Chapter 11

655 148 5
                                    

#ShineDreamSmile✨️

~ලියෝ ගැන්ග්~

අපි අද උදේ ඉදන්ම සප්‍රයිස් වෙනවා. අද නම් පට්ට ලකී දවසක්. ඒත් ටේ ව කලබලෙන් ඉන්නව දැකපු නිසා හිතට ටිකක් මොකද්ද වගේ එකකුත් දැනුනා.

"එයාට මුකුත් කරදරයක් නැතුව ඇති."

මං මට කියාගගෙන හිත සැහැල්ලු කරගත්තා.

අපි හතරදෙනා යන මග දිගට බිම වැටිලා තියෙන සේරම කෝප්ප පිගන් හට්ටි මුට්ටි ටික හෝද හෝද අපේ ක්ලාසස් තිබ්බ පැත්තට ගියා.
හම්මේ එව්වට නම් මුන් තුන්දෙනාට තියෙන්නෙ සහජ දක්ෂතාවයක්.

ඒ යද්දි අපේ සීනියර් ඔප්පලා ටික බැල්කනි එකට හේත්තුවක් දාන් බර කතාවක.

"ඒයි ලියෝ. මෙන්න මේක අරුන්ට දීපන්. උන්ගෙ කාගෙහරි එකක් තමයි මේ."

සියෝ මට වැලමිටෙන් ඇනලා කිව්වා. ලස්සන කී ටැග් එකක් එක්ක බයික් එකක කී එකක්....සියෝ ඒක ඇහිදගෙන තිබ්බෙ අපි දුං කාපු තැන බිම තිබිලා. මං ඒක අතට ගන්නත් හදලා ආයෙ

"අනේ එක්කො මට බෑ උබනෙ ඇහින්දෙ උබම ගිහින් දියං කියලා කිව්වා."

මේකිත් බෑ කිව්වෙ නෑ. ඔය ගියේ යස අගේට වන වන ඔප්පලා ටික ලගට. අපිත් සියෝ පස්සෙන්ම ගියා.

"ඔප්පා මේක ඔයාලා කාගෙහරිද?"

"හම්මේ මගෙ දෙයියා. උම්ම්ම්මාආආආ නංගීඊඊඊඊ...."

සියෝ යතුර පෙන්නලා ඇහුවම යොන්ග් චෙන් ඔප්පා පැනපු ගමන් යතුර උදුරලා අරගෙන ඒකටත් කිස් එකක් දීලා සියෝටත් තද කිස් එකක් කම්මුලට දුන්නා.

මේකි ගල් වෙලා... අපිත් ශොක් වෙච්ච දේට.

"යාහ්හ්හ්හ් උබට අපි ඉල්ලුවම තමයි කිස් එකක් දෙන්න බැරි නේද?"

"ඇයි උබට කිස් දෙන්න උබ සීන් එකේද ඈ...."

"පලයං පලයං යන්න ගස් නරියා. පේනවනෙ නංගි මුගෙ හැටි. අහුවෙන්න නම් එපා මුට. මූ පාරෙ යන ඇන්ටිලටත් හිටපු ගමන් ඔහොම බදාගෙන කිස් දෙනවා."

"මොකද්ද තෝ කිව්වෙ. මමද දන්නෑ එතකොට අර චිකන් කඩේ අජුම්මාව බදාගන්න ගිහිල්ලා බකට් පාර කෑවෙ"

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now