Chapter 11

591 137 77
                                    

සුන්දර දිනයක අවසානයත් සමග ටේහ්‍යුන්ග් සහ ජංකුක් මොහොතකට වෙන්ව ඔවුනොවුන්ගේ නිවෙස් බලා පිටත් වුණි...

ජංකුක් ඔහුගෙ නිවස වෙත යන විට පස්වරු හය පමණ වී ඇති අතර අවට පරිසරය ගොම්මන් ස්වරූපයක් ගෙන තිබුනි...
ජංකුක් සිය නිවසේ ගේට්ටුව අසල වාහනය නතර කර හෝන් නාද කලේ තමා නැවත පැමිණි බව ආරක්ෂකයන්ට දැන්වීමටයි කෙසේවෙතත් ඔහු පැමිණ සුලු මොහොතකින් ස්වංක්‍රීය ගේට්ටුව විවර විය...

"අන්න අන්න බන් ඕයි සර් ආවා" ජංකුක්ගේ එක් ආරක්ෂකයෙක් ජංකුක්ගේ සහයිකාවට කෑ මොර දුන් අතර ඒවන විටත් දහවලටවත් ආහාරයක් නොමැතිව ඇය සාලෙ බිමක ඔලුවට අත තියාගෙන ජංකුක් වලහෙක් ගෙනෙවී යැයි බියෙන් පසුවන්නට විය...

"කෝ බුදු අම්මෝ මේ දොර අරින්න එපා cctv නොබල හරිද අම්මො අර කැත තඩි වලහ මගේ ඇගට පැන්නොත්" සහයිකාව අනෙක් සේවකයන්ද බියට පත් කරන්නට විය..."

ජංකුක් ප්‍රධාන දොරටුවෙ සීනුව නාද කරන්නට වූ අතර එහි ශබ්දයෙන් නැවත ඇතුලත සිටි සියලු දෙනා තිගැස්සුනේ ඔවුන් වලහෙක් නිවස තුලට ඒවි යැයි චකිතයෙන් සිටි නිසාවෙනි...

CCTV පරීක්ෂා කරන්නට වූ ජංකුක්ගෙ ආරක්ෂකයන් ශබ්ද නගා සිනාසී සහයිකාව දෙස බැලුවෙ බාල්දු සහගත ලෙසය...

"මොකද තමුසෙලා හිනාවෙන්නෙ " ඇය ඇසීය

"අන්න හැංගෙනව සර් ලොකු වලහෙක් ගෙනත් ඌ මඩ නාපු එකෙක් " ආරක්ෂකයන් ඇයව බිය වැද්දුවෙ සිතා මතාමය...

"අනේ දැක්කනෙ මන් කිව්වෙ බුදු අම්මෝ" ඇය එසේ කියමින් දුවන්නට විය ඒ අතර ආරක්ෂකයන් අනෙක් සේවකයන්ට CCTV දර්ශන පෙන්වා ඔවුන්ගේ අනවශ්‍ය බිය දුරු කලේ සහයිකාවගෙ තැතිගැන්ම එලෙසටම තබමිනී..

විනාඩි කිහිපයක් බලා සිටි ජංකුක් නැවත සීනුව නාද කලේ ඉක්මනින් පිරිසිදු වී රාත්‍රී කෑම ගැනීමට උවමනා වූ නිසාවෙනි ...

ආරක්ෂකයන් දොර විවර කළහ..එහි කිසි වලහෙක් නොවුනු අතර ඔවුන්ට ජංකුක් ඉදිරියේම මහ හඩින් හිනා ගියේ පාලනයකින් තොරවය..

"මොකද යකුනේ මෙ මාව දැක්කම හිනා යනවද " ජංකුක් සිය සේවකයන්ගෙ හැසිරීම මත අසන්නට විය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now