Chapter 6

739 154 38
                                    

දිවා ආහාරය ලබාගැනීමෙන් පසුව සියල්ලම කතාබහ කරමින් සිටියේ තව සතියකින් ඔවුන් පිටත්වෙන රාජකාරිය පිළිබදවයි ....ජංකුක්ද පෙර සිටි පුද්ගලයා මෙන් අපහසුවෙන් වුවද සිනහසෙමින් අනෙක් අය සමග කතාබහ කල අතර ඔහුගේ සහයිකාවද සිය ඇදුම් පිරිසිදු කරගෙන පැමිණ සිටියාය....

"ආහ් ඔයා ආවද යමු අපි පිටත් වෙමු "ජංකුක් සිය සහයිකාවට කියා සිටියේ කලබලයෙනි කෙසේවෙතත් ඔහුට අවශ්‍ය වූයෙව් ඉක්මනින් එතැනින් පිටවීමටයි...

"ආ කුකී ඇයි කලින්ම පිටත් වෙන්නෙ ටිකක් ඉන්න අපි කට්ටියත් ඉන්නවනේ "සුගා පිටවීමට සැරසෙන ජංකුක් හට පවසා සිටි අතර අනෙක් සාමාජිකයන්ද ඔහුගෙන් ඉල්ලා සිටියහ....

"අනේ බෑ යුන්ගී මම අද ටිකක් rest කරන්න ඕනෙ "ජංකුක් එසේ කියමින් සිය bodyguard වරු සහ සහයිකාව සමග පිටවිය...

ජංකුක් ඇතුලු පිරිස පිටවන දෙස ඉතිරි සය සාමාජිකයන් බලා සිටියේ කනස්සල්ලෙනී ....

"ඇයි කුකී කලින්ම ගියේ " ජිමින් කිවුවේ දුකිනී

"ඒක නෙමෙ අර room එකේ අලුත් furnitures වගයක් දාල යමුද බලන්න " එවැනි දේවල් වලට ප්‍රිය කරන ජේ හෝප් කියා සිටියේය...

"ඔහ් හෝප් ඔයා යන්න මට නම් ඕවට වැඩි කැමැත්තක් නෑ " ජින් කීවේ අදිමදි කරමිනී කීවේය...

"අනේ මේ ගෙදර ගෙනියන්න නෙමෙ කිව්වේ යමු යමු බලන්න " ජේ හෝප් අනෙක් සාමාජිකයන්ද ජිමින්වද ඇදන් යමින් කීවේය..

"හම් ඇත්තටම ලස්සනයි නේද " rm ඒවා දෙස බලමින් කීවේය එහෙත් අනෙක් අයට එය සිනහවට කරුණක් විය...

"මොකද යකුනේ හිනා වෙන්නෙ "

"නෑ නෑ rm ඔයාට බඩු පේන්න බෑනෙ පොඩි කරනවනේ " ටේහ්‍යුන්ග් කියා සිටින්නට විය...

"හා හා so funny " rm ද සිනාසෙමින් කියන්නට විය...

මේ අතරවාරයේදීයි ජංකුක් සිය නිවස බලා පිටත් වෙමින් සිටි අතර ඔහු කිසි කතාබහක් නොමැතිව වාහනෙන් පිටත බලා කල්පනා කරන්නට විය ....

"සර් , සර් හොදින් නේද " සහයිකාව ජංකුක්ගේ දිගු නිහැඩියාව නිසා අසන්නට විය එහෙත් ඔහුට ඇයගේ හඩ ඇසුනේ නැත...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now