Chapter 9

819 148 125
                                    

"ඉතින් " ටේහ්‍යුන්ග් ජංකුක්ගේ මුහුණ දෙස බලාන කීවේ ඔවුන්ගේ අතර වූ චකිතය බිදදමමිනී...

කෝපි උගුරක් බොමින් සිටි ජංකුක් ටේහ්‍යුන්ග් දෙස බලා මදක් සිනාසුනේ තවමත් රතු වුනු කම්මුල් සහිත ලැජ්ජාශීලී මුහුණින්ය....

"මොකද කෝපි එක රහ නැද්ද" ටේහ්‍යුන්ග් ජංකුක්ගෙන් ඇසීය...

"පිස්සුද , මේක ගොඩක් රසයි" ජංකුක් කඩිනමින් කියා සිටියේ ටේහ්‍යුන්ග් ගේ හිතේ ඔහු පිළිබද කුඩා හෝ අප්‍රසාදයක් නිර්මාණය නොකෙරෙන තැනට වැඩ කිරීමටයි....

"මේ මොකද අප්පා ඔයා ලැජ්ජාවෙන් රතු වෙලා , දෙනෝදාහක් ඉස්සරහ ශර්ට් උස්සන්න ලැජ්ජ නෑ " ටේහ්‍යුන්ග් ජංකුක් දෙස බලා ඔහු සිටින ලැජ්ජාශීලී ඉරියව්වට උපහාස කලේය..

"ඒ දෙනෝ දාහ අතර ඔයා හිටියේ නෑනේ " ජංකුක් එවර උස් ස්වරයෙන් කියා සිටියේ ටේහ්‍යුන්ග් ව මෙවර ලැජ්ජාවට පත් කරමිනී..

"හරි ඒක නෙමෙ අපි ඇමෙරිකා ගිහින් මොනවද කරන්නෙ " ටේහ්‍යුන්ග් හුරතල් ලෙස ජංකුක් දෙස බලා කියා සිටින්නට විය...

" collaborate වෙලා ගෙදර එනවා" ජංකුක් ඉතා සරල ලෙස පැවසීය එහෙත් එයට නම් ටේහ්‍යුන්ග් ට මදක් තරහ ගිය අතර ඔහු තදින් ජංකුක්ගේ අතට පහරක් එල්ල කලේ ඔරවමිනී..

"ඒයි වලහා , පිස්සුද ගහන්නෙ " ජංකුක් එක්වරම ටේහ්‍යුන්ග් ගෙන් ඇසුවේය...

"ඔව් පිස්සු ඇයි " ටේහ්‍යුන්ග් හුරතල් සහ කෝපාවිෂ්ඨ ස්වරයකින් නැවත ජංකුක්ට කියා සිටි අතර ජංකුක් සිය අතේ තිබූ කෝපි කෝප්පය මේසය මත තබා ටේහ්‍යුන්ග් දෙසට හැරුනේය...

"ඇමෙරිකා ගිහින්ද ..... ඇමෙරිකා ගිහින් ලස්සන සුද්දියෙක් එක්ක යාලු වෙනව " ජංකුක් සිනාසෙමින් ටේහ්‍යුන්ග් ව තවත් කෝපයට පත් කලේ ඕනෑකමිනී..
එවර නම් ටේහ්‍යුන්ග් ගේ මුහුණ තරහින් රතු වී අත මිට මොලවා ගත්තේ ජංකුක් හට පහර දීමටයි....

"සුද්දියො එක්ක මොනාද ආහ් ??? " ටේහ්‍යුන්ග් එසේ කියමින් ජංකුක්ගේ දෙස පැන්නෙ ඔහුට තදින් පහරක් එල්ල කිරීමටය එහෙත් ජංකුක් ඔහුගේ අත් දෙකෙන් අල්ලාගෙන ඔහුගේ මුහුණ ටේහ්‍යුන්ග් ට ලන් කර ගත්තේ ටේහ්‍යුන්ග් ගේද හද ගැස්ම වැඩි කරමිනී...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now