Chapter 10

700 144 41
                                    

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර ජංකුක්ගේ සහයිකාව සහ අනෙකුත් සේවකයන් තැතිගැන්මකින් සිය රාජකාරී වල නිරත විය...

ජංකුක් සහ ටේහ්‍යුන්ග් ගේ රෝමාන්තික නිමේෂයෙන් පසුව ඔවුන් වෙනත් ඇදුම් වලින් සැරසී කාමරයේ කොරිඩෝවේ අසුන් ගෙන වෙරළේ සුන්දරත්වය රස විදින්නට විය ... එහෙත් ඔවුන් සතුටින් සිටියද Rm මේ වන විටත් සහයිකාවගේ කීමට ජංකුක්ව සෙවීමට ආරක්ෂක අංශ වලටද දැනුම් දී තිබූ අතර ජංකුක් සහ ටේහ්‍යුන්ග් දෙදෙනා එකට සිටින බව ඔවුන් තවම දැන නොසිටියහ....

"මේ කුකී " ටේහ්‍යුන්ග් ලයාන්විත ලෙස වෙරළ දෙස බලමින් ජංකුක්ට පැවසීය....

"ඔව් කියන්න" ජංකුක්ද පිළිතුරු දුන්නේ ඉතාම ආදරනීය ලෙසය....

"අපිට ඉස්සරහටත් මෙහෙම එකටම ඉන්න ලැබේවිද " ටේහ්‍යුන්ග් ජංකුක් දෙස බලමින් කී අතර " ඔව් ඇයි බැරි " ලෙස ජංකුක් පැවසීය ...

"පොඩ්ඩක් ඉන්න මන් පාන්දර ඉදන්ම phone එක off කරන්නේ හිටියේ මන් ටිකක් අරන් එන්නම් " ජංකුක් ටේහ්‍යුන්ග් ගේ හිස පිරිමදිමින් කාමරයට ගියේ සිය ජංගම දුරකථනය රැගෙන ඒමටයි එහෙත් ඔහු එය ක්‍රියා කර වහාම ඔහුව තැතිගැන්මකට ලක් වුනේ missed calls 237 සහ කෙටි පණිවිඩ 1000 කට වඩා තිබුනු නිසාවෙනි....

"ටේ ටේ මේ බලන්නකෝ" ජංකුක් කලබලයෙන් එලියට පැමිනෙන ගමන් පවසා ටේහ්‍යුන්ග් ට සිය දුරකථනය පෙන්වීය...

"මො මොනවා ඉවරයි කට්ටියම හොයනව ඇති අපිව ඒත් අපි එකට කියල කවුරුත් දන්නෑනේ " ටේහ්‍යුන්ග් ද පුදුම වෙමින් පැවසූ අතර ඔහුද ඔහුගේ දුරකථනය ක්‍රියා කර අතර ජංකුක්ට ලෙසම ඔහුටද alerts ගණනාවක් විය....

"ජං ජ ජං ජංකුක් , ඔයා ඉවරයි " ටේහ්‍යුන්ග් පුදුමයෙන් සිය දුරකථනය දෙස බලා ජංකුක් දෙස බලමින් කීය....

"ඇයි " ජංකුක්ද යම් බියකින් ඇසීය...

"ඔයාගෙ අර ගොං ඇසිස්ටන් ගොසිප් සයිට්ස් වලට වෝයිස් කට් දීලා " ටේහ්‍යුන්ග් තරහින් පැවසීය....

"මො මොක් මොකක්ද එයා කියල තියෙන්නෙ" ජංකුක් එවරනම් ඉතාම බිය මුසු ස්වරයකින් වචනත් ගොත ගසමින් පැවසීය...

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now