Chapter 15

484 117 45
                                    

විවිධ වූ සිදුවීම් සිදුවුනු දිනයක් වූ එම දිනයේ ඇතැමුන් හදවත් ආදරෙන් පුරවගද්දී තවත් අය යම් යම් දේවල් නිසා බියෙන් සැකෙන් සිටියහ...

රාත්‍රී ආහාරයෙන් පසු ජංකුක් නින්දට ගිය අතර නිවසේ සියලුම සේවකයන් නින්දට ගියහ එහෙත් සහයිකාව පමණක් ඇය සතු යම් බෑගයක් සිය ඇද යටින් ගෙන එහි වූ ජායාරූප එකින් එක ඇසේ කදුලු පුරවගෙන බලන්නට විය...
ඇය සැබවින්ම බලනුයෙ කාගෙ ජායාරූප ද?

පසුදා උදෑසන විය ....ඔවුන්ගෙ ඇමෙරිකානු සංචාරයට තව ඇත්තෙ දින හතරක් පමණයි ඔවුන් ඒවනවිටත් එම ගමනට සූදානම් වී අවසන්ව තිබුනු අතර සාමාජිකයන් හත් දෙනාම taylor swift සමග එක්ව නිර්මාණයක් සිදුකිරීමට ඉතා කැමැත්තෙන් සහ උද්‍යෝගයකින් පසු විය...

"මේ මෝඩ හාවා ෆෝන් එක ගන්නෙ නෑ මන් හිතන්නෙ තාම නිදි ඇති " ටේහ්‍යුන්ග් උදෑසම ජංකුක්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටි අතර ඒවන විටත් ජංකුක් හොදින් නිදාගෙන සිටියේය....
ඒ සැනින්ම ටේහ්‍යුන්ග් ට ඔහු විසින් නොදන්න දුරකථන අංකයකින් ඇමතුමක් ලැබුනේ ඔහුවද බියට හා පුදුමයට පත් කරමිනී...
කෙසේ නමුත් ඔහු එම ඇමතුම ගත්තේය...

"හෙලෝව් " - ටේහ්‍යුන්ග්

"Hi mr.winter bear "- unknown

"කවුද මේ , ම්ම් මාව දන්නවද " - ටේහ්‍යුන්ග් ගොත ගසමින් කතා කලේ අනෙක් පාර්ශවයේ කතා කරන පුද්ගලයා ඉතා භයානක ගැඹුරු ස්වරයකින් කතා කරන නිසාවෙනි...

"කවුද ඔයාව නොදන්නෙ තව දවස් හතරකින් හම්බ වෙමුකො " එසේ කියමින් ඔහු දුරකථනය විසන්ධි කල අතර ටේහ්‍යුන්ග් ඉතාමත් බියට පත් වී සිටියේ ඔහුට කවුරුන් විසින් මේ ඇමතුම ලබා දුන්නාද යන සැකයෙනි...

ඔහු එසැනින්ම ජංකුක්ට නැවත ඇමතුවද තවමත් ජංකුක් නින්දෙහි පසු වුනු නිසා ඔහු rm ට කතා කලේ ඉක්මනින් මේ ඇමතුම ගැන පැවසීමටයි...

"මොකක් ටේ ඇත්තක්ද ඔයා මේ කියන්නෙ " rm පුදුමයෙන් අසන්නට විය..

"ඔව් rm මේ කවුරු වෙන්න පුලුවන්ද " ටේහ්‍යුන්ග් තවත් බියෙන් එසේ පවසන්නට විය...

"දන්නෑ ටේ අපි ඔය number එක trace කරමු මග නම්බර් එක එවන්න මන් big hit එකට දාන්නම් " rm එසේ පවසමින් ටේහ්‍යුන්ග් ව සනසමින් කියන්නට විය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now