Chapter 21

593 125 17
                                    

#ShineDreamSmile

~ටේහ්‍යුන්ග්~

ජේජු ගිහින් ආවට පස්සෙ ඒ දවස් තුනේ ඇරියස් කවර් කරන්න මටයි ජිමිනාටයි සෑහෙන්න මහන්සි වෙන්න උනා. යුනි එකෙන් පස්සෙ හැමදාම හවස දවස් තුනක් එක දිගට අපි දෙන්නා මුළු රෑම ප්‍රැක්ටිස් කරා. නිදාගන්න හම්බුනේ දවසට පැය 3ක් වගේ. ඇඟට හොඳ ගනන්....

Time pass

.................

"ටේහ්‍යුන්ග්-ආහ් නැගිටිනවා"

මොන කරුමයක්ද මන්දා ඇස් පියාගන්න පරක්කුවට එලි වෙලානෙ. ජින් හ්‍යුන්ග් කන ලගට ඇවිල්ලා ඝන්ටාරෙ නාද කරනවා

"ටේහ්‍යුන්ග්-ආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්....."

"හරි හරි මේ නැගිටලා ඉන්නෙ නැගිටලා ඉන්නෙ ආප්පාආආආ.... ඔහොම කෑ ගහන්නෙපා මං වයසට යන්න කලින් බීරි වෙයි"

"ඉක්මනට නැගිටලා ඇවිල්ලා කාලා ලෑස්ති වෙනවා. යුනි යන්න පරක්කු වෙනවා නේද. ඉක්මණට පහලට එනවා. මං යනවා අර කම්මැලි කුකුල් පැටියව ඇහැරවන්න"

"ආහ්හ්හ් මේ කරුම ජීවිතේ..."

මං වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහලට එද්දි ජිමිනා තාමත් නෑ.

"යාහ් ජිමිනාහ්හ්හ් මොකද කරන්නෙ ඉක්මණට එනවා......"

ජින් හ්‍යුන්ග් ආයෙමත් වහල උඩ යන්න කෑ ගැහුවා. ඒ කෑ ගැහිල්ලට ගැස්සිච්ච පාර හොබී හ්‍යුන්ග් බිබී හිටපු ස්ප්‍රයිට් එක මූන කට පුරා හලාගත්තා. යුන්ගී හ්‍යුන්ග් කන්න ගත්තු සුශී එක චොප්ස්ටික් එකෙන් අතෑරිලා චොප්ස්ටික් එකක් ගිගිල්ලා නහයෙ ඇනුනා

"ආහ් හ්‍යුන්ග්ග්ග්ග්ග්ග්..."

දෙන්නම එක පාර කෑ ගැහුවා. පව් අප්පා.

"ගුඩ් මෝර්නින්ග් ගායිස්"

"ඒයි ජිමින්... ඔය කොන්ඩෙට මොකද කරගෙන තියෙන්නෙ?"

"ඇයි.. මේක තමයි දැන් අලුත් ස්ටයිල් එක"

ජිමිනා වෙනදට වඩා තවත් පොශ් වෙලා. පර්ෆියුම් එක නාලා ලඟින් යද්දි නහය නෑ වගේ සැරට. ශුවර් මූ යුනි එකේ කෙල්ලෙක්ට ලයින්...

" ජිමිනි හ්‍යුන්ග්ට කෙල්ලෙක් සෙට් වෙලද කොහෙද. මං ජිමිනි හ්‍යුන්ග්ගෙ කාමරේ ලගින් එද්දි දැක්කා හ්‍යුන්ග් කන්නාඩිය ලගට වෙලා තනියම කියව කියව නටනවා"

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now