Chapter 25

577 115 6
                                    

#ShineDreamSmile

"දේ යොන්ග් ඔප්පා..."

අපි දෙන්නම එක පාර කිව්වා. එයා මොකද මෙතන කරන්නෙ. සාමාන්‍යයෙන් අපි කොච්චර හොඳට අඳුරන අය උනත් දේ යොන්ග් ඔප්පව දකින්නෙ අවාරෙට පොල් වැටෙනවටත් වඩා අඩු වාර ගානක්. එහෙම එකේ මෙහෙම පාර අයිනෙ කාර් එකට හේත්තුව දාන් ෆ්ලවර් ශොප් එක දිහා බලන් ඉද්දි අපි දෙන්නට හිතාගන්න බැරි උනා.ග්ලාස් වෝල් එක නිසා එයාට අපිව පේන්නැති උනාට අපිට එයාගෙ සම්පූර්ණ හැසිරීම ශොප් එක ඇතුලට හොඳටම පේනවා.

සියෝයි මායි මාරුවෙන් මාරුවට ශොප් එක ඇතුලෙ මූලග්ගින්න හැදිලා වගේ නලියන එකියි දේ යොන්ග් ඔප්පායි දිහා බලන් හිටියෙ එකම වෙලාවෙ ලෝක දෙකකින් කඩා පාත් වුන අමුතු පිටසක්වලයො දෙන්නෙක් දිහා බලනවා වගේ

විනාඩි 10කට විතර පස්සෙ ශොප් එක ඇතුලෙ හිටපු නැට්ටිච්චි ටිකක් සද්දෙන් අජස්සිට මොනාදෝ කියලා එලියට යන්න හැරුනා. මේකි ඒ ගියෙත් හරියට අපි දෙන්නගෙ ඇඟ හරහා යන්න පුළුවන් බලයක් තියෙනවා වගේ අපේ මැද්දෙන්. අපි දෙන්නවම දෙපැත්තට විසි උනා. සියෝ නැවතුනේ රෝස පැලයක් බදාගෙන. අත් දෙකට අබ සරණයි දැන් ඉතින්

" ඒයි සියෝ අර බලපං අර බලපං"

මං රෝස පැලේ බදාගෙන තාමත් කෙලින් වෙන්න ට්‍රයි කරන සියෝට ඇන ඇන කිව්වා.

"යකෝ එතකොට ඒකිද දේ යොන්ග් ඔප්පගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉයු ජි?"

සියෝ ඇහුවෙ දේ යොන්ග් ඔප්පා අර ආපු නැට්ටිච්චිට කාර් එකට නගින්න දොර ඇරලා දෙනවා දැකලා. ඒකිත් දේ යොන්ග් ඔප්පාට මොනාදෝ මන්දා කිව්වම ඔප්පාත් කලබලෙන් වගේ ශොප් එක දිහා බැලුවා. දේ යොන්ග් ඔප්පා දන්නෑ අපි දෙන්නා මෙතන වැඩ කියලා.

"යොන්ග් චෙන් ඔප්පා කිව්ව දේ හරි බං. අරකි තනිකරම මායාකාරියක්නෙ. බලපංකො යන්නෙත් අඩි බර ගානක් උඩින්. උච්චක්කරමාලයක් එහෙම් පිටින්ම."

"තාත්තගෙ පවර්ස් අරන් සීන් එකේ ඉන්නෙ."

අපි දෙන්නා හෝ ගාලා ඒකිට බනිනවා. පස්සෙ තමයි අපිට අජස්සිව මතක් උනේ. අජස්සිගෙ මූන ඇඹුල් වෙලා.

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now