬිල්ල නවත්තලා මට කියපං ගෑනියේ කවුද කකුල් මාට්ටුව දැම්මේඒඒඒ...."

මං සුශීව හොලව හොලව කොච්චර ඇහුවත් මේකි කිව්වෙ නෑ. මොකද ඒකි දන්නව මට මල පැන්නොත් තැනක් නොතැනක් නැතුව ගේම ඉල්ලනවා කියලා.මං සුශීව හොලවනවා බලන් හිටපු එකෙක් එක පාරටම ඉස්සරහට ඇවිත්...

" මේකිගෙ සද්දෙ බලහංකො. මොකටද දන්නෑ නේද කකුල් මාට්ටුව දාපු එකා ගැන අහන්නෙ. ඇයි හොයාගෙන උට ගහන්නද? ඒ උබලා කවුරුවත් මේ නංගිලට කකුල් මාට්ටු දැම්මෙ නෑ නේද? සමහරවිට කකුලක් දික් වෙන්න ඇති. කොල්ලොනෙ... හැදෙන වයසනෙ...."

කියලා නෝන්ඩියට කිව්වා. ඒ කියද්දි මං උගෙ දිහා රවලා බැලුවා....

"ඇයි මොකද රවන්නෙ? මමයි කකුල් මාට්ටුව දැම්මෙ. පුළුවන් දෙයක් කරනව බලන්න දැන් ඉතින්."

ඌ එහෙම කියාගෙන අඩියක් ඉස්සරහට එනකොටම මම ඉස්සරහට පැනලා දුන්නා කන හරහා කෙලින් පාර පිටකොටුවටම යන්න ශොට් එකක්. උගෙ මොලේ ඔලුව ඇතුලෙ බම්පින්ග් බොලේ වගේ හෙල්ලෙන්න ඇති. ඌ වැරැද්ද පිලිගත්තා නම් ආයෙ මොකට නඩු අහ අහ ඉන්නවද. කෙලින්ම දඩුවම් තමයි...

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now