Chapter 21 - The end

837 147 142
                                    

අවසාන පරිච්චේදය
Last chapter

සැවොම සතුටින් සිනාසෙමින් පැරීසියේ වීථි පුරා ඒ මේ අත දුවමින් පැරීසියේ සුන්දරම ස්ථානය වන eiffel කුළුණ බලා පියනගන්නට විය...

"අපි තව දුරද " ටේහ්‍යුන්ග් අසන්නට වූයේ කාලෙකින් පයින් ගමනක් යන නිසා තෙහෙට්ටුවෙනී...

"මන් හිතන්නෙ මේ map එකට අනුව තව පොඩ්ඩ දුරයි " ජේ හෝප් එය බලමින් කියන්නට විය...

"අනේ බොගෙ දුර මන් විනාඩි දහයකට කලින් ඇහුවහම කිව්වෙත් ඕකමයි " ටේහ්‍යුන්ග් ජේ හෝප් ට බනින්න විය...

"අනේ කටවහපිය කැත වලහා " ජේ හෝප් ටේහ්‍යුන්ග් ට නැවත විහිලු කරන්නට විය...

"මේ තරහ ගන්න එපා ඔය වලහව හිම වලහෙක් වෙයි " ජංකුක් ටේහ්‍යුන්ග් ගේ කනට කොදුරමින් විහිලු කරන්නට විය...

"අනෙ යනව කැත කැලෑ හාවා " ටේහ්‍යුන්ග් සිනාසෙමින් ජංකුක්ට පැවසීය...

ඔවුන් නැවත ජායාරූප ගනිමින් කතා කරමින් ඒ මේ අත ඇවිද ඇවිද පැරීසියේ සුන්දරත්වය බලන්නට විය...

"මන් හිතන්නෙ අපි දැන් තැනට ආවා ලග නිසාමද කොහෙද කුළුණ උස නිසා අපිට පේන්නෙ නැතුව ඇති " ජේ හෝප් සිය සිතියම බලමින් කියන්නට විය...
එහෙත් ජේ හෝප් මෙතරම් වේලාවක් සියල්ලන්ව රැගෙන ඇවිත් ඇත්තේ කුණු දමන ස්ථානයකටය...

"කොහෙද මිනිහො මේ " පැවති දුර්ගන්ධය නිසා ටේහ්‍යුන්ග් මුහුණ වසමින් කියා සිටින්නට විය...

"මන් හිතන්නෙ අද සෙනග නෑ" ජේ හෝප් කියූ අතර අනෙක් සැවොටම කේන්ති ගියහ..

"ජේ හෝප් මන් හිතන්නෙ ඔයා වැරදි තැනකට අපිව එක්කන් ආවේ " ජිමින් ඉතාම සන්සුන් ලෙස පැවසීය...

"මොකක් ආ ඔ මා මාත් හිතන්නෙ " ජේ හෝප් ජිමින් කිවුව දේ පිළිගත් අතර ජංකුක් විසින් ජේ හෝප් ගේ පසුපසට පහරක් එල්ල කරන්නට විය...

"මොකද යකූ මට ගහන්නෙ "ජේ හෝප් පස්ස අතගාමින් කියන්නට විය..

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now