DRAGON QUEEN~~

225 51 33
                                    

DRAGON QUEEN~~
11 වන කොටස...

මාලිගාවේ මේවනවිටත් තත්වය සමනය කරගන්න හේසොක්ට පුළුවන් උනේ නෑ.මව් රැජින ආහාර වර්ජනයක නිරත උනේ හේසොක්ගෙ හිත මේ ගත්ත තීරනය ගැන නැවත හිතන්න සලස්වද්දි.

යේ හ්වා මහරැජින ගෙත් රජු ගෙත් එකම පුතා උන හේසොක් මේ ගත උන අවුරුදු 26 ටම තේරුම් ගත්ත මාලිගාව තවත් එක හිරකූඩුවක් පමනක් බව රනින් නිම කල කූඩුවක් වීම එහි විශේශත්වය ලෙස ඔහු දුටුවෙ.

මව්රැජින ගේ මරණයෙන් පස්සෙ ජන්ග් හේසොක් උප බිසවක් උන සේ යෝන් ගෙ රැකවරනය යටතට පත් උනේ ඔටුන්න හිමි කුමරුට මවක් සිටිය යුතුමයි කියන විකාර අදහස රජු විසොන් ක්‍රියාත්මක කර බැවින්.

සේ යෝන් මව් රැජින ආදරය ලබා දුන් බව ඇත්ත උනත් වන්ග් මිය ගිය පසුව ඇය තම පාලනය අතට ගත් බවක් හේසොක්‍ට දැනුන.
වචනෙන් පිට නොකරන හැගීම් මාලිගය තුල බොහෝ ඇති බව නම් හේසොක් හොදාකාරවම දැන සිටිය.

තවම එක් වරක්වත් හ්වාසට තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න බැරි උන එක ගැන හේසොක් හිටියෙ කලකිරීමකින් .😢.මේවෙන දේවල් හ්වාසටත් බලපාන බව දන්න නිසාම ඔහු අහස දෙස බලා සුසුම් හෙලුවෙ අනාගතේ ගැන අවිනිශ්චිත නිසා.

රාත්‍රිය හේසොක්ගෙ හ්වාසගෙ මෙන්ම තව කිහිප දෙනෙක් ගෙම නින්ද හොරු අරන් ගිහින් තිබ්බ බව ඔවුන්වත් දැනන් හිටියෙ නෑ.

..........................

උදෙන්ම හිරි ඇර ඇර හ්වාස නැගිටල වටපිට බැලුවෙ ඊයෙ රෑ කීයට නින්ද ගියාද කියන එක ගැන අදහසක් ගන්න. මද්‍යමරාත්‍රිය පව් වන විටත් අවදියෙන් හිටිය බව මතකයේ තිබ්බත් ඇස් පිය වුන මොහොත පිලිබදව හරි අවදානයක් තිබ්බෙ නෑ.

ඇදේ ශීට් එකත් ඇදුමෙ පැටලිල බිමට ඇදෙද්දි කකුල එහෙට මෙහෙට කරල සෙරෙප්පු හොයාගත්ත හ්වාස ඇස් අත්වලින්ම පිහද පිහද වොශ් රූම් එකට ඉක්මනින් ගියෙ දවල් වෙලා නිසා.

ඊයෙ දවසෙ සිදු උන සිදුවීම මෙන්ම හ්වාසා බවට පත් ඌ දින ඉදන් හ්වාසට තිබ්බෙ අභියෝග රාශියක් බව දැන් නම් හ්වාස හොදින්ම තේරුම් අරන් හිටියෙ.

පහලට ගියත් ජන්ග්කූක් පේන්න නොහිටපු නිසා හ්වාස ජන්ග්කූක් හොයාගෙන නැවත ගියෙ උදෑසනම ඔහු තමාව තනිකර පිටතට නොයන බව දැනගෙනයි.

Dragon Queen~~ Where stories live. Discover now