Chapter 16

461 107 50
                                    

ජංකුක් , සහයිකාව සමග rm ගේ නිවස බලා පිටත් විය....

"සර් ඇයි මේ හදිස්සියේම එහෙ meeting එකක් දැම්මේ " සහයිකාව ජංකුක්ගෙන් ඇසුවෙ මෙම අනපේක්ෂිත රැස්වීම කුමකටද යන්න සිතාගත නොහැකි නිසාවෙනී...

"පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒකයි "ජංකුක් වැඩි විස්තරයක් නොකියාම එසේ කියන්නට විය...
එහෙත් සහයිකාව මොනයම් හෝ බරපතල ප්‍රශ්නයක් තිබෙන බව වැටහී තිබුනා...
ඔවුන් නියමිත වේලාවටත් ප්‍රථමව rm ගෙ නිවස වෙත පැමිනි අතර ඒ වන විටත් ජේ හෝප් , ජිමින් , ජින් සහ සුගා පැමිණ සිටියහ...ජේ හෝප් සහ ජිමින් තවමත් පෙර දිනයේ සිදු වූ දෙයට රණ්ඩු වෙමින් සිටි අතර ඔවුන් තණකොල ගොඩේ ඒ මේ අත පෙරලෙමින් ගහගන්නට විය...

"දෙයියනේ ජිමින් සර් ජේ හෝප් සර් එක්ක නයි නටනව හරි ශෝක් " ජංකුක් ගේ සහයිකාව ඔවුන් දෙස මද වේලාවක් බලා සිට කියා සිටියේ අනෙක් පිරිසද සිනාගස්සමිනී ...

"ආ ඇසිස්ටන් කෙල්ලෙ ඔයත් එන්න " ජිමින් සැබැවින්ම ජංකුක් ගේ ඇසිස්ටන් ට සිය සහොදරියක් මෙන් ආදරය කල අතර ඔහු නිතරම ඇය ගැන පිරිස සමග සාකච්ඡා කරන්නට විය...

"අනේ බෑ සර් ඌරො දෙන්නෙක් වගේ ඔයාලත් මඩ නෙ " ඇය එක එල්ලේම නැවත් සැවොම හිනස්සමින් කීවාය...

"අනෙ පල ඊරි " ජේ හෝප් ඇයට විහිලු කරන්නට විය ...

"හරි assistant ඔයා දැන් garden එකට යන්න ඔයාගෙ අනිත් assistant යාලුවොත් ඉන්නව " rm ඇයට ආරාධනා කල අතර ඇය ජේ හෝප් ට ගස්සමින් එතැනින් ගියේ ජංකුක්ටද නොනැවිත්විය හැකි සිනහවක් ලබා දෙමිනී...

"ඒක නෙමෙ කෝ ටේහ්‍යුන්ග් තාම නැ වෙනදට පරක්කු වෙන්නෙ ජංකුක් ඒත් අද ටේ " ජින් කියන්නට වූ අතර ජංකුක් එකවරම ඔහු දෙස හැරී බැලුවෙ ටේහ්‍යුන්ග් ගැන පැවසූ නිසාවෙනි..

"ආ එයා එන ගමන්ලු " ජංකුක් කලබලයෙන් පැවසුවෙ අනෙක් සැවොම ඔහු දෙස බැලීමට අවස්ථාවක් පත් කරමිනී කෙසේවෙත් ජංකුක් ගේ මෙම හැසිරීමට සැවොම පුදුම විය...
මේ අතර ජේ හෝප් සමච්චලයට මෙන් කැස්සක් පිට කල අතර ජිමින්ට සිය සිනහව නතර කරගත නොහැකි විය..
මේ අතරවාරයේ ටේහ්‍යුන්ග් පැමිණියේය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now