6 කොටස

450 87 39
                                    

Namjoon's pov •^•

යොබුයෙසෝ.... කෝ මගේ නංගි එයා ඉන්නවා ද ඔහේ...එයා කෝල් ආන්සර් කරන්නෙ නෑ නේ...."

ඈශ්ලි හියුන්ග් එහෙම කිව්වම අපි තුන්දෙනාව සීතල වෙලා ගියා...මේ කුකීයා කිව්ව කතාව නිසා නේ ඔක්කොම උනේ...

"ආහ් ඈශ්ලි මේකයි එයා නිදි නේ... ඔයා
කොහෙද ඉන්නේ..." මම ඇහුවා.

"ආහ් මන් නම් තාම ලංකාවේ ඉන්නේ...
හෙට උදෙන්ම කොරියාවට එනවා...හරි හරි එයාව ඇහැරවන්න එපා මන් හෙට උදෙන්ම එනවා..."

ඒ කියන්නේ හෙට තමා ගයූගේ ඔප්පා එන්නේ එයා එන්න කලින් ගයූව හොයාගන්න ඕනේ නිසා මන් අනිත් හතර දෙනාටත් කෝල් කලා...

"යොබුයෙසෝ ජූනී... මොකො අනේ මේ මහ රෑ කෝල් කරන්නේ අෆ්ෆා..."

ජින් කෝල් එකේ ඉදන් නිදිමරගාතේ කෑගහනවා... මූටත් යුන්ගී ගේ නිදිකුම්බ ලෙඩේ බෝ වෙලා වගේ...

"නෑ මේකයි ගයූ නෑ නේ...පොඩි ප්‍රශ්නයක් වෙලා...ටක් ගාලා එන්නකෝ..."

මම කිව්වා විතරයි නිදාගෙන හිටිය එකාගේ නින්ද නම් ගියා කියලා තේරුනා හදිස්සියෙන් කතා කරන සද්දේ ඇහිලා අනිත් තුන්දෙනාට..

"යා ජිමින්... හොබී...යුන්ගී...නැගිටිනවා හදිස්සියක්...."

ජින් කෑගහනවා ඇහෙනවා කෝල් එකේ නිදාගෙන ඉන්න තුන්දෙනාට. ඊටපස්සේ හැමෝම ආවා ගෙදරට...

"මොකක්ද උනේ ජූනී...කෝ ගයූ...මොකො මේ කුකීයගේ ඇස් රතු වෙලා... එයා අඩලවත්ද...යා මොකක්ද උනේ සද්ද නැතුව ඉන්නේ ඔය තුන්දෙනා...ටේ මොකක්ද උනේ..."

ජින් අපෙන් කෑගහ ගහ අහන නිසා මන් ඉස්සෙල්ලම ජින්ව සංසුන් කරලා විස්තරේ කිව්වා...

"යා මොකක්ද ඒ කියලා තියෙන්නේ එයා ඉද්දී... කවදාවත් අපිත් ඔහොම කලත්
කියන්නෙ නැති දෙයක් නේ කියලා තියෙන්නේ ඔයා කුකී..."

උන සිද්ධිය ඇහුන ගමන් යුන්ගී බනින්න ගත්තා... "එපා හියුන්ග් බනින්න දැන් උන දේ උනා...ඊට කලින් අපි කට්ටියම
ගයූව හොයන්න ඕනේ...අනික එයා කවුද කියලවත් මතක නැද්ද... එයා ප්‍රසිද්ධ චරිතයක් නේ ලෝකේ..."

ජිමින් කිව්ව එක හරි එයා අපි වගේම ලෝකේ ප්‍රසිද්ධ චරිතයක්... අපි උනත්
එලියට යන්නේ අදුරගන්න බැරි විදිහට නේ...ඒත් අපේ ෆෑන්ස්ලා අපේ ඇස් වලින් උනත් අපිව දැක්ක ගමන් අදුරනවා...

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now