Chapter 20

480 105 94
                                    

ජංකුක් ගේ හිසට එල්ල වුනු තදබල පහර නිසා ජංකුක් තම හිස පිටුපස අල්ලාගෙන ඉතාම වේදනාවෙන් බිම ඇද වැටුණේය ...ඔහුගෙ වේදනාව කොතෙක් ද කිව හොත් ඔහුට කෑ මොර දීමට අවශ්‍ය වූවත් එසේ කිරීමට තරම් ශක්තියක් නොමැති විය...ඔහු බිම පතිත වන අතරෙ ඔහුගෙන් දුරකථනය උදුරාගත් ටේහ්‍යුන්ග් ගේ සහයකයා එය ක්‍රියා විරහිත කර තම කමිසයේ සාක්කුවට දාගත් අතර ජංකුක් පහරදුන් පුද්ගලයා සමග එක්ව ජංකුක්ව ඔහුගෙ කාමරය වෙත සෙමෙන් රැගෙන යන්නට විය එහෙත් ඒවන විටත් ජංකුක් ට සිහිය නොතිබිනී පසුව පහරදුන් පුද්ගලයා සහ ටේහ්‍යුන්ග් ගේ සහයකයා එක්ව ඔහුව පුටුවක තබා ගැට ගැසූ අතර ඔහුගෙ කටද බැද දමන්නට විය ...මේ මොහොතේ ටේහ්‍යුන්ග් කොහේ දැයි කවරෙකුවත් දන්නෙ නැත...බැද දැමූ ජංකුක්ව සිහිය ලබා ගැනීමට සහයකයා සහ අනෙක් පුද්ගලයා වතුර ගැසීමට සැලසුම් කර අතර ඔවුන් ලොකු වතුර පිරවූ භාජනයක් එතැනට රැගෙන ආහ...
"ඕක මුගෙ මුණට ගහපන්" ටේහ්‍යුන්ග් ගේ සහයකයා අනෙකාට අණ කලේය..ඒ අතර ඔහු ඉතා වේගයෙන් එම වතුර ජංකුක් ගේ මුහුණට ගැසුවේය...

"එපා එපා උබල කවුද මාව මරන්න එපා "ජංකුක් කෑ ගසන්නට විය...ඔහු දෑස් වසාගෙන සිටි දෑස් විවර කරන්නට විය...ඔහු වටපිට බලන්නට විය...වාසනාවට මේ සිදු වූ සියල්ල සිහිනයකි ....

"ආ දැන්ද මනුස්සයො නැගිටින්නෙ බලනව වෙලාව කීයද කියලා " ඒ ටේහ්‍යුන්ග් කඩහඩයි...

"ටේ ඔයා ඔයා මොනවද මෙතන කරන්නෙ "ජංකුක් වටපිට බලමින් පවසන්නට විය...

"මොකක් මම තමා දැන් වතුර ගහල ඔලුවට එකක් ගහල ඇහැරෙව්වේ " ටේහ්‍යුන්ග් ඔහු ඉදිරියට පැමිණෙමින් පවසන්නට විය..

"එතකොට කවුරුත් මට ගැහුවෙ නැද්ද ඔයාග්ව් ඇසිස්ටන් මාව ගැටගැහුවා නෙ " ඔහු ඔලුව අතගාමින් පවසන්නට විය...

"මොනවද මනුස්සයෝ මේ කියවන්නේ " ටේහ්‍යුන්ග් ජංකුක් දෙස පුදුමයෙන් බලමින් පවසන්නට විය...

"කවුද ටේහ්‍යුන්ග් කෑගහැවුවේ " අනෙක් සාමාජිකයන්ද ටේහ්‍යුන්ග් ගේ සහ ජංකුක් ගේ කාමරයට පැමිණියේය...

"ඔයාල මොනවද මෙහෙ කරන්නෙ මාව මරන්න ගැටැගැහුවා මෙයාගෙ ඇසිස්ටන් " ජංකුක් ආයෙත් කියන්නට විය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now