Chapter 29

600 112 7
                                    

#ShineDreamSmile

"කියපං බං... හේ සො ඔප්පාට මොකද..."

සියෝ තාම හති අරිනවා. ඒකි ආයෙ මුකුත් කියන්න කට අරින්න කලින්ම මම කතා කලා.

"ටේව කවුරුහරි කිඩ්නැප් කරලා සියෝ. මම යන්න ඕනෙ"

"ටේව කිඩ්නැප් කරලා..???"

"ඔව්...එහාට වෙයන්"

තවත් කියව කියව ඉඳලා බෑ. මම සියෝව එතන දාලා මුළු ඇඟේම යන්තමට තිබ්බ හයියත් සේරම කකුල් දෙකට දීලා දිව්වෙ පාර්ක් එක පැත්තට. ඒ යද්දි මගේ ඉස්සරහට රියායි සුශීයි ආවත් මං ඒ දෙන්නවවත් ගානකට ගත්තෙ නෑ. දුකටයි බයටයි මගේ ඇස් දෙකෙන් කඳුලු බේරෙනවා. කඳුලු වලින් ඇස් දෙක බොඳ වෙලා අඩ අඳුරෙම දුවන නිසා කිහිප සැරයක්ම එක එක ඒවයෙ පැටලිලා වැටෙන්නත් ගියා.

"ලියෝ නවතින්න.. ලියෝ ඔයාට තාම අසනීපයි පොඩ්ඩක් නැවතිලා මං කියන දේ අහන්න... ලියෝ....."

රියාලා කෑ ගගහ මගේ පස්සෙන් දුවන් එනවා. ඒත් එක මොහොතකටවත් මට නවතින්න හිතුන්නෑ. මට පුළුවන් ඉක්මණට මගේ ටේව බලන්න ඕනෙ

මම දුවගෙන ආවෙ චිල්ඩ්‍රන් පාක් එක ලග තියෙන පටු පාරට. අද මුළු පාරම හරිම අඳුරුයි. එක කනුවකවත් ලයිට්ස් ඔන් කරලා නෑ. ඇඟේ අමාරුවට මට කැරකිල්ල හොඳටම. ඒත් පරඩැලක් වගේ ඇදි ඇදී ගිහින් මම වටේම හෙව්වෙ ටේහ්‍යුන්ග්ව. ෆෝන් එකවත් ගෙනාවෙ නැති නිසා කෝල් කරන්නවත් විදිහක් නෑ. වටේටම ඇස් යවද්දි මම දැක්කෙ පාර්ක් එක ලඟ තියෙන පරන ගැරේජ් එක ඉස්සරහා කවුරුහරි කෙනෙක් ඉන්නවා

"ටේහ්‍යුන්ග්.."

දෙපාරක් නොහිතා මම කෑ ගහගෙන දුවන් ගියත් ඒ හිටපු කෙනා මගේ සද්දෙට හැරුනම මම දුවන එක නවත්තන්න හැදුවෙ. ඒත් ඇඟේ අමාරුවට ඉස්සරහටම ඇදිලා ගිහින් බිම නොවැටි නැවතුනේ ඒ කෙනා ඉස්සරහට පැනලා මාව අල්ලගත්තු නිසා

"ඔයා.. ඔයා මොකද මෙතන කරන්නෙ. මේක තමුන්ගෙ ප්ලෑන් එකක්ද. කෝ ටේහ්‍යුන්ග්. එයාට මොකද කරේ කියනවා"

ඒ හිටියෙ හේ සො ඔප්පා. එයාව දැක්ක ගමන් මගේ ඇඟ තවත් රත් වෙන්න පටන් ගත්තා. මම එයාගෙ ඇගෙන් ඈත් වෙලා එයාගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලන් කෑ ගැහුවෙ මේක මෙයාගෙ ප්ලෑන් එකක් කියලා හිතලා . ඒත් මගේ හඬ පිටවුනේ සාමාන්‍ය ගානටත් වඩා හරිම අඩුවෙන්

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now