Chapter 1

1.5K 206 138
                                    

Assistant , assistant
"මට යන්න කාර් එක ready කරන්න අද members ල සේරම meeting එකක් නේ " ජංකුක් සිය assistant ට කියන්නට විය...

Assistant - හරි සර් rm සර් කිව්ව විදියට හවස පහට mount golden restaurant එකේ තමයි සර් ලගෙ රැස්වීම තියෙන්නෙ සර්ට යන්න කාර් එක හවස හතරට ඒවි දැන් තාම දෙකයි තිහයි සර් දැන්මම ready උනොත් හොදයි නේද....

Jungkook - ඔව් මන් ready වෙන්නම් තැන්ක් යූ
ජංකුක් සිය සහකාරිය කියන්නට විය එහෙත් නැවතත් ජංකුක් සිය හඩ අවදි කලේ අමතක වූ යමක් අසන්නටයි...

"Hey cameroon , ටේ සර් අනිවාර්යයෙන්ම එයි නේද අද " ජංකුක් රතු පැහැ උනු කම්මුත් සහිත මුවගින් අසන්නට විය...

"ඔව් සර් rm සර් කිව්ව විදිහට හැම member කෙනෙක්ම එනව collaboration එක ගැන කතා වෙන්න " සහකාරිය එසේ කියමින් සමච්චලයට මෙන් සිහින් සිනහවක් පාමින් පිටව ගිය අතර ජංකුක් ඇයගෙ මෙම හැසිරීම දෙස බලා "මේකිට අස්ස කුලප්පුවද පුහ් මල විකාර " යනුවෙන් තමාටම කියා ගත් අතර ඉන්පසු ජංකුක් සිය දුරකථනය අතට ගෙන notification bar එක දෙස කන්න නැති මී හරකෙකු ලෙස බැලුවෙ taehyung ගෙන් පණිවිඩයක් තිබේදැයි බලමිනී...

"අම්මට සිරි RM ගෙන් missed call 11 ක්" ජංකුක් පුදුම සහගත ලෙස කියා සිටියේ rm ගෙන් බැනුම් ඇසීමට සිදුවන බව සිහිකරමිනී..

ඉන්පසු රැස්වීම සදහා සූදානම් වීමට ජංකුක් washroom එකට ගියේ දුරකථනයද සමගිනි...

(Shower is on )
"ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ සුවද සබන් ඇග ගාලා හායි හායි " ජංකුක් මහ හයියෙන් ගායනා කරමින් නාන්නට විය....

"බුදු අම්මෝ මේ මගුලේ සීතල පණ්ඩිත කමට hot water off කරල දාගත්තා ඉලව්ව මේක නිකන් ඇල්ස්කාවෙ හනිමූන් ගියා වගේනෙ යකූ අනේ "
ජංකුක් දැනෙනා මේ සීතල දරාගත නොහැකිව උඩ උඩ පැන පැන උන්නෙ ගෙම්බෙක් ලෙසිනී..

"කමක් නෑ මම මාගෙ ආදරේ නාමයෙන් මේ වතුර කදර මුහුණ දෙනව සොරි මුහුණ විතරක් නෙමෙ මුලු ඇගම දෙනව ඒත් මන් ආදරේ කලාට එයා තාම කැමතී කිව්වෙ නෑනෙ "ජංකුක්ගේ ඒකපාර්ශ්වික ආදරේ නාමෙන් ඔහු මේ සීතල දරාගැනීමට ගියත් එම ආදරය ඒකපාර්ශ්වික නිසා ඔහු පසුබට වුවත් කෙදිනක හෝ ඔහුගෙ ආදරය ජයගතිමි යැයි සිතා කට්ට කාගෙන නාන්නට විය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now